සොබා දහමේ තවත් වටිනා උරුමයක් වනසන හැටි මෙන්න..! (PHOTOS)

පැඩ්නා නොහොත්  ෆැට්නා යනු සුන්දර සිංහරාජයට හිමිකම් කියන දෙනියාය නගරයේ තරමක් දුෂ්කර පෙදෙසක පිහිටා තිබෙන එනසාල්වත්ත වතු යායට අයත් බිම් තීරයකි. දකුණු පලාතේ සාමාන්‍ය භූමි පිහිටීම් වලින් ඔබ්බට ගිය තරමක් මද්‍යම කඳුකරයට නෑකම් කියන මෙය තවමත් විදේශීය සංචාරකයන්ගේ ආකර්ෂණයට ලක් වී නැතත් දේශීය තරුණ පිරිස් නිතර රැස් වන තැනක් බවට පත්ව ඇත.

දුකට කරණය නම් බොහෝ පිරිස් මෙහි රැස් වන්නේ “පොඩි අඩියක් ගසා ආතල් එකක් ගැනීමටය”. ඒ පමණක් නොව බෝතල් කටු, යට ඇඳුම්, පොලිතින් මේ කඳු යායට තිලිණ කර යාමටද ඔවුන් දෙවරක් නොසිතන බව එතැනට යන ඕනෑම කෙනෙකුට තේරුම් ගත හැක. ඒ නිසා අවසානයේ මෙසේ ලියා තබමි, ” කවුරු කොහොම කිව්වත් ලංකාව නවසීලන්තයට ස්විස්ටර්ලන්තයට වඩා සුන්දරය, ඒ ගැන තර්කයක් නැත, නමුත් තවත් අවුරුදු 10කින් ලංකාව ඉංදියාවට, සහරා කාන්තාරයට වඩා අන්ත වනු ඇත, එයත් නොරහසකි.”

ෆැට්නා කියලා කියන්නෙ සුන්දර සිංහරාජයට හිමිකම් කියන මාතර දිස්ත්‍රික්කයේ දෙනියාය නගරයේ තරමක් දුෂ්කර පෙදෙසක පිහිටා තිබෙන බිම් තීරයක්.

දකුණු පළාතත් සබරගමුව පළාතත් වෙන්කෙරෙන මායිමට ආසන්නව මෙම ප්‍රදේශය පිහිටා තිබෙන නිසා මෙහි භූමි ලක්ෂණ බොහෝ දුරට මද්‍යම කඳුකරයට නෑකම් කියනවා.තවමත් මෙම ප්‍රදේශය විදෙස් සංචාරකයන්ගේ ආකර්ෂණයට ලක් නොවුන්ත් දේශීය තරුණ තරුණියන්ගේ විනෝදාත්මක පාරාදීසයක් බවට පත්ව තිබෙනවා.

කොහොම වුනත් වර්තමානය වෙද්දි මේ සුන්දර පරිසරය බොහෝ දෙනා අතින් දූෂණයට ලක්වෙන බව නොරහසක්.මත්ද්‍රව්‍ය පානය කර එම බෝතල් මෙන්ම පොලිතීන් එහි දමා ගොස් තිබෙන ආකාරය එහි යන ඕනෑම කෙනෙකුට දැකගන්නට පුළුවන්.

Facebook Comments

more recommended stories

%d bloggers like this: