ජේවීපි, පෙරටුගාමී දේශපාලනය පහත් මට්ටමටම වැටෙයි – පාසැල් සිසුන්වත් දේශපාලනයට යොදා ගනියි..!

සයිටම් ආයතනයට විරෝධය පළකරමින් කොළඹ පැවැත්වෙන උපවාසයට සහය පල කරමින් අද (07) දහවල් හලාවතදී පාගමනක් හා රැළියක් පැවැත්විණි.

මේ පාගමනට හා රැලියට හලාවත ප්‍රධාන පෙලේ පාසල් කීපයක සිසු සිසුවියන් මෙන්ම වෛද්‍යවරුන් වෛද්‍ය සිසුසිසුවියන්  ජනතා විමුකිති පෙරමුණේ පුත්තලම දිස්ත්‍රික්කයේ ක්‍රියාකාරිකයන් මෙන්ම පෙරටුගාමී පක්ෂයේ ක්‍රියාකාරිකයන් පිරිසක්ද එක්ව සිටියේය.

මෙම පාගමනේදී ජනාධිපතිවරයාගේ අගමැතිවරයාගේ හා රාජිත අමාත්‍යවරයාගේ රුවට සමාන මුහුණු ඇති පඹයන් සාදා ඒවා ජේවීපි, පෙරටුගාමී සහෝදරවරු විසින් රැගෙන ගිය අතර රැලිය ආරම්භයේදී පාසැල් නිල ඇඳුමින් සිටි දරුවන් අතට ඒවා ලබා දී හලාවත නගර මධ්‍යයේ මේ පඹයන් පුලුස්සන ලදී.

පාගමන පැය එකහමාරකට ආසන්න කාලයක් පැවති අතර රැලිය පැය භාගයකට ආසන්න කාලයක් පැවතුනු අතර මේ හේතුවෙන් හලාවත කොළඹ ප්‍රධාන මාර්ගයේ මෙන්ම හලාවත කුරුණෑගල ප්‍රධාන මාර්ගයේ ගමනා ගමන කටයුතු වලටද බාබධා සිදු විණි.

සයිටම් ආයතනයට විරෝධය පල කරමින් සිසුන් පාසල් නිල ඇදුමින් පාරට බැසීම ඉතිහාස ගත වන බව වෛද්‍ය පිඨ ශිෂ්‍ය ක්‍රියාකාරී කමිටුවේ සාමාජික දේශාන් නිම්රොත් සඳහන් කල අතර මෙම සිසු දරුවන්ගේ දෙමව්පියන් පසුව අදහස් පලකර ඇත්තේ සිසුන්ගේ බාරකරුවන් වන තමන්ගේ අවසරයකින් තොරව දේශපාලනික ක්‍රියාවලියක් සඳහා සිසු සිසුවියන් යොදා ගැනීම නීතියට පට හැනි බවත්ය.

එමෙන්ම මේ සඳහා ඉඩ ලබා දුන් එම පාසල් වල විදුහල්පතිවරුන්ට එරෙහිව නීති ක්‍රියාත්මක කරන ලෙසටද එම දෙමාපියන් ඉල්ලා සිටිනවා.

අධ්‍යාපන අමාත්‍යංශයෙන් නිකුත් කල චක්‍රලේඛ අංක 2017/13 ට අනුව පාසල් සිසුසිසුවියන් දේශපාලනික කටයුතු වෙනුවෙන් යොදා ගැනීම තහනම්. සදාචාරය පැත්තෙන් බැලුවොත් පාසල් දරු දැරියන් තමන්ගේ පටු දේශපාලනික අරමුණු වෙනුවෙන් යොදා ගැනීම කිසිසේත්ම සදාචාර සම්පන්න නෑ. ඒ කොහොම උනත් නොදරුවන් වරදකට පෙළඹවීම කොහොමටවත් මානුශීය නෑ.

නමුත් තමන්ගෙ දෙමවුපියන්ගේ ජීවිතත් උගසට තියල දේශපාලනය කරන, තමන්ගේ කුළපැලැන්තිය රැකගැනීමට මිනිස් ජීවිත බිල්ලට දීල වැඩ වරන නොමිනිසුන්ගෙන් මීට වඩා දෙයක් බලාපොරොත්තු වෙන්නත් බෑ.

 

Facebook Comments

more recommended stories

%d bloggers like this: