අරුම පුදුම කොළපාට හුරතල් බලූ උපතක් මෙන්න..! (PHOTO)

එංගලන්තයේ නිවසක ඇති කළ තුන් හැවිරිදි බැල්ලක කොළ පැහැති බලූ පැටවෙකු බිහිකිරීම නිසා ඇගේ හිමිකරුවන් තුෂ්ණිම්භූත වී තිබෙනවා.

සිය නිවසේ සුරතලිය වන රියෝ නැමැති බැල්ලිය මෙවර පැටවුන් 9 දෙනෙකු බිහිකළ බවත්, එයින් එක් පැටවෙකු කොළ පැහැති බවත් පෙන්වන ඡායාරූප ඔවුන් අන්තර්ජාලයට මුදා හැර තිබෙනවා.

ලෝකයේ මෙවැනි සිදුවීමක් වාර්තාවන තුන් වැනි වතාව මෙයයි.

“පළමු පැටියා බිහිවෙන්න හුඟාක් අපහසු වුණා. අපි ඒ පැටියාව හෙමින් ඉදිරියට අදිමින් බැල්ලියට පැටවා වදන්නට සහයෝගය දුන්නා. ඉන්පසු ක්‍රමයෙන් අනික් පැටවුන් එළියට ආවා. තුන් වැනි පැටවා කොළම කොළ පාටයි. අපිට අදහා ගන්න බැරිවුණා” යැයි රියෝගේ හිමිකාරිය පවසා තිබුණා.

බලූපැටවා කොළ පැහැති වීමට හේතුව වී තිබෙන්නේ බැල්ලගේ වැදෑමහේ හමුවන ඉසකසඩැරාසබ නමැති පිත් වර්ණකයයි. එය පැටවාගේ ශරීරයේ තැවරීම නිසා පැටවාගේ ලොම් කොළ පැහැ වුණත් ඉපදී දින කිහිපයක් ගතවන විට එම වර්ණය නැතිව යන බව කියැවෙනවා.

 

Facebook Comments

more recommended stories

%d bloggers like this: