විස්සයි විස්සේ නායකත්වයත් වෙනස් වෙයි – අලුතින් නම්කරපු කෙනා මෙන්න…!

ආබාධ තත්ත්වයක් හේතුවෙන් ශ්‍රී ලංකාව හා බංග්ලාදේශය අතර පැවැත්වීමට නියමිත T20 තරඟාවලිය ඇන්ජලෝ මැතිව්ස්ට අහිමිව යන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ඊයේ (05) ප්‍රකාශ කලා. ඒ අනුව  එළඹෙන 15 සහ 18 යන දිනයන්හිදී පැවැත්වීමට නියමිත ඨ්20 තරඟාවලියේ වගකීම දිනේෂ් චන්දිමාල් වෙත පවරා තිබෙනවා.

ඇන්ජලෝ මැතිව්ස්ගේ අාබාධ තත්වය නිසා ටෙස්ට් කණ්ඩායමේ නායකත්වය දරන දිනේෂ් චන්දිමාල්ට එක්දින කණ්ඩායමේ නායකත්වය ද දැරීමට සිදුවූනා.  එසේම අද ගත් තීරණය අනුව එළඹෙන ඨ්20 තරඟය වෙනුවෙන් කණ්ඩායමේ නායකත්වය දැරීමේ වගකීමත් දිනේෂ් චන්දිමාල්ට හිමිවනවා.

පසුගිය ජනවාරි මාසයේ දී දකුණු අප්‍රිකානු කණ්ඩායමට එරෙහිව  දිනේෂ් චන්දිමාල් අවසන් වරට පන්දුවාර 20 තරගයක් සඳහා කණ්ඩායම නියෝජනය කල අතර එහිදීද මැතිවුස්ගේ ආබාධ තත්වයක් නිසා කණ්ඩායම මෙහෙයවීමට ඔහුට සිදුවුනා.

Facebook Comments

more recommended stories

%d bloggers like this: