වෙනසකට වඩා විනාශයක් සමාජගත කරන දෙවන ඉනිමේ නොපෙනෙන හානිය මෙන්න..!

කටු අකුලේ මල් ඇහැරුන කාලය දැන් අහවර වෙලා, අපි වයසට ගිහින් දැන් පරම්පරාව මාර ඇඩ්වාන්ස් වෙලානේ කියලා මට දැනෙන්න ගත්තේ දෙවෙනි ඉනිම නාට්‍යයේ කොටස් එහෙන් මෙහෙන් ටි වී එකේ දකින්න ලැබෙනකොට… ඒ හින්දා මමත් බැලුවා… මොකක්ද මේ ඉස්කෝලේ යන ළමයි ඉන්න නාට්‍යය කියලා… මට ඒකේ ඉන්න කෙල්ලෝ ටික දැක්කම මතක් වුණේම අපි ඉස්සර ඉඉස්කෝලේ ගිය විදිය… ඒ අතින් අපි මොනතරම් ගොන් ගස් ද කියලා වෙලාවකට හිතෙනවා… හැබැයි අපිට ඒ ළමයින්ට වගේ ප්‍රශ්න තිබ්බේ නෑ…

ඉස්සරයි අදයි සන්සන්ඳනය කිරීමක් නෙවෙයි… ඒත් ඉස්සර අපිට තිබුණේ හරිම සරළ ජිවිත…
ජිවිතේ හැමදෙයක්ම එකම තැන තියෙන්නේ නෑ තමයි හැම දෙයක්ම වෙනස් වෙනවා… අපි ඉස්කොලේ ගිය කාලේ වගේ නෙවෙයි ඒවත් හුඟක් වෙනස් වෙලා… හැබැයි මේ ටි වී වල පෙන්නන තරම් නම් ඉඉස්කෝලේ සිස්ටම් එක වෙනස් වෙලා නෑ තමයි… ඒත් ඒවා විකෘති කරලා ටි වී වල පෙන්නන එකත් ඒ වගේ නාට්‍යය හදන එකත් දරාගන්න හරි අමාරුයි…

මේ නාට්‍යයයට බනිනවාවත් මේක විවේචනය කරනවාවත් නෙවෙයි ඒත් පොඩ්ඩක් බලන්න… ඔය නාට්‍යයයේ ගෑණු ළමයි ඉස්කෝලේ එන විදිය… මූණවල් ඔක්කොම මේකප් මූණවල්… ඒ මදිවට නිට් එක ශේප් කරපු අයිබ්‍රෝස්… ඇඟටම හැඩ කරලා මහපු යුනිෆෝර්ම් එක… දිගට උලට වවපු නියපොතු… පිරිමි ළමයින්ගේ ජෙල් කරලා පස්සට පීරපු දිග කොණ්ඩේ… දෙයියනේ මට උන්ව දකිද්දි මතක් වෙන්නෙම අපේ ඉස්කෝලේ හිටිය දිල්රුක් සර්ව… අහු වුණා නම් බූ ගාගෙන තමා යන්න වෙන්නේ… පාසල් ළමයෙක්ව රූපවාහිනිය තුළින් නිරූපණය වෙන්න ඕනා විදියටද සමාජයට පණිවිඩය යන්නේ…?

අපි ඉස්සර වගේම අපේ අම්මලත් තවම ආසාවෙන් බලන අඹ යාළුවෝ නාට්‍යය මට මතක් වෙනවා… ඒ එදා වුණත් ඒ නාට්‍යයේ තිබ්බ සමාජමය වටිනාකම, හරය සහ විනිවිදභාවය අද ඉස්කෝලෙ යන ළමයි වගේ ඇඳගෙන රඟපාන කෙල්ලන්ගේ කොල්ලන්ගේ තියෙනවද…? මොනවා වුණත් සුනිල්ගේ, නිමල්ගේ නපුරු වුණත් මෛත්‍රීගේ මූණවල් තිබ්බ ඒ අහිංසක හුරතල් පෙනුම අද ඔය ළමයි බලන සමල්කලාගේ දෙව්මිලාගේ අනුහස්ලාගේ තියෙනවද…? උන්ගේ මූණවල් වල බේරේන්නේ හද්ද මනමාලකම… ළමයි ඉස්කෝලේ එන මූලිකම දේ ඉගෙන ගන්න එක… ඒක අමතක කරවන දෙවෙනි ඉනිම නාට්‍යය අද ළමයින්ට උලුප්පවලා පෙන්වන්නේ ළමයි අද පාසල් යන්න ඕන කොල්ලෙක් එක්ක කෙල්ලෙක් එක්ක යාළුවෙන්න… ඉස්කෝලේ ගුරුවරුන්ව, ප්‍රින්සිපල්ව බයිට් එකට ගන්න… කොල්ලෝ කෙල්ලෝ බෙදාගන්න බැරිව දෙපැත්තකට වෙලා ඉන්න… ඇනුම් පද කියාගන්න… ඒ අතරේ ඉඩක් ලැබුණොත් මොනවා හරි ඉගෙන ගන්න… සුදු ගවුමකට පාසල් නිළ ඇඳුමකට ගෞරවයක් එකතු කරගත යුත්තේ තමන් විසින්මයි… ඒත් අද යන නාට්‍යය වලින් පාසල් සිසු සිසුවියන්ගේ මනස අමු අමුවෙ දූෂණය කරන හැටි මම මේ නාට්‍යයෙන් දැක්කා… අම්මලා තාත්තලා ඉස්කෝලේ යන ළමයින්ට මඟුල් තීන්දුත් කරලා මේක දෙයියන්ටම ඔප්පුවෙච්ච රටක් කියලා හිතෙන්නේ මේ වෙලාවට තමයි…

අපි ඉස්සර කිව්වේ ළමා ගීත… මල් පිපිලා දෙනෙත් හැරෙන විට සුවඳ හමපු ළමා කාලය දෙවෙනි ඉනිමෙන් අද ළමයින්ගේ ළමා කාලය ගඳ ගස්සලා ඔලුව මනස්ගාත වලින් පුරවන්න අද ඉස්සරහින්ම අංක එකේ ටෙලි නාට්‍යය බවට පත් වෙලා තියෙනවා…

පරණ වුණත් අපි අදටත් ආසාවෙන් බලන්නේ අඹ යාලුවෝ… ඒත් ඉස්කෝලේ සිලබස් මාරු වුණාට ඉස්කෝලේ යන ළමයා ළමයම තමයි කියලා ඔය හැමෝම මතක තියාගන්නවා තමා හොඳ… අපිට ටි වී වල යන නාට්‍යය වෙනස් කරන්න බෑ හැබැයි අපිට ඒවා නොබල ඉන්න පුළුවන් කියන එකත් මතක තියාගන්න… සුනිල් ලා නිමල්ලා වගේ සමල්කලා, දෙව්මිලා, අනුහස්ලට කවදාවත් හිතේ කොනකවත් ඉන්න බෑ ආන්නේකයි…

උපුටා ගැනීම : අන්තර්ජාලයෙනි

more recommended stories