ඩීල් සැපට වැඩ – ගෝඨා අත් අඩංගුවට ගැනීම තව කල් යයි..!

හිටපු ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂට එරෙහිව පොදු දේපළ පනත යටතේ කටයුතු කිරීම වළක්වමින් නිකුත් කළ අතුරු තහනම් නියෝගය දෙසැම්බර් මස 15 වැනිදා තෙක් දීර්ඝ කිරීමට අභියාචනාධිකරණය අද (06) තීරණය කළා.

ඒ, දිවංගත ඞී ඒ රාජපක්‍ෂ අනුස්මරණ කෞතුකාගාරය ඉදිකිරීමේදී රාජ්‍ය මුදල් රුපියල් මිලියන 91 ක් සාවද්‍ය පරිහණය කළේ යැයි කියන සිද්ධිය සම්බන්ධයෙන්.

අද දින මෙම පෙත්සම අභියාචනාධිකරණයේදී කැඳවූයේ ද්විපුද්ගල විනිසුරු මඩුල්ලක් ඉදිරියේයි. මෙම නියෝගය සම්බන්ධයෙන් නීතිපතිවරයාගේ විරෝධතා අද උදෑසන ගොනුකළ බව නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් විරාජ් ජයරත්න අධිකරණයට දැනුම් දුන්නා.

එහිදී ගෝඨාභය රාජපක්‍ෂ වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා කියාසිටියේ ඉහත විරෝධතා තම පාර්ශ්වය මෙතෙක් අධ්‍යයනය කර නොමැති බවයි.

ඒ අනුව නීතිපතිවරයා ගොනුකළ විරෝධතා අධ්‍යයනය කර ඒ සම්බන්ධයෙන් කරුණු දැක්වීම සඳහා දෙසැම්බර් මස 15 වැනිදා පෙත්සම කැඳවන ලෙසටයි ගෝඨාභය රාජපක්‍ෂ වෙනුවෙන් පෙනී සිටි නීතිඥයින් ඉල්ලා සිටියේ.

Facebook Comments

more recommended stories

%d bloggers like this: