සාරි අඳින අයගේ ප‍්‍රසිද්ධ ගැටලූවට විසඳුම මෙන්න..!

දිනපතා සාරියෙන් හෝ ඔසරියෙන් සැරසී රැුකියාවට යන කාන්තාවන්ට ඇතිවන ගැටලූවක් ගැනයි අපි මේ කියන්න යන්නේ. හැට්ටයේ අත් අවසන් වන තැන සිට පහළටත්, පිට ප‍්‍රදේශයේ හැට්ට කරෙන් පිටත කොටසත් වියළි බවක් හා පැල්ලම් ගැසුනු ස්වභාවයක් දකින්නට ලැබෙනවා. එසේ සිදුවන්නේ දිනපතා එම ප‍්‍රදේශ හිරු එළියට නිරාවරණය වීම නිසයි.

එවැනි විටෙක ස්ක‍්‍රබ් එකක් දමා පිට ප‍්‍රදේශය හා අත් ස්ක‍්‍රබ් කිරීමට පුළුවනි. නිතරම අව්වේ යන විට කුඩයක් ඉහළාගෙන යාමටත් මතක තබා ගන්න. ස්ක‍්‍රබ් කිරීම මගින් මැරුණ හා වියළි හම ඉවත් වූ විට නැවත පැහැපත් පෙනුමක් ලැබෙනවා. එය රැුකගැනීමයි කළ යුතු වන්නේ. ගෙදරදී මේ ස්ක‍්‍රබ් එක අත් හදා බලන්න ඔබට පුළුවනි.

බිත්තර කහ මද 1/2
කඩල පිටි තේ හැඳි 1
මී පැණි තේ හැඳී 1
දෙහි යුෂ තේ හැඳි 1
වෙනිවැල් කුඩු මේස හැඳි 1

මේ ආලේපනය පැය බාගයක් පමණ සමේ ගල්වා තබා ජලයෙන් සෝදද්දී කවාකාරව අතුල්ලමින් සෝදන්න. මැරුණු සම ඉවත් වෙනවා වගේම සමට පැහැපත්බව නැවත ලැබෙනවා.

වියළි සමට ෆේස් පැක් එකක්

බිත්තර කහ මද 1/2
කිරි තේ හැඳි 1
රෝස වතුර තේ හැදි 1
දෙහි යුෂ බිංදු 2
මෙය හොඳින් මිශ‍්‍ර කර මුහුණේ තවරා පැය 1/2ක් තබන්න. කිරිවලින් මෙය පිහදා ඉවත් කරන්න. ඉන්පසු ජලයෙන් සෝදන්න. ස්වභාවික දෙයින් කරන සත්කාරවලට වැඩි වේලාවක් ගැනීමට සිදුවෙනවා. එයට හේතුව මේවා උරා ගැනීමට මද වේලාවක් ගත වීමයි. ඒ වගේම ස්වාභාවික දේ නිසා ඉන් සමට හානියක් වන්නේත් නැහැ.

ඇස් යට කළුවීම

රූපලාවන්‍ය ගැන සිතන අයට ඇතිවන තවත් ගැටලූවක් තමයි ඇස් යට කළුවීම. දැන් දැන් බොහෝ තරුණ වියේ සිටින අයට පවා මෙය ගැටලූවක් වී තිබෙනවා. මානසික ගැටලූ, නින්ද නොමැති වීම, වෙහෙස ආදී දේ නිසා ඉතා ඉක්මනින් දෑස වෙහෙසට පත්වෙනවා. මේ වෙහෙස වඩාත් හොඳින් පෙන්වන්නේ ඇස් යට කළු පැහැය ඇති කරමින්.
ඇස් යට කළු වීම නිවසේදීම වළක්වා ගන්නට පුළුවන්. අලගෙඩියක් සිහින් වෙන්න ගාගෙන එය දෑස මත තබාගෙන විවේකීව විනාඩි 15 ක් පමණ තියලා ඉවත් කරන්න. ඉන් දෑසට විශාල සිසිලක් ගෙන එනවා.  ඒ වගේම පිපිඤ්ඤා සිහින් වෙන්න ගාගෙන දෑස මත තබාගෙන සිටින්න පුළුවන්. මෙය දිනපතාම උවත් කිරීමේ වරදක් නෑ. දෑසේ වෙහෙස බව මෙයින් ඉවත් වෙනවා.

සඳමාලි වර්ණසූරිය.

Facebook Comments

more recommended stories

%d bloggers like this: