රනිල් ඉවත්වුණොත් මීළඟ අගමැති කරුද..? සජිත් ද..?

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ අභිමතය පරිදි සිය කැමැත්තෙන් හෝ අගමැති රනිල් වික්‍රමසිංහ මහතා අගමැති පදවියෙන් ඉල්ලා අස්වුව හොත් ඊළඟ අගමැතිවරයා වශයෙන් පත්වනුයේ කවුරුන්ද යන්න පිළිබඳව දේශපාලන ක්‍ෂේත්‍රයේ විවිධ කතා බහ ඇති වෙමින් පවතී.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා යළි මහ මැතිවරණයක් ඉල්ලා සිටිනු මිස අගමැති පදවිය කෙරෙහි උන්නදුවක් නොදැක්වීම මත එය එක්සත් ජාතික පක්ෂයේ කරු ජයසූරිය සහ සජිත් ප්‍රේමදාස යන මහත්වරුන් දෙපල වෙතට යොමුවීමේ වැඩි නැඹුරුවක් ඇතැයි දේශපාලන ආරංචි මාර්ග කියයි.

එහෙත් ජයසූරිය මහතා හෝ ප්‍රේමදාස මහතා ඒ සම්බන්ධයෙන් කිසිදු සෘජු අදහසක් ප්‍රකා‍ශකොට නොමැති අතර වික්‍රමසිංහ මහතා අගමැති ධූරයෙන් ඉවත් කිරීම කෙරෙහි එජාප පසු පෙළ මන්ත්‍රීන් තුළ උනන්දුවක් පළ වී ඇතත් ඔහු මෙතෙක් අගමැති තනතුරින් ඉල්ලා අස්වීම ගැන කිසිදු ප්‍රකාශයක් නොකිරීම මත ඉදිරියේ දී ද ඔහු එම ධූරයේ කටයුතු කිරීමට ක්‍රියා කරනු ඇතැයි ද දේශපාලන පක්ෂ ආරංචි මාර්ග කියයි.

ඒ.ජී.රේණුකා

Facebook Comments

more recommended stories

%d bloggers like this: