රණවිරුවන් ගැන පිළිකුල් කතාවක් කල විශ්‍රාමික මේජර් ජෙනරාල් කමල්ට ජනාධිපතිගෙන් සැර පිළිතුරක්..! (VIDEO)

රණවිරුවන්ගේ ආරක්ෂාව වෙනුවෙන් රජය ගෙනයන ප්‍රතිපත්තිමය වැඩපිළිවෙළ ඉතා ශක්තිමත් බව ජනාධිපතිතුමා පවසයි.හමුදාපතිවරයාගේ සිට අවසාන යුද සෙබළා දක්වා ඉහළ සිට පහළට සියලූ රණවිරුවන්ගේ ආරක්ෂාව වෙනුවෙන් රජය පෙනී සිටින බව ද ප්‍රකාශ කළ ජනාධිපතිතුමා කිසිදු විදේශ බලවේගයකට අපගේ රණවිරුවන්ට අත තැබීමට ඉඩ නොතබන බවට වූ පැහැදිළි ප්‍රතිපත්තිය තුළ රජය කටයුතු කරන බව ද අවධාරණය කළේය.

අද රජයට එරෙහිව දේශපාලන කටයුතුවල නිරතව සිටින එක්තරා විශ්‍රාමික හමුදා නිලධාරියෙකු ,තමා දුටු පිළිකුල්ම දේ ආණ්ඩුව ආබාධිත රණවිරුවන්ට එළව එළවා පහරදීම, බවට කර තිබූ ප්‍රකාශය ද මෙහිදී සිහිපත් කළ ජනාධිපතිතුමා කියා සිටියේ ආණ්ඩුවට එරෙහිව ආබාධිත රණවිරුවන් මෙහෙයවමින් එම ස්ථානයට රණවිරුවන් නොවන පිරිසක් ගෙනවිත් දමා පොලීසිය සහ එම පිරිස අතර ගැටුමක් නිර්මාණය කර නොසන්සුන් තත්ත්වයකට පසුබිම නිර්මාණය කළ එම පිරිසම අද ඒ පිළිබද ආණ්ඩුවට චෝදනා කරන බවයි. කවුරුන් කුමන කුමන්ත්‍රණ දියත් කළද මේ රටේ රණවිරුවන්ගේ ආරක්ෂාව මෙන්ම සුබසාධනය උදෙසා රජය නිරන්තරයෙන්ම කටයුතු කරන බව ද ජනාධිපතිතුමා අවධාරණය කළේය.

ආබාධිත රණවිරැවන් පිරිසකට එලව එලවා පහර දීම තම ජීවිතයේ දුටු ඉතාම පිලිකුල් සහගතම දෙය බවට මේජර් ජනරාල් කමල් ගුණරත්න විසින් කරන ලද ප්‍රකාශයක් සම්බන්ධයෙන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මෙලෙස දැඩි ලෙස ප්‍රතිචාර දැක්වූ බවයි මාධ්‍ය වාර්තා සඳහන් කරන්නේ.

more recommended stories