ගල්ගමුවේ ඒකදන්ත ආයෙත් හොරොව්පතාන අලි රැඳවුමෙන් පැනයයි..!

පසුගිය දිනක ගල්ගමුව ප්‍රදේශයෙන් අල්වා හොරොව්පතාන අලි රැඳවුමට ගෙනගොස් දැමූ ගල්ගමුවේ ඒකදන්ත හස්තියා අද අළුයම හොරොව්පතාන අලි රැදවුමෙන් එළියට පැමිණ ඇති අතර ඔහුගේ සුපුරුදු නවාතැන වූ ගල්ගමුවට නැවත පැමිණෙනු ඇත.

අලි ඇතුන් අල්ලා ඉවත්කිරීම ඉතා අවිද්‍යාත්මක ක්‍රමවේදයක් බව අප පුන පුනා ප්‍රකාශ කර සිටියත් විෂයභාර ඇමතිවරයාගේ නියෝගයෙන් මෙම ඇතා ඇල්ලීමට යෙදුණි . පසුව ඉමහත් පරිශ්‍රමයක් දරා මෙම ඇතාට කරපටියක් සවිකළ අතර අලි ඇතුන් සඳහා කරපටි සවි කිරීම විදිමත් නොවන බවත් පවසා සමහර පුද්ගලයන් විසින් අපවද දෝෂදර්ශනයට ලක් කෙරුණි .අවසානයේ දී අප පැවසූ සියල්ල සත්‍යය වෙමින් පවතී. ඇතාට සවිකර ඇති කරපටිය නිසා ඇතාගේ ගමන් මාර්ගය පිළිබඳව අවබෝධයක් ලබාගත හැකි අතර, එම ගමන් මාර්ගයේ ජනතාව දැනුවත් කර ඇතාටද, මිනිසුන්ට ද ආරක්ෂිත පරිසරයක් නිර්මාණය කර දිය හැක.

ඇතා නැවත ගල්ගමුවට පැමිණීමෙන් පසු ඔහුගේ හැසිරීම් නිරීක්ෂණය කිරීමටත්, එම දත්ත මගින් ගම්වැසියන් දැනුවත් කරමින් විශේෂිත ආරක්ෂිත වැඩපිළිවෙළක් සැකසීමටත් වනජීවි දෙපාර්තමේන්තුවට හැකියාව ලැබේ. එමගින් ගල්ගමුව කේන්ද්‍ර කර සංරක්ෂණ වැඩපිළිවෙළක් සැකසීම දෙපාර්තමේන්තුවේ කාර්යභාරයකි. මෙම අලි ඇතුන් සඳහා කරපටි සවි කිරීම පිළිබඳව දෙපාර්තමේන්තුව හා කල සාකච්ඡා වලදී එම තොරතුරු දෙපාර්තමේන්තුව වෙත ලබාදීම පමණක් අප සිදු කළෙමු. ඒවා ගෙන්වීම හා සවි කිරීම පවතින දෙපාර්තමේන්තු යාන්ත්‍රණය තුල සිදුවෙනු ඇත. කිසිවක් පිළිබඳව නිවැරැදි අවබෝධයක් රහිතව , අප පිළිබඳව විවේචන දෝෂාරෝපණ එල්ල කල සැමටත් ස්තූතියි . අපගේ එකම අරමුණ අලි ඇතුන් හා මිනිසුන් එක්ව සම්පත් පරිභෝජනය කරනා ජෛව විවිධත්වයෙන් අනූන සුන්දර පරිසර පද්ධතියක් නිර්මාණය කිරීම පමණි.

පසුගිය 17 වෙනිදා අල්ලපු “ගල්ගමුවේ ඒකදන්ත” කලින් දෙපාරක් කලින් ඇල්ලුවා.
සෝමාවතියට ගිහිං දැම්මා නැවත කිලෝමීටර 243 ක් ගෙවාගෙන ගල්ගමුවට ආවා.
ඊට පස්සේ හොරොව්පතානට ගිහිං දැම්මා ගාල කඩාගෙන නැවත කිලෝමීටර 112 ක් ගෙවාගෙන ගල්ගමුවට ආවා
දැං ආයෙමත් හොරොව්පතානට ගිහිං දැම්මා.
කල්පනා කරන්න පුළුවන් ඕනෙම කෙනෙකුට තේරෙනවා මේ ඇතාගේ නිත්‍ය වාසස්ථානය ගල්ගමුව බව. එතකොට මේ ඇතා සම්බන්ධයෙන් ඇතිවෙලා තියෙන ගැටලුව විසඳන්න ඕනෙ ගල්ගමුව කේන්ද්‍ර කරගෙන බව නැවත නැවත ඔප්පු වුනා.

අනිත් වැදගත්ම කාරණය වෙන්නේ දැන් හොරොව්පතානේ සිට එන ඒක දන්තව රැක ගැනීම සහ ඒකදන්තගේ නිත්‍යවාස භූමිය වන ගල්ගමුව කේන්ද්‍රකොටගෙන ඒක දන්ත සහ අනෙකුත් අලි,ඇතුන් සුරැකීම සදහා නිවරැදි අලි ප්‍රතිපත්තියක් සැකසිය යුතුය..

Facebook Comments

more recommended stories

%d bloggers like this: