මුහුදු රළෙන් විදුලිය නිපදවන අනුරපුර දොස්තර මහත්තයා. (PHOTO)

මුහුදු රළ උපයෝගී කොට, විදුලිය ලබා ගැනීමේ යන්ත්‍රයක් සාර්ථකව අත්හදා බැලීමට අනුරාධපුර ශික්ෂණ රෝහලේ වැඩබලන අධ්‍යක්ෂක වෛද්‍ය දුලාන් සමරවීර මහතා සමත් වෙයි.

මුහුදු වෙරළේ සිට මීටර විස්සක් (20ම්) පමණ දුරින් මෙම විශේෂ ඇටවුම සවිකර, මුහුදු රළ මගින් ඇතිකරනු ලබන චලනය, කේබල් මගින් ගොඩබිම පිහිටි විදුලි බලාගාරයක් වෙත සම්ප්‍රේෂණය කොට එහි ඇති ඩයිනමොවක් කරකවා, චාලක ශක්තිය විද්‍යුත් ශක්තිය බවට හරවා උත්පාදනය කරනු ලබන විදුලිය, ශ්‍රී ලංකාවේ ප්‍රධාන විදුලිබල පද්ධතියට එක්කල හැකි බව වෛද්‍ය දුලාන් සමරවීර මහතා පෙන්වා දෙයි.

එම පර්යේෂණයෙන් බලාපොරොත්තු වූවාටත් වඩා සාර්ථක ප්‍රතිඵල ලබාගත් බව පවසන වෛද්‍ය දුලාන් අනුමාන කරන්නේ, මුහුදු වෙරළේ කිලෝමීටර් දහයක් (10ඛ්ම් ) තුල එවැනි යන්ත්‍ර ස්ථාපිත කළ හොත් මුළු රටටම අවශ්‍ය දෛණික විදුලිය, ජාතික විදුලිබල පද්ධතියට එකතු කරගත හැකි බවයි.

මෙම සැලසුමට සමාන යන්ත්‍රයක්  පසුගිය සතියේ අඟුලාන මුහුදු තීරයේ අටවා පර්යේෂණය සිදුකළ බව වෛද්‍යවරයා පවසයි. ඔහු වසර දෙකක් තිස්සේ  මෙම පර්යේෂණය සැලසුම් කර ඇත. අනතුරුව මාසයක් වැනි කෙටි කාලයක් තුලදී මෙම  යන්ත්‍රය නිෂ්පාදනය කර තිබේ. ඒ සඳහා මෝටර් රථ වලින් ඉවත් කරන කොටස් සහ තවත් ලෝහ දඬු කැබලි එකතුකරගෙන මෙය නිර්මාණය කර තිබේ. ඊට වැය කර ඇති මුදල රුපියල් 30,000 කි.

සමස්ත  ලෝකයම පුනර්ජනනීය බලශක්ති කෙරේ අවධානය යොමු කර ඇති යුගයක  පෙට්‍රොලෙඋම් සහ ගල් අඟුරු මගින් විදුලිය නිපදවීමේදී පරිසර ගැටලු පැන නගින බවත්, එමගින් ගෝලීය උෂ්ණත්වය ඉහළයාම හා අහිතකර කාලගුණ විපර්යාස ඇතිවීම සිදුවන බවත් වෛද්‍ය දුලාන් මහතා පෙන්වාදෙයි.. සූර්යයාගෙන් සූර්ය විදුලිය (සොලර් එනෙර්ග්ය්  ) ලබා ගැනීමද අධික වියදම් සහිත බවත්,  ජල විදුලිය නිපදවීම පුනර්ජනනීය  ක්‍රමවේදයක් වුවද එහි මූලික ඉදිකිරීම් සඳහා ස්වභාවික පරිසරය දැඩි ලෙස වෙනස් කිරීම් වලට භාජනය කිරීමෙන්, එනම් කඳු  කැපීම, ගස් ගල් කඩා ඉවත් කිරීම, උමං හෑරීම, ගංගා හරස් කිරීම වැනි විශාල වෙනස්කම් නිසා ස්වභාවික සම්පත්  ඉවත්වී සෝදාපාළු, ගිලා බැසීම්, උල්පත් සිදීයාම වැනි භූමි විනාශයන්ද, වර්ෂා පතනය වෙනස්කම්, ගංවතුර, නායයාම් සහ නියගය වැනි ස්වභාවික ආපදා වලට මුහුණ දීමට සිදුවන බවත් ඒ මහතා වැඩිදුරටත් පෙන්වදයි.

මෙම පර්යේෂණයේදී සිදුකර ඇත්තේ මුහුදු රැළි වල ඇති චාලක ශක්තිය ලීවර  මගින් යාන්ත්‍රිකව ගොඩබිමට සම්ප්‍රේෂණය කර විදුලි ජනකයක් කරකවා විදුලි ශක්තිය බවට පරිවර්තනය කිරීමයි.  මෙහි මූලික විද්‍යාත්මක  සංකල්පය මෙය වෙන අතර අඩු වියදමකින් යුතුව අප සතු තාක්ෂණය භාවිතා කර විදුලිය නිපදවා ගත හැකිය. කල් පැවැත්මකින් යුතු යන්ත්‍ර  මුහුදේ රඳවා දීර්ඝකාලීනව  විදුලිය නිපදවා ගත හැකි බව වෛද්‍ය දුලාන් පවසයි.

ශ්‍රී ලංකාව දූපතක් වන අතර කිලෝමීටර දෙදහසකට (2000 ඛ්ම් )  ආසන්න  මුහුදු තීරයක් ඊට  අයත් වෙයි.  මෙය රටේ විශාලතම ශක්ති බලාගාරයයි. මෙම පර්යේෂණයේ මුලික  සැලසුම් හා යෝජනා ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා වෙත ඉදිරිපත් කිරීමට බලාපොරොත්තුවෙන් සිටින ෛද්‍ය දුලාන් පවසන්නේ මෙම ව්‍යාපෘතිය, රජය මගින් ක්‍රියාවට   නංවන්නේ නම් ඊට අවශ්‍ය තාක්ෂණික සහයෝගය ලබාදීමට තමා  කැමැත්තෙන් සිටින බවයි. මෙම පර්යේෂකයා ෛද්‍යවරයකු වුවද තමාගේ ඉංජිනේරුමය හැකියාවන් තුලින් 2008 වසරේදී තණ කොළ මගින් ඉන්ධන නිෂ්පාදනය කිරීමේ න්ත්‍රයක් නිපදවා පටෙන්ට් පත්‍රයද බලපත්‍රය ද  ලබාගෙන ඇත. ඊට අමතරව රෝහල්වල ්ප්‍රයෝජනය  සඳහා කෘත්‍රිම ස්වසන යන්ත්‍රයක්ද නිෂ්පාදනය කර සාර්තකව අත්හදා බලා ඉදිරිපත් කර ඇත.

අනුරාධපුර – සහන් බස්නායක

Facebook Comments

more recommended stories

%d bloggers like this: