අපේ රටේ ඔලිම්පික් බලාපොරොත්තුවක් වූ ගයාන් සිය දිවි නසා ගනියි..! (PHOTO)

හොරණ තක්ෂිලා විද්‍යාලය හරහා බොක්සිං වල්ලලට පිවිස, ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ජාත්‍යන්තර තරඟ රැසක් ජයගත් ගයාන් ජයවීර හදිසියේ මියගොස් තිබෙනවා. ඒ ඔහු සිය දිවි තොර කර ගැනීමෙන්.
ගයාන් ජයවීර ජාත්‍යන්තර තරඟවලදී ඉහළ දක්ෂතා පෙන්වූ ක්‍රීඩකයෙක් නිසාම ඔහුව හැඳින්වූයේ ශ්‍රී ලංකා ඔලිම්පික් බලාපොරොත්තුවක් ලෙසයි.

හොරණ තක්ෂිලා විද්‍යාලය හරහා පාසල් දිවියේම ක්‍රීඩාව ජයගත් ඔහු සමස්ත ලංකා පාසල් ක්‍රීඩා ශූරතාව දෙවතාවක් තමන් සතු කරගැනීමට සමත් වුණා.
2015 වසරේ පළමුවරට ලෝකඩ පදක්කමක් දිනා ගැනීමට ගයාන් සමත් වුනේ පින්ලන්තයේ පැවති 36 වැනි ටැමර් බොක්සිං ශූරතාවලියේදී ශ්‍රී ලංකාව නියෝජනය කරමින්.

වසර 5 ක් ජාතික ශූරයා වූ ඔහු පිට පිට දෙවතාවක් ජාතික මහා ක්‍රීඩා උළෙලේ රන්පදක්කම හිමිකරගත්තා.

ඔහුගේ අවසන් කටයුතු හෙට (9) දින මතුගමදී සිදු කිරීමට නියමිතයි. උපදින මතු භවයේදී මෙවන් අකල් මරණයකට් ගොදුරු නොවේවා යැයි අපේ රටම ප්‍රාර්ථනා කරනවා… ගයාන් සොයුර ඔබට නිවන් සුව..!

 

more recommended stories