Ape Rata | අපේ රට | News Sri Lanka | Latest News Sri Lanka | Braking News Sri Lanka| Gossip Sri Lanka – අපක්ෂපාතී වාර්තාකරණයේ පෙරගමන්කරු

Latest News:

අභියෝග වලට භය නෑ – මත්ජාවාරම්කරුවන්ට එරෙහි මරණ දඬුවම අනිවාර්යයි..!                 මියැදෙන්නට සිටි බලු පැටියෙකු සුවපත් කල බන්ධනාගාරයේ උතුම් මිනිස්සු..!                 ගාලු ක්‍රීඩාංගණයට කරන්න යන දේ දැක රංගන හේරත්ගෙන් සංවේදි කතාවක්..! (VIDEO)                 ලේ ලබා දී දරුවන් සහ මව්වරුන් මිලියන 2.4 කට පිහිට වූ ඕස්ට්‍රේලියානුවා                 ලංකාවෙන් ගිහින් බුකර් සම්මානය දිනා ලෝකෙන්ම එක වුණු මයිකල් ඔන්ඩාච්චි.                 රාජපක්ෂලා ගෙන් අල්ලස් ගත් බ්‍රිතාන්‍ය මන්ත්‍රී දින 30ක් ගෙදර..!!=                 විවෘත රාජ්‍ය හවුල්කාරිත්වයේ නායක හමුවට ප්‍රථම වරට අපේ රට එක්වෙමින් ජනාධිපති ලොවට කියු දේ..!                 මීගලෑව උඩු යටිකුරු කළ රටක් වටින OIC මහත්තයා (PHOTOS)                

“ලක්ෂ පහක් යට කර වගා කළා, ඒත් විකුණ ගන්න මිලක් නෑ” -මකුළුගස්වැව එලවලු ගොවියාගෙන් අපූරූ වට්ටක්ක දන්සැල.

එලවලු මිල පහත යාම නිසා එලවලු ගොවියන් දැඩි අපහසුතාවයට ලක්වූ පුවත් පසුගිය දිනවල වාර්තා වුනා. විශේෂයෙන්ම වෙලදපොළේ වැසිකිලියට යාමට රුපියල් 20ක් සොයා ගැනීමට වට්ටක්කා ගෙඩි 5ක් විකිණීමට සිදුවු පුවතක්ද ඇසීමට ලැබුනා.

මේ අතර උතුම් වෙසක් පොහෝ දිනය යෙදුනු ඊයේ දිනයේ එලවලු ගොවියෙක් ලබා දුන් අපූරූ දන්සැලක් පිළිබදව වාර්තා වෙනවා.

වෙසක් පුර පසලොස්වක පොහොය දිනය වෙනුවෙන් ගලේවෙල මකුළුගස්වැව ප‍්‍රදේශයේ ගොවියෙකු ඊයේ දින (29) වට්ටක්කා දන්සලක් ලබාදී තිබෙනවා. ඒ ගලේවෙල – කලාවැව ප‍්‍රධාන මාර්ගයේ මකුළුගස්වැව මංසන්දියේදීයි.

අක්කර 5ක භූමි ප‍්‍රදේශයක් තුළ වගාකර තිබූ වට්ටක්කා අස්වැන්න ඔහු විසින් මෙලෙස බෙදා දී ඇති බවයි සදහන් වන්නේ. රුපියල් ලක්ෂ 5ක මුදලක් වැයකොට තමන් මෙම වට්ටක්කා වගාව සිදුකලද නිසි මිළකට අලෙවි නොවීම හේතුවෙන් මෙලෙස සිය අස්වැන්න වන්දනාවේ පැමිණෙන ජනතාවට බෙදාදුන් බව ඔහු මාධ්‍යයට පවසා තිබුනා.