Ape Rata | අපේ රට | News Sri Lanka | Latest News Sri Lanka | Braking News Sri Lanka| Gossip Sri Lanka – අපක්ෂපාතී වාර්තාකරණයේ පෙරගමන්කරු

Latest News:

ධනංජය ද සිල්වා බටහිර ඉන්දීය කොදෙව් දූපත් බලා අද පිටත්ව යයි..!

පියාගේ අභාවය හේතුවෙන් කොදෙව් සංචාරයට කණ්ඩායම සමග පිටත්ව නොගිය ධනංජය ද සිල්වා, අද බටහිර ඉන්දීය කොදෙව් දූපත් බලා පිටත්ව යන බවට ශ්‍රි ලංකා ක්‍රිකට් ආයතනය පවසනවා.

රත්මලාන ප්‍රදේශයේ පිහිටි සිය නිවස ඉදිරිපිටදී ක්‍රිකට් ක්‍රීඩක ධනංජය ද සිල්වාගේ පියා වන නාගරික මන්ත්‍රී රංජන් ද සිල්වා මහතා ඝාතනයට ලක්වූයේ පසුගිය මස 24 වැනිදායි.

පියාගේ හදිසි අභාවය හේතුවෙන් සිය කොදෙව් සංචාරයට කණ්ඩායම සමග පිටත්ව නොයාමට තීරණය කළා.
කෙසේ වෙතත් මේ වන විට අදාළ පරීක්ෂණ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට භාරදී තිබෙනවා.

එමෙන්ම ධනංජය ද සිල්වාගේ පියාගේ රත්මලානේ පිහිටි නිවසට සතියක කාලයක් සඳහා පොලිස් ආරක්ෂාව ලබාදී ඇති බව පොලිසිය සඳහන් කළා.

ධනංජය ද සිල්වාගේ සොයුරා වන සචිත්‍ර ද සිල්වා ප්‍රකාශකර ඇත්තේ තමාට ද තර්ජන පවතින බවයි.

මේ හේතුවෙන් නිවසට ආරක්ෂාව ලබාදීමට පියවර ගෙන ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කියාසිටියේ.

එම පරීක්ෂණවලට අමතරව මිරිහාම විශේෂ අපරාධ මෙහෙයුම් ඒකකය ඇතුලුව තවත් විශේෂ ඒකක කිහිපයක් මගින් ද මෙම විමර්ශණවලට සහය ලබාදෙන බවයි පොලිසිය සඳහන් කළේ.

සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවන් දෙදෙනෙකු ද පසුගියදා අගුලාන ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත්තා.