Ape Rata | අපේ රට | News Sri Lanka | Latest News Sri Lanka | Braking News Sri Lanka| Gossip Sri Lanka – අපක්ෂපාතී වාර්තාකරණයේ පෙරගමන්කරු

Latest News:

අභියෝග වලට භය නෑ – මත්ජාවාරම්කරුවන්ට එරෙහි මරණ දඬුවම අනිවාර්යයි..!                 මියැදෙන්නට සිටි බලු පැටියෙකු සුවපත් කල බන්ධනාගාරයේ උතුම් මිනිස්සු..!                 ගාලු ක්‍රීඩාංගණයට කරන්න යන දේ දැක රංගන හේරත්ගෙන් සංවේදි කතාවක්..! (VIDEO)                 ලේ ලබා දී දරුවන් සහ මව්වරුන් මිලියන 2.4 කට පිහිට වූ ඕස්ට්‍රේලියානුවා                 ලංකාවෙන් ගිහින් බුකර් සම්මානය දිනා ලෝකෙන්ම එක වුණු මයිකල් ඔන්ඩාච්චි.                 රාජපක්ෂලා ගෙන් අල්ලස් ගත් බ්‍රිතාන්‍ය මන්ත්‍රී දින 30ක් ගෙදර..!!=                 විවෘත රාජ්‍ය හවුල්කාරිත්වයේ නායක හමුවට ප්‍රථම වරට අපේ රට එක්වෙමින් ජනාධිපති ලොවට කියු දේ..!                 මීගලෑව උඩු යටිකුරු කළ රටක් වටින OIC මහත්තයා (PHOTOS)                

ලකුණු 481යි – එක්දින ක්‍රිකට් පොතේ නව පිටුවක් පෙරළමින් එංගලන්තයෙන් ලෝක වාර්තාවක්..! (VIDEO)

ලෝක එක්දින ක්‍රිකට් පිටියේ කණ්ඩායමක් රැස් කළ වැඩිම ලකුණු සංඛ්‍යාව රැස් කිරීමට එංගලන්ත කණ්ඩායම මීට සුළු මොහෙතකට පෙර සමත් විය.

ඒ ඕස්ට්‍රේලියානු කණ්ඩායමට එරෙහිව කඩුලු 6කට ලකුණු 481ක් ලබාගනිමින්. 2016 වසරේදී පාකිස්ථානු කණ්ඩායමට එරෙහිව ලකුණු 444ක් රැස්කරමින් ඔවුන් විසින්ම තබා පිහිටුවා තිබූ වාර්තාවක් පසු කර යමිනි.

මෙහිදී එංගලන්ත කණ්ඩායමේ පිතිකරුවන් දෙදෙනෙක් වේගවත් ශතක දෙකක් රැස්කළ අතර,කඩුලු රකින ක්‍රීඩක ජොනී බෙයාර්ස්ටෝ පන්දු 92කදී ලකුණු 139ක්ද,ඇලෙක්ස් හේල්ස් පන්දු 92කදී ලකුණු 147ක්ද ලබා ගත්තේය.

නායක ඔයින් මෝගන්ද පන්දු 30කින් ලකුණු 67ක් රැස් කරමින් එංගලන්ත ඉනිම ශක්තිමත් කළේය.ඕස්ට්‍රේලියානු පන්දු යවන්නන් එරෙහිව දැවැන්ත ප්‍රහාරයක් එල්ල කළ එංගලන්ත ඉනිම හතරේ පහර 41ද හයේ පහර 21කින් වර්ණවත් විය.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කරන ඕස්ට්‍රේලියානු කණ්ඩායම මේ වන විට එක් කඩුල්ලක් දැවී ලකුණු 58 ක් ලබා සිටියි.