ලොකු හාමුදුරුවන් එක්ක පොඩි හාමුදුරුවරු එකතුවෙලා පන්සලේ නත්තල සමරපු හැටි..! (photo)

ශ්‍රී ලාංකික කතෝලික ජනතාවට මෙන්ම ලොව පුරා සියලුම කතෝලික ජනතාව අද (25)  දින අසිරිමත් වූ නත්තල් දිනය සැමරනවා.එසේම එසේම කතෝලික නොවන ජනතාවද නත්තල සමරන්නට දක්වන්නේ ඉමහත් උනන්දුවක්.

මෙවර නත්තල් සැමරුමට සමගාමීව කතෝලික ජනතාව බහුතරයක් වෙසෙන කල්පිටිය අර්ධද්වීපයේ පිහිටි දළුව ශ්‍රී සුමනාරාමයේද පසුගිය වසරවල මෙන්ම මෙවරත්   ගවලෙනක් ඉදිකර තිබෙනවා. විහාරස්ථානයේ සාමනේර හිමිවරුන් සහ දළුව ප්‍රදේශයේ කතෝලික හා බෞද්ධ දරුවන් එක්ව මෙම ගව ලෙන ඉදිකර තිබුනා.

කල්පිටිය අර්ධද්වීපයේ ඇති එකම චෛත්‍යයද පිහිටා ඇති දළුව ශ්‍රී සුමනාරාමයේ ස්වාමීන් වහන්සේ නමක් පවසා තිබුනේ  ආගමික සහජීවනය ලොවට පෙන්වීම සඳහා මෙය සිදුකල බවයි.

Facebook Comments

more recommended stories

%d bloggers like this: