කහ ශාකයේ අඩංගු ප්‍රධානතම සංයෝගයක්‌ ලේ පිළිකාවක්‌ සුවකරයි..!

දේශීය ශාක හා කුළුබඩු වර්ග මිනිසාගේ ශරීරයට වැළඳෙන ඇතැම් ප්‍රධාන පෙළේ රෝගයන් සුවපත් කිරීමේ ගුණයකින් යුතු බව පෙරදිග රටවල ප්‍රචලිතව ඇත්තේ අනාදිමත් කාලයක සිටය. මෙම තත්ත්වය නිසාම වර්තමානයේ බොහෝ රූපලාවණ්‍ය ආලේපන වර්ග හා ශැම්පු වර්ග පවා නිපදවනුයේ ඒවා ශාකසාර ඇසුරින් නිපදවූ බවට ප්‍රචාරය කරමිනි. ඒ තරමට ශාක සාර නිෂ්පාදනවලට ඇති ඉල්ලුම ඉහළ මට්‌ටමක පවතී.

පෙරදිග රටවල ශාක හා කුළුබඩු වර්ග රෝග සුවපත් කිරීමේ ගුණයන්ගෙන් සපිරි බව පිළිගැනුනද බටහිර රටවල වෛද්‍යවරු බොහොමයක්‌ තවමත් ඒ බව පිළිගැනීමට මැළිකමක්‌ දක්‌වති.

එහෙත් පසුගියදා එම තත්ත්වය වෙනස්‌ කරලමින් එක්‌සත් රජධානියේ වෛද්‍යවරුන් විසින් එරට පළ වන ”ඩේලිමේල්” පුවත්පතට පවසා ඇත්තේ එරට දිගු කාලයක්‌ තිස්‌සේ ලේ පිළිකාවක්‌ වන “මයිඑලෝමා” නමැති රෝගයෙන් පෙළෙමින් සිටි 67 හැවිරිදි කාන්තාවක්‌ ඇයට එතෙක්‌ සිදු කරමින් තිබූ සියලු ප්‍රතිකාරයන් නවතා දමා කහ ශාකයේ අඩංගු ප්‍රධානතම සංයෝගයක්‌ වන “කර්කියුමින්” (Curcumin) දිනපතා ගැනීමෙන් රෝග තත්ත්වය සුවපත් කර ගත් බවයි.

එම වෛද්‍යවරුන්ට අනුව සාමාන්‍යයෙන් සිදු කරනු ලබන පිළිකා වෛද්‍ය ප්‍රතිකාරයන් නවතා දමා කුළුබඩු ද්‍රව්‍යයක අඩංගු සංයෝගයක්‌ හරහා සිය පිළිකා රෝග තත්ත්වය සුවපත් කරගත් බවට වාර්තා වී ඇති ප්‍රථම රෝගියා 67 හැවිරිදි විශ්‍රාමික කාන්තාවක වන ඩියෙනකේ ෆර්ගසන්ය. ඇය මේ වන විට මනා සෞඛ්‍ය තත්ත්වයෙන් පසු වන බවද එකී වෛද්‍යවරු අවධාරණය කර තිබේ.

ඩියෙනකේගේ පිළිකාව සඳහා ප්‍රතිකාර කළ ලන්ඩනයේ බාර්ට්‌ස්‌ හෙල්ත් පදනමෙහි වෛද්‍යවරුන් විසින් මෙම අපූරු පිළිකා ප්‍රතිකාරය සම්බන්ධව බ්‍රිතාන්‍ය වෛද්‍ය සඟරාවලටද ලිපියක්‌ ලියා ඇති අතර එහිදී ඔවුන් පවසා ඇත්තේ මෙය සාම්ප්‍රදායික

පිළිකා ප්‍රතිකාරයන් වෙනුවට “කුර්කුමින්” සංයෝගය පිළිකා තත්ත්වයක්‌ මැඬලීමට සාර්ථක අයුරින් දායක වූ බවට වාර්තා වී ඇති ප්‍රථම අවස්‌ථාව බවයි.

ඩියෙනකේට ලේ පිළිකාවක්‌ වැළඳි ඇති බවට වෛද්‍යවරුන් හඳුනාගන්නා ලද්දේ වසර 2007 දීය. එතැන් සිට ඇයට කීමෝතෙරපි ප්‍රතිකාරය වට තුනක්‌ ලබා දී ඇති අතර ප්‍රාථමික සෛල (ස්‌ටෙම් සෙල්ස්‌) බද්ධ කිරීම් හතරක්‌ සිදු කර ඇතත් රෝග තත්ත්වයෙහි වර්ධනයක්‌ මිස අඩු වීමක්‌ සිදුව නොමැති බව එම වෛද්‍යවරු කියා සිටිති.

මයිඑලෝමා ලේ පිළිකා තත්ත්වයෙන් පෙළෙන රෝගීන් ජීවත් වන කාල සීමාව වසර පහක්‌ පමණ වන අතර එම රෝගය සඳහා ප්‍රතිකාර ගන්නා විට ඩියෙනකේට තදබල කොන්ද ආබාධයක්‌ද හටගෙන තිබේ.

මෙම තත්ත්වය මත වෙනත් මාධ්‍යයක්‌ හරහා දැනගත් “කුර්කුමින්” සංයෝගයෙන් නිපදවූ බෙහෙත් ප්‍රතිකාරයක්‌ අත්හදා බැලීමට ඩියෙනකේ පෙළඹී ඇත්තේ ඇය පිළිකාවෙන් වසර ගණනාවක්‌ දැඩි සේ පීඩාවට ලක්‌ව සිටි නිසාය.

මෙහිදී “කුර්කුමින්” සංයෝගයෙන් ග්‍රෑම් 8 ක්‌ දිනකට ගත යුතු වුවද අප ආහාර පිසීමේදී භාවිත කරන කහ කුඩුවල අඩංගුව ඇත්තේ එම සංයෝගයෙන් සියයට 2 ක ප්‍රමාණයක්‌ නිසා කහ කුඩු ආහාරයට එක්‌ කරගෙන එම සංයෝගය අවශ්‍ය පමණ දිනපතා ශරීරයට ලබා ගැනීමට අපහසු බව ඩියෙනකේ දැන සිටියාය.

මේ අනුව පවුම් 5 ක්‌ පමණ මිලැති ග්‍රෑම් 8 ක “කුර්කුමින්” පෙත්තක්‌ දිනපතා ලබා ගැනීමට අසීරුතා මධ්‍යයේ හෝ ඇය පියවර ගෙන තිබිණි. එහෙත් සිදු කරමින් පැවැති සියලුම පිළිකා ප්‍රතිකාරයන් නවතා දමමින් ඇය “කුර්කුමින්” සංයෝග පෙති ලබා ගෙන ඇති අතර කාලයක්‌ ලබා ගත් පසු පරීක්‍ෂා කළ විට ඩියෙනකේගේ පිළිකා සෛල ප්‍රමාණය ශීඝ්‍රයෙන් අඩු වී තිබෙනු දක්‌නට ලැබී ඇත.

මේ සම්බන්ධයෙන් අදහස්‌ දක්‌වන වෛද්‍ය අබ්බාස්‌ සයිඩ් පවසනුයේ “මයිඑලෝමා” නමැති ලේ පිළිකාවෙන් පෙළෙන ඇතැම් රෝගීන් පෝෂණ ආදේශකය සමඟම පිළිකා ප්‍රතිකාරය කරගෙන යන අතුර කිසිවෙකු ඩියෙනකේ මෙන් පිළිකා ප්‍රතිකාරයන් වෙනුවට පෝෂණ ආදේශකයක්‌ භාවිත කර තත්ත්වය අත්හදා බලා නැති බවයි.

මෙම”කුර්කුමින්” ප්‍රතිකාරය ලබා ගත් ඩියෙනකේ පසුගිය වසර පහ පුරාම රෝගය සුවපත් වී නිරෝගී දිවියක්‌ ගත කරන බව ඔහු සඳහන් කර සිටී.

කහ කුඩුවල ඇති “කුර්කුමින්” සංයෝගය පිළිබඳව වසර ගණනාවක්‌ පුරා අධ්‍යානයන් 50 කට වඩා සිදු කර ඇති අතර ඒවායින් අනාවරණය වී ඇත්තේ එම සංයෝගය ඇතුළු කහ කුඩු පිළිකා වර්ග ගණනාවක්‌ මෙන්ම ඇල්ෂයිමර් රෝගයෙන් මිනිසා ආරක්‍ෂා කිරීමට සමත්කමක්‌ දක්‌වන බවයි.

මේ අතර එක්‌සත් රාජධානියේ මහාචාර්යවරියක වන ඡේමි කැවෙනාග් පවසනුයේ ඇයගෙන් ප්‍රතිකාර ගන්නා රෝගීන් විශාල සංඛ්‍යාවක්‌ දැනටමත් සිය රෝගී තත්ත්වයේ විවිධ අදියරයන්ගේ සිට “කුර්කුමින්” ප්‍රතිකාරය ලබා ගන්නා බවත් තමා එයට විරුද්ධ නොවන බවත්ය.

මෙම”කුර්කුමින්” ප්‍රතිකාරය ලබා ගත් ඩියොනකේ පසුගිය වසර පහ පුරාම රෝගය සුවපත් වී නිරෝගී දිවියක්‌ ගත කරන බව ඔහු සඳහන් කර සිටී

ඒමන්ති මාරඹේ

Facebook Comments

more recommended stories

%d bloggers like this: