Ape Rata | අපේ රට | News Sri Lanka | Latest News Sri Lanka | Braking News Sri Lanka| Gossip Sri Lanka – අපක්ෂපාතී වාර්තාකරණයේ පෙරගමන්කරු

Latest News:

ඉන්දියාව දණ ගස්වා, සිංහයන් පළමු 20යි 20 තරඟය ජයගත් හැටි මෙන්න..!

නිදහස් කුසලානයේ පළමු තරගයෙන් තියුණු ජයක් ලබන්නට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය.

ඉන්දීය කණ්ඩායම පළමු ඉනිමට කඩුළු පහක් දැවී ලකුණු 174ක් ලබා ගත් අතර, එයට පිළිතුරු ලෙසින් ජයග්‍රාහී ලකුණු 175ක් ලබාගන්නට පන්දුඕවර 18.3කදී ශ්‍රී ලංකාවට හැකි විය.

වේගවත් පිතිහරඹයක නිරතවූ ශිකර් ධවාන් ලකුණු 90 ක් ලබාගත්තේ පන්දු 49 කිනි. හයේ පහර 6 ක් සහ හතරේ පහර 6 ක් ඊට ඇතුළත් වුණි.

මනීෂ් පාන්ඩේ 37 යි.

පන්දු යැවීමේ දී දුෂ්මන්ත චමීර කඩුලු 2 ක් බිඳහෙලීය.

ආර්. ප්‍රේමදාස පිටියේදී විශිෂ්ඨ ඉනිමක් ක්‍රීඩා කළ කුසල් ජනිත් පෙරේරාගේ පන්දු 37කින් ලබාගත් ලකුණු 66 තරග ජයග්‍රහණයට විශාල පිටුවහලක් විය.

ඉනිමේ අවසන් භාගයේ තිසර පෙරේරා දියත් කළ ප්‍රහාරාත්මක ඉනිමද තරග ජයග්‍රහණයට ප්‍රධාන හේතුවක් විය.

ධනුෂ්ක ගුණතිලක පන්දු 12 කින් ලකුණු 19 ක් ලබාගත්තේය.

නායක දිනේෂ් චන්දිමාල් ලකුණු 14 යි.

කුසල් මෙන්ඩිස් ලකුණු 11 යි.

ඉන්දීය කණ්ඩායම හමුවේ පිට පිට සිදුවූ 7වැනි පරාජය වළක්වාගන්නට ශ්‍රී ලංකාව සමත්වීමද සුවිශේෂ සිදුවීමකි.

එසේම මෙය කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ විස්සයි20 තරගයක හොඳම හඹායාම වන අතර, මීට පෙර 2015 වසරේ පාකිස්තානයට එරෙහිව ශ්‍රී ලංකාව ලකුණු 173ක ඉලක්කයක් හඹාගොස් තිබුණි.

තවද ශ්‍රී ලංකාව විස්සයි20 තරගයක පවර්ප්ලේ (පන්දුවාර 06) අවස්ථාවේදී ලබාගත් ඉහළම ලකුණු සංඛ්‍යාව මෙය වෙයි.

එමෙන්ම ඉන්දියාවට එරෙහිව විස්සයි20 තරගයක පවර්ප්ලේ අවස්තාවේදී ලොව ඕනෑම කණ්ඩායමක් ලබාගත් දෙවැනි වැඩිම ලකුණු සංඛ්‍යාවද මෙයයි.

එමෙන්ම ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ ශ්‍රී ලංකාව මුහුණදුන් 15 වැනි විස්සයි20 තරගය මෙය වන අතර, ඉන් ජගගත් 03 වැනි තරගය මෙයි. ශ්‍රී ලංකාව මෙම ක්‍රීඩාංගණයේ තරග 12ක් පරාජය වී තිබේ.

නිදහස් කුසලානයේ දෙවැනි තරගය එළැඹෙන 08 වැනිදා ඉන්දියාව සහ බංග්ලාදේශය අතර පැවැත්වෙනු ඇත.

India vs Sri Lanka,   Nidahas Trophy 1st T20 : Sri Lanka won the toss and elected to field first against India in the first T20I against India. India gave seamer Vijay Shankar his first T20I cap, while Rishabh Pant, who displayed solid performance in the Syed Mushtaq Ali T20 Trophy in December, also received a call back to the side.

Sri Lanka got off to a solid start with the ball, dismissing Indian skipper Rohit Sharma for a duck in the first over. Dushmantha Chameera took the wicket with the help of a tremendous catch by Jeevan Mendis. Nuwan Pradeep dismissed Suresh Raina for 1 in the next over.

Shikhar Dhawan and Manish Pandey took India to 40/2 in 6 overs.

India vs Sri Lanka 1st T20I will be played on Tuesday, March 6, 2018 at R Premadasa Stadium in Colombo. The coverage of the T20I match between the two teams begins at 6:00 PM IST, with the match set to begin on the broadcasting channel from 7:00 PM IST.

India vs Sri Lanka 1st T20 Full Highlights, Nidahas Trophy 2018, Shikhar dhawan 90 Runs.

shikhar Dhawan scored 90 while Manish Pandey and Rishabh Pant chipped in with crucial knocks to take India to 174/5 in 20 overs. Indian cricket team lost skipper Rohit Sharma and Suresh Raina early after Sri Lanka won the toss and decided to field in the opening match of the Tri-Nation Nidahas T20 Cup in Colombo on Tuesday.

https://www.youtube.com/watch?v=GlOIrBQqXaQ