ලස්සන, නිරෝගී කෙස් කළඹකට කළයුතු රහස් දේවල් මෙන්න..!

පංචකල්‍යාණයේ එක් අංගයක් ලෙසින් හිසකෙස් හැඳින්විය හැක. නමුත් වර්තමානයේදී බොහෝ කාන්තාවන් තම හිසකෙල්වලට දක්වන්නේ අඩු සැලකිල්ලකි. මේ නිසා වර්තමානයේ අඩු වයසින් පුද්ගලයන්ගේ හිසකෙස්වල විවිධ රෝගාබාධ ඇතිවේ.

දිනපතා නෑම සුදුසුද?
දිනපතා නෑම ඉතා සුදුසු වේ. එමගින් හිසකෙස්වල ඇතිවන කුණු දූවිලි ඉවත් වේ. නමුත් යම් කිසියම් රෝග තත්ත්වයකින් පසුවේනම් දිනපතා නෑමට පෙර වෙද්‍ය උපදෙස් ලබාගන්න. රෝගී පුද්ගලයකු දිනපතා නෑම එතරම් ගුණදායක නොවේ.
ඇතැම් පුද්ගලයෝ උණුසුම් ජලය ස්නානය කිරීමට පුරුදු වී සිටිති. නමුත් උණුසුම් ජලය නිරෝගී පුද්ගලයකුට ස්නානය කිරීම සඳහා අවශ්‍ය නොවේ. උණුසුම් ජලය හිසට, සමට සහ ඇසට එතරම් ගුණදායක නොවේ. එබැවින් ඔබ වෙනත් රෝග තත්ත්වයක් නොමැති නිරෝගී පුද්ගලයකු නම් සැමවිටම ඇල් ජලයෙන් ස්නානය කරන්න.
හිස සේදීමේදී ඔබ යොදන ෂැම්පු සහ සබන් නිෂ්පාදනයේදී විවිධ රසායනික ද්‍රව්‍යයන් යොදනු ලැබේ. බොහෝ විට මෙම රසායනික ද්‍රව්‍යයන් හිසට එතරම් ගුණදායක නොවේ. බොහෝ රසායනික ද්‍රව්‍යයන් ඇතැමුන්ට අහිතකර ආසාත්මිකතා ඇතිවිය හැක. විශේෂයෙන් හිසට යොදන විවිධ ඩයි වර්ග, හිසකෙස් වර්ණ ගැන්වීමේදී යොදන රසායනික ද්‍රව්‍යයන් අහිතකර වේ. හිස සේදීම සඳහා දිනපතා ෂැම්පු වර්ග භාවිතා නොකර ඔබට නිවසේදීම සාදාගත හැකි ස්වභාවික ද්‍රව්‍යයන් යොදනවා නම් එය ඔබේ හිසකෙස්වලට ගුණදායක වේ.

ඔබට නිවසේදී සාදා හිසේ ගැල්විය හැකි ආලේප:-

1.වෙරළු කොළ හොඳින් කොටා එම ඉස්ම හිසකෙස්වල ආලේප කරන්න. විශේෂයෙන් හිස්කබලේ ආලේප කර විනාඩි පහ‍ළොවකින් ණ හිස හිසකෙස් සෝදා හරින්න.

2.උළුහාල් හා දෙහි ගැට එක්කර හොඳින් තම්බා රස්නය අඩු වූ පසුව හිසේ ගල්වන්න. විනාඩි විස්සකට පසුව සෝදා හරින්න.

3.කෝමාරිකා මදය සූරා ගන්න. එයට දෙහි එක්කරන්න. හොඳින් කලවම් කර එය හොඳින් හිසේ ආලේප කර විනාඩි පහළවක්, විනාඩි විස්සක් පමණ පසු හොඳින් සෝදා හරින්න.

4.ගොඩපර දලු තම්බා එයද හිසකෙස් මත ආලේප කරන්න. විනාඩි දහයකට පමණ පසුව සෝදා හරින්න.

හිසකෙස් සම්බාහනය කළ යුතුද?:-
ආයුර්වේදයේදී හිස සම්බාහනය කිරීම වැදගත් කරුණක් බව පුරාණ ආයුර්වේද පොත්පත්වල සඳහන් වේ. විශේෂයෙන් හිසට තෙල් දමා සම්බාහනය කිරීමෙන් කේෂ මූල්‍ය ශක්තිමත් කරගත හැක. එමඟින් ශරීරයේ යම් යම් නිල උද්දීපනයන් ඇතිවන බවද ආයුර්වේදයේදී සඳහන් වේ. මේ සඳහා තනිවම සම්බාහනය කරගත නොහැක. සම්බාහනය සාර්ථක වන්නේ වෙනත් කෙනකු ලවා තම හිසකෙස් ක්‍රමානුකූලව සම්බාහනය කිරීම මඟිනි. එමඟින් නිල උද්දීපනය සිදුවී සාර්ථක ප්‍රතිඵලයක් ලබාගත හැක.

හිසකෙස්වලට තෙල් දමා සම්බාහනය කිරීමෙන් ඇතිවන වාසි:-
හිසකෙස් මෘදුබව ඇතිවීම, වර්ධනය වීම, ප්‍රාණවත් බව ඇතිවීම, දීප්තිමත් වීම, හිස ආශ්‍රිතව ඇතිවන විවිධ ලෙඩ රෝගවලින් ආරක්ෂා වීම, මනස නිරවුල් වීම, මුහුණ පැහැපත් වීම, අකලට හිසකෙස් වැටීමෙන් වැළකීම, හිසකෙස් ශක්තිමත් වීම.

ආයුර්වේද වෛද්‍ය ගල්කැටිය ජී. ලුෂාන්ති.

Facebook Comments

more recommended stories

%d bloggers like this: