Ape Rata | අපේ රට | News Sri Lanka | Latest News Sri Lanka | Braking News Sri Lanka| Gossip Sri Lanka – අපක්ෂපාතී වාර්තාකරණයේ පෙරගමන්කරු

Latest News:

අභියෝග වලට භය නෑ – මත්ජාවාරම්කරුවන්ට එරෙහි මරණ දඬුවම අනිවාර්යයි..!                 මියැදෙන්නට සිටි බලු පැටියෙකු සුවපත් කල බන්ධනාගාරයේ උතුම් මිනිස්සු..!                 ගාලු ක්‍රීඩාංගණයට කරන්න යන දේ දැක රංගන හේරත්ගෙන් සංවේදි කතාවක්..! (VIDEO)                 ලේ ලබා දී දරුවන් සහ මව්වරුන් මිලියන 2.4 කට පිහිට වූ ඕස්ට්‍රේලියානුවා                 ලංකාවෙන් ගිහින් බුකර් සම්මානය දිනා ලෝකෙන්ම එක වුණු මයිකල් ඔන්ඩාච්චි.                 රාජපක්ෂලා ගෙන් අල්ලස් ගත් බ්‍රිතාන්‍ය මන්ත්‍රී දින 30ක් ගෙදර..!!=                 විවෘත රාජ්‍ය හවුල්කාරිත්වයේ නායක හමුවට ප්‍රථම වරට අපේ රට එක්වෙමින් ජනාධිපති ලොවට කියු දේ..!                 මීගලෑව උඩු යටිකුරු කළ රටක් වටින OIC මහත්තයා (PHOTOS)                

ජිවිත රැකගමු – රටම කතා කරන ඉන්ෆ්ලූඑන්සා හදුනාගනිමු..!

වෛද්‍ය පර්යේෂණ ආයතනයේ වාර්තාවලට අනුව වෛරස්‌ ඛාණ්‌ඩ 4 ක්‌ ඉන්ෆ්ලූඑන්සා උණ රෝගයට හේතු වී තිබේ.

මෙහි රෝග කාරකය ලෙස නියුමොකොකල් වෛරසය, ඇඩිනො වෛරසය, රෙස්‌පිරේටරි සින්සිටියල් සහ ඉන්ෆ්ලූඑන්සාව වෛරසය හඳුනා ගෙන ඇත.

ශ්‍රී ලංකාවේ පසුගිය වසර කීපයකම වාර්තා ගත්කල මැයි, ජූනි සහ ජූලි යන මාසවල ඉන්ෆ්ලූඑන්සාව රෝගය වඩාත් ව්‍යාප්ත වී ඇති බවට වාර්තා ඇත.

RSV වෛරසය මගින් ඇති කරන ඉන්ෆ්ලූඑන්සාව කුඩා ළදරුවන් හට වැළඳුනහොත් ඔවුන්ගේ ශරීරයේ ප්‍රතිශක්‌තිකරණ අඩු බැවින් එය ශ්වසන පද්ධතිය පුරා ව්‍යාප්තවී නියුමෝනියා තත්ත්වය දක්‌වාම ව්‍යාප්ත විය හැක.

රෝගය පැතිරෙන අයුරු.

මෙම රෝගය පුද්ගලයකුගෙන් වෙනත් පුද්ගලයකුට කිවිසුම් මගින්, කැස්‌සෙන් හෝ ස්‌පර්ශ කිරීමෙන් බෝවිය හැකිය. එබැවින් ශරිර සෞඛ්‍ය පිළිබඳ වඩාත් සැලකිලිමත් විය යුතුවේ.

කැස්‌ස හෝ කිවිසුම් යැම ඇතිවිට පිරිසිදු ලේන්සුවක්‌ හෝ මුඛ ආවරණයක්‌ භාවිතා කිරීම, රෝගියෙකු ස්‌පර්ශ කළ පසු සබන් හෝ විෂබීජ නාශකයක්‌ යොදා අත් සේදීම වැනි සෞඛ්‍ය පුරුදු ඇතිකර ගැනීම තුළින් මෙම රෝගය පැතිරී යැම වළක්‌වාගත හැක.

අවදානම් පුද්ගලයන් මෙම රෝගය සුළු වශයෙන් වැළඳිය හැකි අතර එය වඩාත් දරුණු තත්ත්වයටද පත්වී මරණය දක්‌වා උත්සන්න විය හැක.

කුඩා දරුවන්, ගර්භණී මව්වරුන්, කිරිදෙන මව්වරුන්, වයස්‌ගත උදවිය, පිළිකා සහ වකුගඩු රෝගී තත්ත්වයන් ඇති රෝගීන් , දියවැඩියා රෝගීන් සහ හෘදයාබාධ රෝගීන් , වඩාත් පහසුවෙන් මෙම රෝගයට ගොදුරු විය හැක. අවුරුදු 5-18 දක්‌වා වයස කාණ්‌ඩවල ළමයින්ට මෙම රෝගය වැළඳීමේ ප්‍රවනතාවයක්‌ ඇත.

රෝග ලක්‌ෂණ

මෙම රෝගයේ රෝග ලක්‌ෂණ එක්‌වරම මතුවන අතර එය ඉතා දරුණු ලෙස පෙන්නුම් කළ හැක.

තද සිතල සහ ඇඟ වෙව්ලීම සමග උණ හට ගැනීම සිදුවේ. හිසරදය, වියළි කැස්‌ස , පපු පෙදෙසෙහි වේදනාව ඇතිවිය හැක. උගුර ආසාදනය වීම නිසා ගිලීමේ අපහසුතාවයන් ඇතිවේ. කුඩා දරුවන්ට සහ වයස්‌ගත වැඩිහිටියන්ට හුස්‌ම ගැනීමේ අපහසු තාවයන් ඇතිවේ. අධික මහන්සිය, තෙහෙට්‌ටුව සහ නින්ද නොයැම වැනි රෝග ලක්‌ෂණද ඇතිවේ. ශරීරයේ වේදනාවද තදබල ලෙස දැනේ. ඇස්‌ රතු වී ඇසේ ආසාදන තත්ත්වයක්‌ද ඇතිවිය හැක. මෙය අන් අයට පහසුවෙන් පැතිරි යාහැක.

රෝගය වඩාත් උත්සන්න වූ විට හිසෙහි ඇති කෝටරක නමැති කුහර දක්‌වාද පැතිර යා හැකිය.. එමෙන්ම හෘදය පෙදෙසට පැතිරිමෙන් හෘදයාබාධවලටද ගොදුරු විය හැකිය. එමෙන්ම බැක්‌ටීරීයා ආසාදනයටද ලක්‌වී දරුණු රෝග තත්ත්වයන් ඇතිවිය හැකිය.

ලබාදෙන ප්‍රතිකාර

ලෝක සෞඛ්‍ය සංවිධානයේ නිර්දේශයන්ට අනුව ශ්‍රී ලංකාවේ ජාතික ඖෂධ අධිකාරිය විසින් ඉන්ෆ්ලූඑන්සා එන්නත වසරක්‌ පාසා වඩාත් අවදානම් පුද්ගලයන්හට ලබාදීමට අවසර දී ඇත.

එමෙන්ම එකම පුද්ගලයකුට විවිධ වෛරසයන් නිසා කිහිප වතාවක්‌ මෙම රෝගය වැළඳිය හැක. එබැවින් ඉන්ෆ්ලූඑන්සාව වැළැක්‌වීමට දෙනු ලබන එන්නත කෙරෙහි විශේෂ අවදානයක්‌ යොමුකළ යුතුවේ.

දැනට භාවිතා වන එන්නත රෝගය වළක්‌වා ගැනීම සහ ව්‍යාප්තවීම වැළැක්‌වීම සඳහා යොදාගන්නා අතර එමගින්ද සාර්ථක ප්‍රතිඵල ලබාදී ඇත.රෝගයට ප්‍රතිකාර ලෙස ඖෂධය ලබා දීමෙන්ද සාර්ථක ප්‍රතිඵල ලබාදී ඇත.

ඉන්ෆ්ලූඑන්සා A වෛරසය ( H1N1 ) නිරතුරුවම අප රටෙහි ව්‍යාප්ත වෙනු දැකිය හැකිය. මෙය මුලින්ම 2009 / 2010 වර්ෂවල ව්‍යාප්ත විය. එසේම Type B වෛරසය සහ C වෛරසයද ව්‍යාප්තවන අනිකුත් වෛරසයන් වේ.

මෙයින් Type C වෛරස මගින් ඇතිවන ඉන්ෆ්ලූඑන්සාව A සහ B තරම් දරුණු රෝග තත්ත්වයක්‌ නොවන අතර එය පැතිරීමද එතරම් සුලභව දක්‌නට නොලැබේ. එබැවින් ඉන්ෆ්ලූඑන්සා එන්නතට ඇතුළත් වන්නේ A සහ B යන වෛරසයන්ට අවශ්‍ය ප්‍රතිශක්‌තිකරණය පමණි.

RSV වෛරසය ඉතා දරුණු ලෙස ඉන්ෆ්ලූඑන්සාව ඇති කරන රෝගී තත්ත්වයකි. පෙනහළු දක්‌වා පැතිරෙන මෙම වෛරසය මගින් නියුමෝනියා තත්ත්වයක්‌ද ඇතිවේ. විශේෂයෙන් කුඩා දරුවන් හට මෙම රෝගය වැළඳීමේ ප්‍රවණතාවයක්‌ ඇත.

මෙය ඔබේ මිතුරන්ට බලන්න Share කරන්න.