ජංගම දුරකතනයේ දත්ත වෙනස්කර කප්පම් ගැනීම වෙනස්ම මුහුණුවරකින්…!

පරිගණක වල පැතිර ගිය පරිගණක දත්ත නැවත භාවිතා කිරීමට නොහැකි ලෙස සකස් කරන වයිරසය වෙනත් මුහුණුවරකින් මේ දිනවලදී ඇන්ඩ්‍රොයිඩ් ජංගම දුරකතවල පැතිර යන බව පරිඝණක වයිරස පිළිබඳ ජාත්‍යන්තර පර්යේෂකවරුන් පෙන්වා දෙනවා.

Double Locker  නම් රැම්සම්වෙයා වර්ගයේ මෙම වයිරසය අන්තර්ජාලය භාවිතා කරන අතරතුරදී ජංගම දුරකතවල ක්‍රියාත්මක වෙනවා. මෙහිදී ඔබගේ ජංගමදුරකතනය සතු සියළු දත්ත වෙනස් කරන අතර ඒවා නැවත ලබා ගැනීමටනම් ඔවුන්ට කප්පම් මුදලක් ගෙවීමට සිදුවනවා.

ඔබ යම්කිසි වෙබ් අඩවියකට පිවිසෙන විට එම වෙබ් අඩවිය දර්ශනය කිරීමට නොහැකි බව පවසමින් ඇඩෝබි ෆ්ලෑෂ් ප්ලේයරයේ ව්‍යාජ සංස්කරණයක් ඔබගේ දුරකතනයේ ස්ථාපනය කරන පණිවිඩයක් ලැබෙනවා.

එය භාගතකර ස්ථාපන කිරීමෙන් පසු ගූගල් සමාගමේ සේවාවන් භාවිතා කිරීමට අවසර ලබා දෙන මෙන් ඉල්ලා ඔබට තවත් පණිවිඩයක් ලැබෙනවා. එයටද ඔබ අවසර ලබා දුන්නහොත් Double Locker  නම් මෙම වයිරසය ඔබගේ ඇන්ඩ්‍රොයිඩ් ජංගම දුරකතනයේ ක්‍රියාත්මක වෙනවා.

මෙම වයිරසය ක්‍රියාත්මක වූ සැනින් ඔබේ ජංගම දුරකතයේ සියළු දත්ත පරිශීලනය කිරීමට නොහැකි තත්වයට පත් වන අතර එම අවස්ථාවේදීම ජංගම දුරකතනයේ මුරපදයද වෙනස් කරනු ලබනවා.

ඉන් අනතුරුව දුරකතනයේ ඇති දත්ත නැවත ලබා ගැනීමටනම් පැය 24 ක් තුල කප්පම් මුදලක් ගෙවන ලෙස ඔවුන් දන්වනවා. මෙම මුදල bic coin නැමති අන්තර්ජාල ගෙවීම් ක්‍රමය හරහා ගෙවීමට සිදුවන නිසා අදාල පුද්ගලයින් කවුරුන්දැයි සොයාගැනීමටද ඔබට හැකියාවක් ලැබෙන්නේ නැහැ.

එවැනි අවස්ථාවකදී මෙම කප්පම් මුදල ගෙවීම හෝ දත්ත මකා දැමීම හැර වෙනත් විකල්පයක් තවමත් සොයාගෙන නැහැ.

Facebook Comments

more recommended stories

%d bloggers like this: