ගැස්‌ට්‍රයිටිස්‌ නසන අළු පුහුල් හකුරු ඖෂධය ගැන මෙන්න..!

සාමාන්‍ය ව්‍යවහාරය තුළ අපි කවුරුත් බඩේ දැවිල්ල ලෙස හදුන්වන්නේ ගැස්‌ට්‍රයිටිස්‌ රෝග තත්ත්වයයි. මෙය ආමාශයේ ආසාදන තත්ත්වයකි. අප මුඛයෙන් ලබා ගන්නා ආහාර දිරවීම සඳහා ආමාශය මගින් හයිඩ්‍රොක්ලෝරික් අම්ලය ස‍්‍රාවය කරනු ලබයි. මෙම හයිඩ්‍රොක්ලෝරික් අම්ලය ආමාශ බිත්තියට ඇති කළ හැකි අහිතකර බලපෑම් අඩු කිරීම සඳහා ආමාශ බිත්තිය ඇතුළතින් ශ්ලේෂ්මල පටලය නමැති ආවරණ පටලයක් ඇත. ඇතැම් තත්ත්ව නිසා ශ්ලේෂ්මල පටලයට හානි විය හැකි අතර එසේ වූ විට ශ්ලේෂ්මල පටලයෙන් සිදුවන ආරක්ෂිත කි‍්‍රයාව අඩුවී හයිඩ්‍රොක්ලෝරික් ආමාශ බිත්තියේ සිදුකරන ලබන ආසාදන තත්ත්වයට ගැස්ට‍්‍රයිටිස් කියනු ලැබේ.

ගැස්‌ට්‍රයිටිස්‌ රෝගය ගැන කතා කිරීමේදී එම රෝගයට බලපාන කාරණාවන් හඳුනා ගැනීම වැදගත්වේ. කොතරම් රෝගයට ප්‍රතිකාර කළද නිසි සුවය සඳහා රෝගයට බලපාන කාරණාවලින් ඉවත්වීම කළ යුතුය. අප ගන්නා ආහාර සහ ආහාර ගන්නා අවස්‌ථාවල තිබෙනා වැරදි පිළිවෙත් මෙම රෝගයට මූලිකම හේතුන් වේ. බඩගින්නේ සිටීම , වේලාවට ආහාර නොගැනීම, ගැස්‌ට්‍රයිටිස්‌ ඇතිවීමට ප්‍රධාන හේතුන් වේ. තෙල් අධික ආහාර ගැනීම , ඇඹුල් අධික ආහාර ගැනීම, චයිනීස්‌අ ආහාර නිතර නිතර ගැනීමත් මෙම රෝගයට හේතුකාරක වේ. ඊට අමතරව සිගරට්‌ ,මත්පැන්, බුලත්විට , චුයින්ගම් යන ඒවාත් ගැස්‌ට්‍රයිටිස්‌ රෝගය ඇති කරවන්නට හේතුවේ. මේ සියළු දෙයින්ම පරෙස්‌සම් වුවත් මානසික ආතතිය නිසාත් ගැස්‌ට්‍රයිටිස්‌ ඇතිවේ.

ගැස්ට්‍රයිටිස් රෝග ලක්ෂණ

උදරයේ ඉහල කොටසේ වේදනාව, නැත්නම් දැවිල්ල, ඔක්කාරය හෝ වමනය, බඩ පුරවා දැමීම, කෑම අප්‍රියතාව, නිතර උගුරට ඒම, පපුව පෙදෙසේ දැවිල්ල (බඩ පපුව දැවිල්ල) , මස්පිඬු වේදනාව.

වෛද්‍ය චාන්දනී වික්‍රමාරච්චි – ඔබ දන්නවා අප කරන්නේ දේශීය වෙදකම සහ ආයුර්වේද වෙදකම යන දෙකම ආශ්‍රයෙන් සකසා ගත් ප්‍රතිකාර ක්‍රමයක්‌.

ඒ අතර ගැස්‌ට්‍රයිටිස්‌ හෙවත් අම්ල පිත්ත රෝගයට අප ප්‍රතිකාර කරන්නේ ස්‌ථිර වශයෙන් ම දේශීය වෛද්‍ය ක්‍රමයට අනුකූලවයි.

ප්‍රශ්නය – ගැස්‌ට්‍රයිටිස්‌ රෝගයට ඇසිඩ් සම්බන්ධ වන්නේ කොහොමද?

වෛද්‍ය චාන්දනී වික්‍රමාරච්චි – උදරයේ තිබෙන හයිෙඩ්‍රාක්‌ලෝරික්‌ අම්ල ප්‍රමාණය වැඩි වීමෙන් ආමාශය සහ මහාන්ත්‍රය මුලික කරගෙන පීඩනයක්‌ හට ගන්නවා. මල බද්ධය හා අර්ශස්‌ නිසා මේ පීඩනය හට ගන්නා අවස්‌ථා තිබෙනවා. ඒ වගේම එසේ නැතිව නිකම්ම ගැස්‌ට්‍රයිටිස්‌ හටගන්නා අවස්‌ථාවනුත් තිබෙනවා.

ප්‍රශ්නය – මේ රෝගයේ ස්‌වභාවය සහ එයට මුල්වන හේතු ගැන අවස්‌ථා ගණනාවකදී ම කරුණු පැහැදිලි කර තිබෙනවා. ගැස්‌ට්‍රයිටිස්‌ සඳහා තාවකාලිකව ලබාගත හැකි ප්‍රතිකාර තිබෙනවාද?

වෛද්‍ය චාන්දනී වික්‍රමාරච්චි – ගැස්‌ට්‍රයිටිස්‌ රෝගයට තාවකාලික ප්‍රතිකාර නැතිව රෝගය නිට්‌ටාවටම සුව කර ගන්නට ප්‍රතිකාර ලබා ගැනීම තමයි වඩාත් සුදුසු. මන්ද යත් එක්‌ අවස්‌ථාවක්‌ එනවා තාවකාලික බෙහෙත් තවදුරටත් අහන්නේ නැති. කොහොම වුණත් පාඨකයාගේ පහසුව තකා අත් බෙහෙත් ස්‌වල්පයක්‌ කියන්නම්.

1. මිරිස්‌ කුඩු ග්‍රෑම් භාගයක්‌ මී පැණි හැන්දක්‌ සමඟ කලවම් කර උදේ සවස පානය කරන්න. උදේට හැන්දයි. හවසට හැන්දයි. මෙය ගෑස්‌ ගතිය අඩු කිරීම සඳහා ඉතා සුදුසු අත්බෙහෙතක්‌.

2. ගැස්‌ට්‍රයිටිස්‌ නිසා හට ගන්නා වමනය නැතිකර ගැනීමට ලෙමන් යුෂ ඉතා සුදුසුයි. මෙහිදී දෙහි නොව ලෙමන්ම තෝරා ගත යුතුයි.

3. කැබලිවලට කපා තම්බන ලද අළු පුහුල් හකුරු සමඟ අනුභව කරන්න. පුහුල් ග්‍රෑම් 100 ක්‌ පමණ අනුභව කළ යුතුයි. බඩ පිපුම සහ උදර දහය මේ මගින් නැතිවී යනවා.

4. අරළු බුලු නෙල්ලි කුඩු තේ හැන්දක්‌ වතුර වීදුරුවක ප්‍රමාණයට දමා හොඳින් උතුරුවා වීදුරු භාගයකට හිඳ ගන්න. මෙය මද උණුසුම් තත්ත්වයේ තිබියදී මී පැණි හැන්දක්‌ හෝ එළඟිතෙල් හැන්දක්‌ යොදා පානය කරන්න.

ප්‍රශ්නය – ගැස්‌ට්‍රයිටිස්‌ රෝගය සුව කළ හැකි පාරිම්පරික ඖෂධ ඔබ සතුද?

වෛද්‍ය චාන්දනී වික්‍රමාරච්චි – ඔව්. ඒවා වසර 400 ක්‌ විතර පැරැණි ඖෂධ වට්‌ටෝරු.

ගැස්ට්‍රයිටිස් රෝගය සුවකර ගන්නේ කොහොමද?

මත්පැන් පානය කිරීමෙන් වලකින්න, දුම්පානය කිරීමෙන් වලකින්න.

ඔබේ වෛද්‍යවරයා ලබාදෙන ප්‍රතිජීවක (Antibiotics), ආමාශයේ අම්ල නිෂ්පාදනය අඩුකරන හෝ වලක්වන ඖෂධ, වමනය වලක්වන ඖෂධ, සහ ප්‍රතිඅම්ල (Antacid) ඖෂධ නිසි අයුරින් භාවිතා කරන්න.
අසාත්මිකාරක වලින් ඈත් වන්න.තේ සහ කෝපි පානය අඩුකරන්න.චොකලට් අනුභව කිරීම අඩුකරන්න.
අධිකව තෙල් සහිත ආහාර (බැදුම් වර්ග, තෙල් සහිත ආහාර සහ තෙම්පරාදු කරන ලද ආහාර) භාවිතය අඩුකරන්න.බිස්කට් වර්ග සහ පිටි වලින් සාදන ලද ආහාර වර්ග අනුභව කිරීම අඩුකරන්න.මිරිස් සහ තුනපහ වැඩිපුර යෙදූ ආහාර භාවිතය අඩුකරන්න.ඇඹුල් ගතිය වැඩි පානයන් සහ ආහාර භාවිතය සීමා කරන්න.කිරි, යෝගට්, සහ මුදවපු කිරි ඇතුළු කිරි ආහාර භාවිතය සීමා කරන්න.වැඩිපුර ආහාර ගැනීමෙන් හෝ නිරාහාරව සිටීමෙන් වලකින්න.
මානසික ආතතිය පාලනය කරගන්න. මේ සඳහා හොඳින් නිදාගැනීම, විවේකය, සහ සතුටින් සිටීම වැදගත් වේ.ඇඟට හිර ඇඳුම් ඇඳීමෙන් වලකින්න.ආහාර වේලක් කොටස් දෙකකට වෙන්කර, ආහාර වේල් 5-6 ක් වනසේ අනුභව කරන්න. එවිට ආහාර වේල් අතර පරතරය අඩුවන බැවින් අම්ල වලින් ආමාශයට හානි සිදුවීම අවම වේ. උදාහරණයක් වශයෙන්, උදෑසන ආහාරය දෙකකට වෙන්කර එක් කොටසක් සාමාන්‍ය පරිදි ආහාරයට ගන්න. ඉතිරි කොටස දහවල් තේ බොන වේලාවට (තේ වෙනුවට) අනුභව කරන්න. දහවල් ආහාරයද මෙලෙසම කොටස් දෙකකට වෙන්කර එක් කොටසක් සාමාන්‍ය පරිදි ආහාරයට ගෙන, ඉතිරි කොටස සවස තේ බොන වේලාවට (තේ වෙනුවට) අනුභව කරන්න.
වැඩිපුර තන්තු ආහාරයට ගැනීම සඳහා දවසකට එළවලු සහ පළතුරු කෝප්ප 6 ක් ආහාරයට ගන්න.
ආහාර හොඳින් සපා අනුභව කරන්න. ආහාර ගැනීම සඳහා අවම වශයෙන් විනාඩි 15 ක් වත් ගතකරන්න.ප්‍රමාණවත් පරිදි ජලය පානය කරන්න.රාත්‍රී ආහාරය ගැනීමෙන් පසු පැය 3 ක් වත් ගතවන තුරු නින්දට යන්න එපා.ඔබේ ශරීරයේ අධික බර හෝ තරබාරුබව ඇත්නම්, බර අඩු කරගන්න.දිනපතා ව්‍යායාම කරන්න.

නොමිලේ විස්‌තර සඳහා

0713464276/ 0759061771

Facebook Comments

more recommended stories

%d bloggers like this: