Ape Rata | අපේ රට | News Sri Lanka | Latest News Sri Lanka | Braking News Sri Lanka| Gossip Sri Lanka – අපක්ෂපාතී වාර්තාකරණයේ පෙරගමන්කරු

Latest News:

අභියෝග වලට භය නෑ – මත්ජාවාරම්කරුවන්ට එරෙහි මරණ දඬුවම අනිවාර්යයි..!                 මියැදෙන්නට සිටි බලු පැටියෙකු සුවපත් කල බන්ධනාගාරයේ උතුම් මිනිස්සු..!                 ගාලු ක්‍රීඩාංගණයට කරන්න යන දේ දැක රංගන හේරත්ගෙන් සංවේදි කතාවක්..! (VIDEO)                 ලේ ලබා දී දරුවන් සහ මව්වරුන් මිලියන 2.4 කට පිහිට වූ ඕස්ට්‍රේලියානුවා                 ලංකාවෙන් ගිහින් බුකර් සම්මානය දිනා ලෝකෙන්ම එක වුණු මයිකල් ඔන්ඩාච්චි.                 රාජපක්ෂලා ගෙන් අල්ලස් ගත් බ්‍රිතාන්‍ය මන්ත්‍රී දින 30ක් ගෙදර..!!=                 විවෘත රාජ්‍ය හවුල්කාරිත්වයේ නායක හමුවට ප්‍රථම වරට අපේ රට එක්වෙමින් ජනාධිපති ලොවට කියු දේ..!                 මීගලෑව උඩු යටිකුරු කළ රටක් වටින OIC මහත්තයා (PHOTOS)                

සුරූපී ඩුබායි කුමරිය අතුරුදන් – පැහැර ගැනීමක් බවට සැකයක්..?

අතුරුදහන් වූ කුමරිය සිටින තැන පිළිබඳ තොරතුරු හෙළි කරන්නැයි ‘හියුමන් රයිට්ස් වොච්’ සංවිධානය ඩුබායි බලධාරීන්ගෙන් ඉල්ලයි.

ඩුබායි පාලකයාගේ දියණිය වන ෂෙයිඛා ලතිෆා, නිදහස් ජීවිතයක් ගතකිරීමේ අටියෙන් මාර්තු මසදී විදේශයකට පළා යාමට උත්සාහ කළ බව පැවසේ.

ඇය සිටි සුඛෝපභෝගී යාත්‍රාව ඉන්දියාවට ඔබ්බෙන් වූ මුහුදේදී අවහිර කරනු ලැබීමෙන් අනතුරුව යළි ඩුබායි වෙත හරවා යැවුණ බව සාක්ෂිකරුවෝ පවසති. ඉන් පසු ඇය පිළිබඳ තොරතුරක් ලැබී නොමැත.

නීතිමය කරුණු මත මේ සම්බන්ධයෙන් කිසිවක් ප්‍රකාශ කළ නොහැකි බව ඩුබායි බලධාරීන්ගේ ස්ථාවරය වී ඇත.

වාර්තාවලින් කියවෙන්නේ ඩුබායි පාලක ෂෙයික් මොහොමඩ් බින් රෂිඩ් අල් මක්ටුම් ගේ දියණිය වන ෂෙයිඛා ලතිෆා වෙනත් රටකට පැනයාමට තැත් දැරීමේදී පැහැරගෙන යන ලද බවකි.

සිකුරාදා (මැයි 4) විකාශනය කෙරුණු බීබීසී නිව්ස්නයිට් වැඩසටහනේ විමර්ශනයකදී පැවසුණේ, හිටපු ප්‍රංශ රහස් ඔත්තුකරුවකු හා ෆින්ලන්ත ජාතික ආත්මාරක්ෂක සටන් උපදේශකවරියකගේ සහය කුමරියට ලැබී ඇති බවය.

“කුමරිය ඉන්නා තැන හෝ ඇයගේ තත්ත්වය පිළිබඳ තොරතුරු හෙළි කිරීමට අපොහොසත් වනවා නම් එය බලහත්කාරයෙන් පැහැරගෙන යාමක් වීමට ඉඩ තිබෙනවා” යැයි නිවේදනයක් නිකුත් කරමින් හියුමන් රයිට්ස් වොච් සංවිධානය පෙන්වා දුණි.

“තමන්ගේ පවුලෙන් පනවා ඇති බාධකවලින් පැනයාමට කල්පනා කරන්නේ යැයි සිය මිතුරන්ට පවසා ඇති ෂෙයිඛා ලතිෆා මාස දෙකකින් පමණ දකින්නටවත් ඇයගෙන් කිසිවක් අසන්නටවත් නැහැ. ඇයගේ ආරක්ෂාව මෙන්ම හොඳින් සිටිනවා ද යන්න ගැන බරපතල කණස්සල්ලක් පැන නැගෙමින් පවතිනවා”

එක්සත් රාජධානිය කේන්ද්‍ර කරගත් ‘Detained in Dubai’ සංවිධානය පෙන්වා දෙන්නේ මාර්තු 4 වෙනිදා ඉන්දීය වෙරළේ සිට කිලෝමීටර 80 ක් (සැතපුම් 50ක්) ඔබ්බෙන් ෂෙයිඛා ලතිෆා නිරීක්ෂණයට ලක්වූ බවය.

බීබීසී වෙත ප්‍රකාශයක් කළ ඩුබායි බලධාරීන්, කුමරිය අතුරුදහන් වී ඇතැයි පවසන්නන්ට අපරාධ සම්බන්ධ වාර්තා ඇති බව පැවසූහ.