දෙවැනි ඉනිමේ අනුහස් තමන්ගේ පෙම්වතිය ගැන කිව්ව දේ මෙන්න..!

රවීන් කියන නමට වඩා අනුහස් කියන නම් ඇහුණොත් ඕනම කෙනෙක්ට මතක් වෙන්නේ දෙවැනි ඉනිම. ඒ තරමටම අනුහස් කියන චරිතය වටා රසික හදවත් බැඳිලා ඉන්නවා. ඉතිං මේ ආදර රවීන් කියන නමට වඩා අනුහස් කියන නම් ඇහුණොත් ඕනම කෙනෙක්ට මතක් වෙන්නේ දෙවැනි ඉනිම. ඒ තරමටම අනුහස් කියන චරිතය වටා රසික හදවත් බැඳිලා ඉන්නවා.

ඉතිං මේ ආදරණීය චරිතය ගැන සතිඅන්ත පුවත්පතක තිබුණු පිළිසදරක් ඔබට ගෙන එන්න අපි හිතුවා.

දෙවැනි ඉනිමත් එක්‌ක මේ දවස්‌වල කරන අනිත් වැඩ මොනවද?
ඇත්තටම දෙවැනි ඉනිමත් එක්‌ක වෙන කිසිම දෙයක්‌ කරගන්න බැරුව හිටියේ. මොකද සංගීත කටයුතු තමයි ඊට අමතරව මම කරමින් හිටියේ. දෙයියනේ කියලා ඊයේ පෙරේදා ඒ වැඩකටයුතු ආයෙත් පටන් ගත්තා. දැන් නම් බැලන්ස්‌ එකේ කරගෙන යනවා වැඩ ටික.

ඔබේ ආර්යන්ස්‌ සංගීත කණ්‌ඩායම දැන් ජනප්‍රියයි?
ම්….. වැඩ කරගෙන යනවා ඉතිං. ගෘහස්‌ථ සංගීත ප්‍රසංග සඳහා තමයි මගේ සංගීත කණඩායම සහභාගි වෙන්නේ.

නව පරපුරේ බොහෝ දෙනෙක්‌ සංගීත කණ්‌ඩායම් පවත්වා ගෙන යනවා. සාර්ථක වෙන්න පුළුවන්ද?
ඇත්තටම මාකට්‌ බෑන්ඩ් එකක්‌ කරන්න නෙමෙයි මගේ බලාපොරොත්තුව. අර හැම තැනම ගිහිල්ලා එළිමහන් ෂෝ කරන දඩ බඩ බෑන්ඩ් එකක්‌ නෙමෙයි මේක. කොහේ හරි ඇතුළක ඉඳගෙන පුටුවක වාඩිවෙලා ඇස්‌ දෙක පියාගෙන සින්දු අහන මිනිස්‌සු ටිකක්‌ තාමත් ලංකාවේ ඉතුරුවෙලා ඉන්නවා. අන්න ඒ කට්‌ටිය වෙනුවෙන් නිර්මාණය වෙච්ච බෑන්ඩ් එකක්‌ මේක. කොටින්ම කියනවා නං ඩිෂ්ටි ඩිඩිං බෑන්ඩ් එකක්‌ නෙමෙයි මේක.

අලුත් ගී මොනවද ඔබේ රසිකයන්ට අහන්න ලැබෙන?
දෙවැනි ඉනිමේ මේ වෙද්දී සමල්කාගෙයි දෙව්මිගෙයි ගීත දෙකක්‌ යනවා. ඒ දෙන්නගේ චරිත දෙක එක්‌ක යන ගීත දෙක තියෙනවා. ඒ වගේම අනුහස්‌ගේත් ඉස්‌සරහට සිංදුවක්‌ එනවා. ඒ සිංදුව ළඟදීම දෙවැනි ඉනිම හරහා ප්‍රේක්‌ෂකයන්ට අහන්න දකින්න පුළුවන්. ඒ වගේම ඒ ගීතයෙන් පස්‌සේ තව ගීත දෙකක්‌ තුනක්‌ මගේ ආරයේ ගීත එන්න තියෙනවා. තව පුංචි දවසකින් ඒ ගීතත් අහන්න දකින්න පුළුවන්.

අලුත් ගීත රැල්ලට ගයන ගී වේවිද?
රැල්ලට අනුගත වෙන්නේ නැහැ කියලා මම තීරණය කළා. රැල්ල කොහොම වුණත් මම මගේ රැල්ල අරගෙන යනවා. මම මගේ ආත්මය විකුණන්න කැමැති නෑ. මම අකමැති දේවල් කරන්නේ නෑ. මේ ක්‌ෂේත්‍රයට කරන්න හිතාගෙන ආපු දේවල් කරනවා. ඒක ජනතාව භාරගත්තත් එකයි, නැත්නං කවදාහරි ජනතාව භාර ගන්නකන් හරි ඒක මගේ විදිහට කරනවා. මගේ ආරයේ ස්‌වාභවික ගීත කලාව නියෝජනය කරන්නයි මගේ ආසාව තියෙන්නේ.

උඩුගං බලං තනියෙන් පීනන්න පුළුවන්ද?
මෙච්චරකල් මං කිසිම දෙයක්‌ තනියෙන් කරගෙන නැහැ. මගේ වාසනාවට මුණගැහුණ කීපදෙනෙක්‌ ඉන්නවා. ඒ කට්‌ටියට තව කට්‌ටියක්‌ ඉදිරියේදී එකතු වෙනවා. ඒ මගේ වාසනාව. ඔවුන් නිසා මගේ ජීවිතේ ඉස්‌සරහට යනවා.

මේ වෙද්දී ඔබට හොඳින් අඩිතාලම වැටිලා තියෙන්නේ සංගීත ක්‌ෂේත්‍රයේ ද? එහෙමත් නැත්නම් රංගන ක්‌ෂේත්‍රයේද?
මෙහෙමයි…. මම මේ ක්‌ෂේත්‍රයට ආවේ ගායකයෙක්‌ විදිහට. ඉතිං මං හිතන්නේ සංගීතය තමයි මගේ ඇඟේ තියෙන දේ. ඒක අත හැරලා මොනවා කළත් මං හිතන්නේ නෑ මට හරියයි කියලා. මට දෙයියෝ දීලා තියෙන හොඳම දේ මං හිතන්නේ සංගීතය. ඉතිං සංගීත කටයුතු කරගෙන යන ගමන් අනිත් දේවල් කරගෙන යනවා මිසක්‌ මං කොයිම පැත්තක්‌වත් කඩන් වැටෙන්න ඉඩ තියන්නේ නෑ.

මීට කලින් රඟපාලා තියේද?
අනේ නැහැ… දෙවැනි ඉනිම තමයි පළමුවැනි රංගනය. මං එහෙම කවදාවත් රඟපාපු රඟපාන්න හිතපු කෙනෙක්‌ නෙමෙයි. මේක තමයි මම කැමරාවක්‌ ඉස්‌සරහ රඟපාපු පළමු ටෙලි නාට්‍ය.

තවත් විකාශය වෙන්න ටෙලි නාට්‍ය තියේද?
නැහැ….

මේක ඉවර වෙලා තමයි මං තවත් දෙයක්‌ ගැන හිතන්නේ. මං වැඩියෙන් කැමති සිනමාවට. මට රංගනයේ බේසික්‌ එක අඳුන ගන්න මේක මට හොඳ අවස්‌ථාවක්‌. නමුත් මෙතැනින් එහාට මම බලන්නේ සිනමාව.

මේ වෙද්දී අරාධනා ලැබිලාද?
ආරාධනා නම් දෙක තුනක්‌ම ලැබුණා. ඉතිං ඉස්‌සරහට බලමු. මං කියන චරිතයට ගැලපෙන, මට හොඳට කරන්න පුළුවන් මට හොඳට හයේ හතරේ පාරවල් ටිකක්‌ ගහන්න පුළුවන් හොඳ නිර්මාණයක්‌ ලැබුණොත් මම අනිවාර්යයෙන් ඒකට සහභාගි වෙනවා.

වේදිකාව?
හරිනං පටන් ගන්න තිබ්බේ එතැනින්. නමුත් මගේ විෂය ඒක නෙමෙයි. කොහොම වුණත් ඉස්‌සරහට අවස්‌ථාවක්‌ ලැබුණොත් ඒ දේ කරනවා. එහෙම වුණොත් සිනමාවට කලින් මං තෝරාගන්නේ වේදිකාව. මොකද වේදිකාව කියන්නේ හරිම පූජනීය තැනක්‌. වේදිකාවෙන් තමයි රංගනයට අත් පොත් තියන්නේ.

පවුලේ විස්‌තර ගැනත් කියමු නේද?
අම්මා ගුරුවරියක්‌. තාත්තා ග්‍රාම නිලධාරි කෙනෙක්‌. නංගිට ඕනේ වුණේ ගුරුවරියක්‌ වෙන්න. එයා ඒ සඳහා කටයුතු කරනවා. මල්ලි ආසාවෙන් හිටියේ මෝටර් කාර්මික ඉංජිනේරුවරයෙක්‌ වෙන්න. එයා ඒ සඳහා විදෙස්‌ රටක ඉගෙන ගන්න ගමන් රැකියාවක්‌ කරනවා.

ඔබ වෘත්තීය කලා ශිල්පියෙක්‌ද?
මම එහෙම වෙන්න කැමති නෑ. මම වෘත්තීය කරගන්න කැමැති ව්‍යාපාරයක්‌. මේ දවස්‌වල මම ඒ සඳහා මුල් අඩිතාලම දාලා හමාරයි. දැන් ඒක ඉස්‌සරහට වැඩි දියුණු කරගෙන කලාව විනෝදාංශය විදිහට කරගෙන මගේ පාඩුවේ බිස්‌නස්‌ එක කරගෙන යන්න තමයි මගේ එකම අරමුණ.

පෙම්වතිය?
ඒ ගැන තාම යමක්‌ කියන්න බැහැ.

more recommended stories