අහසේ,පොළවේ,සාගරේ එක ලෙස දස්කම් පානා රණවිරුවන්ගේ සුපිරි යුද අභ්‍යාසය දියකාවා ඇරඹේ..! (PHOTO)

ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ සෙබලුන්ගේ දක්ෂතා දැක්වීමේ සුපිරි  යුද අභ්‍යාසයක් ලෙස සැලකෙන දියකාවා යුද අභ්‍යාසය අට වෙනි වරටත් පැවැත්වීමට නියමිතව තිබේ.
ඒ හෙට දින (14) ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ සහභාගීත්වයෙන් ත්‍රිකුණාමලය හෙරත්කණ්ඩි ප්‍රදේශයේදීය.
ජලයේ , ගොඩබිම සහ ගුවනේ යන අංශ ත්‍රිත්වයෙන්ම එක ලෙස සතුරු ප්‍රහාර වලට මුහුණු දීමේ හැකියාව ඇති ක‍රන නිසා මෙම යුද අභ්‍යාසය දියකාවා අභ්‍යාසය ලෙස හදුන්ව‍යි.

දියකාවා අභ්‍යාසයට සමගාමීව ප්‍රහාරක අභ්‍යාසයේ පෙරපුහුණුවීම්වල යෙදෙන භට පිරිස් සතුරු කඳවුරකට ප්‍රහාර එල්ල කරන අභ්‍යාසයක යෙදුන අයුරු.

ශූර වීර දස්කම් පාන මැරීන් සෙබළු දැන් අපේ රටේත්..!

ලෝ ප්‍රකට මැරීන් හොලිවුඩ් චිත්‍රපට මාලාව ඔබ බොහෝ දුරට නරඹා තිබෙනු ඇත.
එම චිත්‍රපට මාලාවෙන් පෙන්වන්නේ ඇමෙරිකා එක්සත් ජනපද හමුදාවේ ප්‍රබලතම හා දක්ෂතම බල ඛණ්ඩයක් වන මැ‍රීන් බලඝණයේ දක්ෂතාය.

අති විශේෂ පුහුණුවකින් හා දක්ෂතා වලින් සන්නද්ධ මැරීන් බලකායක් ශ්‍රී ලංකාවේද ස්ථාපිත කොට තිබේ.
ඒ අනුව ශ්‍රී ලංකා නාවික හමුදාවේ මැරීන් බලඝණයට අනුයුක්තව පුහුණුව ලැබූ නිලධාරීන් 8 දෙනෙකු සහ නාවිකයන් 144 දෙනෙකු සිය පුහුණුව නිමා කරමින් ත්‍රිකුණාමලය, සාම්පුර් හි පිහිටි මැරීන් බලඇණි මූලස්ථානයේදී විසිර ගියහ.

භූ ජල තරණ ක්‍රියාන්විතයන් සඳහා විශේෂ පුහුණුවක් ලබා ‍ඇති මෙම මැරීන් භටයන් දූපත් රාජ්‍යක් වන අප රටේ ඕනෑම වෙරළ තීරයකට ගොඩබැස සාගරයෙන් පැමිණෙන ඕනෑම සතුරු උවදුරකට සාර්ථක අයුරින් මුහුණ දීමේ නිපුණත්වයකින් යුක්ත වීම විශේෂත්වයකි.

70328-N-TU910-185
Facebook Comments

more recommended stories

%d bloggers like this: