ගෑස් ඉහල ගිය නිසාලු මිල ඉහල දැම්මේ..! සිලින්ඩරයකින් පිසිය හැක්කේ ආප්ප 22 යිද..?

එල් පී ගෑස් සිලින්ඩරයක මිල රු.110කින් ඉහළයාමත් සමඟ තේ කෝප්පයක මිල රු.20 දක්වාත් කිරි තේ කෝප්පයක මිල රු.40 දක්වාත් මාළු කෑම පාර්සලයක මිල රු.130 දක්වාත් ආප්පයක මිල රු.15 දක්වාත් වැඩිකළ යුතු බවට සමස්ත ලංකා ආපනශාලා හිමියන්ගේ සංගමය පළකරන අදහස කෙසේ වත් පිළිගත නොහැකි යයි පාරිභෝගික සුරැකීම් සංවිධානය ප්‍රකාශ කරයි.

මේ සම්බන්ධයෙන් පාරිභෝගික අයිතීන් සුරැකුම් සංවිධානයේ ලේකම් වෛද්‍ය සුගත් විජේවර්ධන මහතා ප්‍රකාශ කරනුයේ ඉහත සඳහන් මිල වැඩිකිරීමේ යෝජනාවලිය විධිමත් ගණන් බැලීම්වලට අනුව සලකන විට විහිළු සහගත එකක් බවය.රුපියල් 110කින් ඉහළගිය ගෑස් මිල මුල් කොට ආප්පයක මිල රු5කින් වැඩිකරන්නේ නම් ගෑස් සිලින්ඩරයකින් පිසිය හැක්කේ ආප්ප 22ක් පමණක් විය යුතු යැයි පෙන්වාදෙන ඒ මහතා ගෑස් මිල ඉහළ යෑමේ මුවාවෙන් මෙවන් ප්‍රෝඩාකාරී යෝජනා සමාජගත කිරීම බුද්ධිමත් ජනතාවගේ කළකිරිමට හේතුවන බව පැවසීය.

ඒ අනුව මෙරට පාරිභෝගිකයන් ආපනශාලා වලින් ආහාර ගැනීම කෙරෙහි පසුබෑමක් පවා ඇති විය හැකි බව පෙන්වා දෙන ඔහු මේ සම්බන්ධයෙන් පාරිභෝගිකයන්ට සාධාරණයක් ඉටු කරනු පිණිස පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරීය වහා මැදිහත් විය යුතු යැයි පෙන්වා දෙයි.

අසාධාරණ ලෙස වැඩිවූ ආහාර මිල ගණන්..!

රජය ගෑස් මිල රුපියල් 110කින් වැඩි කිරීම, පොල්, එළවළු හා සහල් මිල පාලන මිලකට නතු නොවී සීග‍්‍රයෙන් ඉහළ යාම සහ පරිසර හිතකාමී ආහාර දවටන (ලන්ච් ෂීට්) මිල අධික වීම යන කරුණු කිහිපයක් හේතු දක්වමින් ආහාර සැකසීම සඳහා අත්‍යවශ්‍ය භාණ්ඩවල මිල ගණන් සීග‍්‍රයෙන් ඉහළ යාම නිසා දේශීය ආපනශාලා කර්මාන්තය බරපතල අර්බුදයකට මුහුණ දී ඇති බැවින් එයට සමගාමීවපෙරේදා (28) සිට බත් පැකට්, තේ කෝප්පයක සහ ආප්පවල මිල ඉහළ දැමීමට සමස්ත ලංකා ආපනශාලා හිමියන්ගේ සංගමය කටයුතු කරනු ලැබුවා.

ඒ අනුව පෙරේදා (28) සිටම දිවයින පුරා ආපනශාලාවල බත් පැකට් එකක මිල රුපියල් 130 දක්වා වැඩි වුනා.

එම බත් පාර්සලයේ බත්, එළවළු වර්ග 03ක්, පලා වර්ගයක් සහ මාලූ කෑල්ලක් අඩංගු විය යුතු බව සඳහන් කලත් එය නමට පමණක් සීමා වුනා.

මාලූ කෑල්ලක් වෙනුවට බිත්තරයක් හෝ කුකුළු මස් ලබා ගැනීමට පාරිභෝගිකයාට අයිතිය ඇත.

ආප්පයක මිල රුපියල් 15 දක්වා වැඩි වුන අතර එම ආප්පය සමඟ ලූණුමිරිස් නොමිලේ සැපයීම සිදුකළ යුතු බව සඳහන් වූවත් ආප්ප 5ක් හෝ එයට වැඩියෙන් ගන්නාවා න්ම් පමණක් ලුණු මිරිස් ඔවුන්ලබා දෙන්නේ.

සාමාන්‍ය තේ එකක මිල රුපියල් 20 දක්වා වැඩි වන අතර එ් සඳහා හොඳ මට්ටමේ ටී බෑග් සැපයීම ආපනශාලා හිමියන්ගේ වගකීමකි.

එමෙන්ම කිරි තේ එකක මිල රුපියල් 40 දක්වා වැඩි වන අතර එ් සඳහා අවශ්‍ය ප‍්‍රමාණයට පිටි දමා සැකසිය යුතු අතර හොඳ මට්ටමේ ටී බෑග් සැපයීම සිදුකළ යුතු බවටත් සඳන් වූවත් තේ ප්ලේන්ටී වල ප්‍රමිතිය ඉතා පහත මට්ටමේයි තිබෙන්නේ.

Facebook Comments

more recommended stories

%d bloggers like this: