අපේ රටටම ආඩම්බරයක් ගෙන එමින් ලෝක පාපන්දු කුසලානය මව්බිමට..! (PHOTO)

ලොව ජනප්‍රියතම ක්‍රීඩාව පාපන්දු ක්‍රීඩාවයි. ලොව පුරා රසිකයන් බිලියන ගණනක් ආදරය කරනා පාපන්දු ක්‍රීඩාවේ මෞලි මංගල්‍යය වන්නේ පාපන්දු ලෝක කුසලානයයි. පාපන්දු රසිකයන් අතර උන්මාදයක් සේ පැතිර යන පාපන්දු ලෝක කුසලාන උණුසුම ලෝක ආර්ථිකයට පවා  බලපාන බව සදහන්.

මෙවර පාපන්දු ලෝක කුසලානය රුසියාවේ පැවැත්වීමට නියමිතයි.එලෙසින් ලොව ජනප්‍රියතම සහ විශාලතම රසික පිරිසක් හිමි  2018 වසරේ රුසියාවේ දී පැවැත්වීමට නියමිත ලෝක පාපන්දු තරගාවලියේ කුසලානය ලොව පුරා ක්‍රීඩා ලෝලීන්ට දැකබලා ගැනීම සඳහා රටවල් 54 ක සංචාරය කරයි. සිය රටට පාපන්දු ලෝක කුසලානය පැමිණීම බොහෝ රටවල ජනතාවට ආශ්වාදයක් වන අතර පාපන්දු ලෝක කුසලානය දැක බලා ගැනීමට ජනතාව වැල නොකැඩි පැමිණේ.

මේ අතර 2018 ලෝක කුසලානය ලොව පුරා සිදු කරන සංචාරයේ , පැමිණෙන ප්‍රථම රට ලෙස ශ්‍රී ලංකාව තෝරාගෙන තිබීම විශේෂත්වයකි. ඒ අනුව පාපන්දු ලෝක කුසලානය අද පස්වරුවේ ශ්‍රී ලංකාවට ප්‍රදර්ශනය සදහා ගෙන ඒමට නියමිතය.

පාපන්දු ලෝක කුසලානය ප්‍රවාහනයට විශේෂිත ගුවන් යානාවක් වෙන් කර තිබෙන අතර , අද පස්වරුවෙ එම ගුවන් යානයෙන් ලෝක කුසලානය ශ්‍රී ලංකාවට ගෙන එනු ඇති.  ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් අද රාත්‍රියේ කුසලානය මහ ජනතාවට ප්‍රදර්ශනය කිරීම නිල වශයෙන් සිදු කරන අතර, හෙට එය මහජනතාවගේ දැක ගැනීම වෙනුවෙන් බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශයේ තබනු ඇතී.

ලොව පුරා බිලියන ගණනක් ජනතාව පූජනීය අයුරින් සලකන පාපන්දු ලෝක කුසලානය මෙරටට රැගෙන ඒම , ශ්‍රී ලංකාවට විශාල ප්‍රසිද්ධියක් මෙන්ම , පාපන්දු ලෝක කුසලානය දැක ගැනීමට මෙරට ජනතාවට අවස්‍තාවක් වනු ඇත.

 

Facebook Comments

more recommended stories

%d bloggers like this: