Ape Rata | අපේ රට | News Sri Lanka | Latest News Sri Lanka | Braking News Sri Lanka| Gossip Sri Lanka – අපක්ෂපාතී වාර්තාකරණයේ පෙරගමන්කරු

Latest News:

දික්වැල්ල සහ අකිල කොදෙව් වාර්තා මකා දමමින් ඉතිහාසය අළුතින් ලියයි..!

බටහිර ඉන්දීය කොදෙව් ක්‍රිකට් සභාපතිවරයාගේ කණ්ඩායමට එරෙහිව ටි්‍රනිඩෑඞ්හි බ්‍රයන් ලාරා ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන තෙදින පුහුණු තරගයේ දෙවැනි දිනයේ පළමු ඉනිම වෙනුවෙන් පන්දුවට පහරදෙමින් සිටි ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලූ කඩුලු 7 ක් දැවී ලකුණු 390ක් ලබා සිටියි.

නොදැවී කඩුල්ලේ රැුදී සිටින නිරෝෂන් දික්වැල්ල නොදැවී ලකුණු 66ක් ලබා සිටින අතර අකිල ධනංජය සමග එක්වෙමින් 07 වැනි කඩුල්ල වෙනුවෙන් වාර්තාගත ලකුණු 72ක සම්බන්ධතාවක් පැව්තීමට සමත්විය.එය බ‍්‍රයන් ලාරා ක‍්‍රීඩංගණයේදී 07 වැනි කඩුල්ල වෙනුවෙන් පැවැත්වූ හොදම සම්බන්ධතාවය ලෙස වාර්තා විය.

දික්වැල්ලට අනගි සහයක් ලබාදෙමින් අනගි ඉනිමක් ක‍්‍රීඩා කල අකිල ධනංජය රකීම් කොර්න්වල්ගේ පන්දුවක් හමුවේ දැවී යන විට ලකුණු 30ක් ලබා සිටියේය.

කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකා කණ්ඩායමේ නායක දිනේෂ් චන්දිමාල් පළමුවෙන් පන්දුවට පහරදීමට තීරණය කළ අතර ඊයේ දිනය නිමා වන විට කඩුලු 06කට ලකුණු 318ක් ලබා සිටියේය . තරගයේ පළමු පන්දුවේදීම ආරම්භක පිතිකරු කුසල් මෙන්ඩිස් ලකුණු නොලබා දැවී යෑම නිසා ශ්‍රී ලංකා කණ්ඩායමේ ආරම්භය සාර්ථක නොවීය.

කෙසේ වුවත් සෙසු ආරම්භක පිතිකරුවා ලෙස කටයුතු කළ කුසල් පෙරේරා (65) සමග එක්ව දෙවැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 130 ක සම්බන්ධතාවක් ගොඩනැගූ දිනේෂ් චන්දිමාල් (108) ශ්‍රී ලංකා කණ්ඩායම ස්ථාවර මට්ටමකට රැගෙන ආවේය. එහිදී නායකත්වයේ ඉනිමක් ක්‍රීඩා කළ චන්දිමාල් හයේ පහර 3 ක් සහ හතරේ පහර 6 ක් සමග සිය ශතකය සම්පූර්ණ කළේ 50.00 ප්‍රහාරාත්මක වේගයක් රඳවාගනිමිනි.

රකීම් කෝන්වෝල්ගේ පන්දුවක් හමුවේ කිරන් පවෙල් අතට උඩපන්දුවක් දෙමින් කුසල් පෙරේරා දැවීයාමත් සමග ශ්‍රී ලංකා කණ්ඩායමේ දෙවැනි කඩුල්ල වෙනුවෙන් පැවැති සම්බන්ධතාව නිමාවට පත්විය. කුසල් රැස්කළ ලකුණු 65 න් 46 ක්ම හයේ පහරකින් සහ හතරේ පහර 10 කින් රැස්කළ ලකුණු විය.

කුසල්ගේ දැවී යෑමෙන් අනතුරුව ඇන්ජලෝ මැතිව්ස් (41) සමග එක්ව සිවුවැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 114 ක සම්බන්ධතාවක් ගොඩනැගීමටද චන්දිමාල් සමත් විය. රේමන් රීෆර්ගේ පන්දුවක් හමුවේ ශෙමර් බෲක්ස් අතට උඩපන්දුවක් දෙමින් චන්දිමාල් දැවීයෑමත් සමග එම සම්බන්ධතාව බිඳවැටිණ.

අර්ධ ශතකයට ලකුණු 9 ක් පසුපසින් සිටියදී රකීම් කෝන්වෝල්ගේ පන්දුවක් හමුවේ කඩුල්ල මුවාකිරීමේ වරටද හසුවීම නිසා ඇන්ජලෝ මැතිව්ස්ට පිටියෙන් ඉවත් වීමට සිදුවූ අතර ඒ වන විට ඔහුගේ ඉනිමට හතරේ පහර 6 ක් අන්තර්ගත වී තිබිණ. හතරේ පහර 5 ක් සමග ලකුණු 28 ක් ලබා සිටි රොෂේන් සිල්වා දැවී ගියේ ජොමෙල් වැරිකන්ගේ පන්දුවක් හමුවේ රකීම් කෝන්වෝල් අතට උඩපන්දුවක් දෙමිනි.