අලි, ඇතුන් ඝාතනයන් මැඩලීමට ඉක්මන් තීරණ රැසක් ගැනේ.!- මෙන්න අද (2වෙනි දින) සාකච්ඡාවේදි ගත් තීන්දු.

පවතින වනජීවි අපරාධ මර්ධනය කිරීම හා ඇති වී ඇති අසාමාන්‍ය වන අලි මියයෑම් සම්බන්ධයෙන් නිසි පියවර ගැනීමට වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා සිදු කරන ලද දෙවන සාකච්ඡාව අද ( 11 ) උදෑසන පරිසරවේදී රුක්ෂන් ජයවර්ධන,නයනක රන්වැල්ල, ශෂිකලන රත්වහ්තේ හා මිහිඳු ෆොන්සේකා යන මහත්වරුන්ගේ සහභාගිත්වයෙන් වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්වරයා සහ වෛද්‍ය තාරක ප්‍රසාද් යන මහත්වරුන්ගේ සහභාගිත්වයෙන් පැවැත්වුණු අතර ඉකුත් දෙසැම්බර් 4 වෙනිදා පළමු සාකච්ඡාවේදී පරිසරවේදීන් විසින් ඉදිරිපත් කරන ලද යෝජනා සම්බන්ධයෙන් මේ වන විට ගන්නා ලද ක්‍රියාමාර්ග පිළිබඳව මෙහිදී සකකච්ඡාවට බඳුන් විය.

එහිදී ඉකුත් 4 වෙනිදා පරිසරවේදීන්ගේ යෝජනාවලිය පිළිබඳව නැවත අදහස් හුවමාරු කරගත්හ. මෙහිදී දිනෙන් දින ඉහල යන අලි සහ ඇතුන්ගේ ආරක්ෂාව තහවුරු කිරීම සඳහා කඩ්නම් ක්‍රියාමාර්ගයක් ලෙස,

* අලි ඇතුන් සඳහා නව තාක්ෂණයෙන් යුත් කරපටි ගෙන්වීමටත්,

* සුවිශේෂි ඇතුන් ආරක්ෂා කිරීම සම්බන්ධයෙන් දෙපාර්තමේන්තු මට්ටමින් විශේෂ කණ්ඩායම් 3 ක් පත් කිරීම.

* එම සතුන් පිළිබඳව දත්ත නිවැරැදිව එක්රැස් කිරීම.

* හොරොව්පතාන අලි රැඳවුමේ පුනුරුත්ථාපනය වී ඇති හෝ රඳවා ඇති අලින් පිළිබඳව තොරතුරු ලබා ගැනීම සඳහා පරිසරවේදීන් සහ දෙපාර්තුමේන්තු නිලධාරීන් එහි ගොස් තොරතුරු එක් රැස් කිරීම.

* හොරොව්පතාන අලි රැඳවුම තුල ආහාර සුපෝෂණය කටයුතු ක්‍රියාත්මක කිරීම.

* අලි ඝාතන අවම කිරීම සඳහා අලි ඇතුන් ගැවසෙන මානව ජනාවාස ආශ්‍රිතව විශේෂ මුර සංචාර ක්‍රියාත්මක කිරීමත් ඒ වෙනුවෙන් අවශ්‍ය භෞතික සම්පත් අදාල බීට්ටු කාර්යාල වෙත ලබාදීම.

යන කාරණා කෙරෙහි දෙපාර්තමේන්තුව එකඟ වූ අතර ඉදිරි සතියේ දී පැවැත්වීමට නියමිත රැස්වීමේ දී මෙම කරුණු සම්බන්ධයෙන් වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුව සිදුකර ඇති ප්‍රායෝගික තත්වය විමසීමට නියමිතයි. මෙම එකඟතා සියල්ල සාධනීයව සිදු නොවන්නේ නම්  බව අද දිනයේ අවබෝධ කර දුන්නෙමු.

මේ අතර ඉකුත් 4 වෙනිදා පැවති සාකච්ඡාවේදී පරිසරවේදීන්ගේ එක් යෝජනාවක් වූ දැනට හොරොව්පතාන අලි රැඳවුමෙන් වන අලීන් පැන යෑමට උත්සහ කිරීම සහ ඊට හේතූන් යනාදිය සොයා බලා වන අලීන්ගේ ආරක්ෂාව සහතික කිරීමට අවශ්‍ය පියවර ගත යුතු බව පෙන්වා දුන්නේය..ඊට සාධනීය ප්‍රතිචාර දක්වමින් වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්තුමා සහ වෛද්‍ය තාරක ප්‍රසාද් මේ වන විටත් එම සතුන්ගේ ආරක්ෂාව තහවුරු කිරීම සඳහා පියවරයන් රැසක් ගෙන ඇති බව දැනුම් දුන්නේය. එමෙන්ම මේ වන විටත් හොරොව්පතාන විශේෂ අලි රැඳවුමේ සතුන් සඳහා ආහාර ලබා දීම සඳහා මේ වනවිටත් ඊට අවශ්‍ය පියවර ගෙන ඇති බවටයි එම මහත්වරුන් සඳහන් කර සිටියේ.

මෙහිදී පරිසරවේදීන් වඩාත් අවධාරණයෙන් කියා සිටියේ මෙම සාකච්ඡාවලදී ගන්නා වූ තින්දු හා තීරණ කට වචනයට පමණක් සීමා වෙමින් තවදුරටත් වන සතුන් ගොදුරු බවට් පත්වීමට වනජීවී දෙපාර්තුමේන්තුව ඉඩ ලබා දෙන්නේ නම් ජනතාව සමග පරිපාලනයට එරෙහිව සෘජු ක්‍රියාමාර්ග ගන්න වුවත් තමන් පසුබට නොවන බවය..

එමෙන්ම මෙය වනජීවී දෙපාර්තුමේන්තුව අපහසුතාවයකට පත් කිරීමට හෝ වෙනයම් පටු අරමුණු සාක්ෂාත් කිරීම සඳහා ගෙනයන වැඩපිළිවෙලක් නොවන බවටත් මෙය සමස්ථ අපේ රටේ කතා කිරීමට නොහැකි වනජීවීන් උදෙසා පෙනී සිටිමින් කරන අරගලයක් බවත්ය.

මෙම හරිත සටනෙහි ජයග්‍රහණ තව දුර අතර මේ සටනට ශක්තියක් , සහයෝගයක් වූ සහෝදර සහෝදරියනි, මහපොළොවේ මෙම හරිත සටන යථාර්ථයක් කිරීමට කැපවෙන ධරණීය මිනිසුන් වන ඔබගේ හඬට එක් වූ ගල්ගමු ලොකු ඇතාගේ කුංචනාදය වියැකෙන්නට ඉඩ නොදෙමු ..!

 

Facebook Comments

more recommended stories

%d bloggers like this: