ඇඟිලි සලකුණු යන්ත්‍ර ඉවතට – හෙද වර්ජනය අවසන්

ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ හෙද හෙදියන් දින 10ක් පුරා ක්‍රියාත්මක කළ වැඩ වර්ජනය අද(12) අවසන් කෙරිණි.

රාජකාරී වේලාව සටහන් කිරීම සඳහා ඇඟිලි සලකුණු යන්ත්‍ර භාවිත කිරීමේ නීතිය ඉවත්කර ගැනීමට රෝහල් පාලනාධිකාරිය එකඟතාවය පළ කිරීම නිසා වර්ජනය අත්හිටවූ බව සමස්ත ලංකා ‍හෙද සංගමයේ ජාතික සංවිධායක එච්.එම්.එස්.බී මැදිවත්ත පැවසීය.

වෘත්තීය සමිති නායකයින් හා පාලනාධිකාරිය පැවැත්වූ සාකච්ඡාවකින් පසු එම තීරණයට පැමිණි බවද ඔහු කීය.

ඒ අනුව ජයවර්ධනපුර රෝහලේ හෙද හෙදියෝ අද පස්වරු 4පමණ සිට යළි සිය රාජකාරියේ නිරතවූ බව ඔහු කියා සිටියේය.

“ඕනේ ඕනේ වෙලාවට, එන්න” යන්න ජ‘පුර,කොළඹ හෙද හෙදියෝ ඇඟිලි සලකුණු එපා කියති..!

ඇගිලි සලකුණු යන්ත්‍ර භාවිතයට විරෝධය පළකරමින් ජයවර්ධනපුර රෝහලේ හෙද හෙදියෝ පසුගිය 4 වෙනිදා ජයවර්ධනපුර රෝහල ඉදිරිපිට දී උද්ඝෝෂණයක නිරත ආරම්භ කලෝය.

ජයවර්ධනපුර රෝහලේ සේවය කරන හෙද හෙදියන්ගේ පැමිණීම හා පිටව යාම සටහන් කිරීම සඳහා මෙතෙක් පැවති අත්සන් තැබීම වෙනුවට ඇගිලි සලකුණු යන්ත්‍ර භාවිතා කිරීමට රෝහල් පාලනාධිකාරිය තීරණය කර ඇති අතරඑයට විරෝධය පළ කරමින් එසේ උද්ඝෝෂණය කළහ.

මේ අතර ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ හෙද නිලධාරීන් ආරම්භ කළ වර්ජනයට සහය පලකිරීම සඳහා ජාතික රෝහලේ සහ අක්ෂි රෝහලේ හෙද නිලධාරීන් අද (11) ලෙඩ නිවාඩු දැමීමේ වෘත්තීය ක්‍රියා මාර්ගයක නිරතවීමට තීරණය කළ බව රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමයේ සභාපති මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියෝ පැවසුහ.

ඇගිලි සටහන් වේලා යන්ත්‍රයක් සවි කිරීමට යාමෙන් මෙම වෘත්තීය ක්‍රියාමාර්ගය ශ්‍රී ජයවර්ධනපුර රෝහලෙන් ආරම්භ වූ වර්ජනය නිසා මේ වනවිට ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ වැඩකටයුතු අඩපණ වී ඇති බව රෝහල් අධ්‍යක්‍ෂ සුසිත් සේනාරත්න මහතා පැවසීය.

රාජකාරියට පැමිණීමේදී සහ පිටව යාමේදී වේලාව සටහන් කිරීමට ඇඟිලි සලකුණු යන්ත්‍ර භාවිත කිරීමේ යෝජනාවට විරෝධය දක්වමින් කොළඹ ජාතික රෝහලේ හෙද හෙදියෝහ,අද සංකේත වර්ජනයක නිරත වීමට තීරණය කර ඇත.

කොළඹ ජාතික රෝහල, ඇස් රෝහල සහ කොළඹ දන්තායතනය යන ආයතනවලද හෙද හෙදියන් මෙම වර්ජනයට එක්වීමට නියමිතය.

රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමය සහ සමස්ත ලංකා හෙද සංගමයට අයත් හෙද හෙදියෝ එම සංකේත වර්ජනයට සහභාගී වන බවද සමස්ත ලංකා හෙද සංගමයේ ජාතික සංවිධායක එච්.එම්.එස්.බී.මැදිවත්ත පැවසීය.

Facebook Comments

more recommended stories

%d bloggers like this: