එජාපය විනාශ කරන්නට ඇතුලෙන්ම තොරතුරු දෙන මරික්කාර් සහ කිලීගේ පිල්ලි.

මේ දිනවල භූමිතෙල් කෑ ගැරඬියෙකු මෙන් එස්. එම් මරික්කාර් එක්සත් ජාතික පක්ෂය සහ නායක රනිල් වික්‍රමසිංහයන්ව රැකගැනීම පිණිස බව පෙන්වීමට අරුම පුදුම ප්‍රකාශ සිදු කරමින් පවතියි. එහි උච්චතම අවස්ථාව වූයේ පසුගියදා දේශපාලන රැළියක ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනට එරෙහිව තදබල ප්‍රකාශයක් කිරීමට කිලීමහරාජාගේ නියෝගය මත මරික්කාර් සිදුකිරීමයි. මේ වනවිට රාජපක්ෂ ආණ්ඩුවේ අවිආයුධ ජාවාරම් සිදු කල උදයංග වීරතුංග වැන්නන්, නිමල් කුක් වැනි අය අභිබවා එහි අයිතිවාසිකම ගැනීමට කිලී මහරාජා උත්සහ ගනිමින් සිටින්නේ ආරක්ෂක අමාත්‍යංශයේ ඇතැම් ඉහල නිලධාරීන්ට මුදල් කුට්ටි පිරිනමමින්. එහි අයිතිවාසිකම බෙදා හදා ගැනීමට කැමැත්ත පළ කරමින්.

එම ප්‍රබලයන් කව්ද..? ඔවුන් සම්බන්ධ වී සිටින්නේ කා සමගද යන්න ඉදිරියේදී අප හෙළි කරන අතර දැනටමත් චෙකොස්ලෝවැකියාව, රුසියාව, දකුණු කොරියාව සහ ඊශ්‍රයලය සමග කිලීගේ අවිජාවාරම්කාර කටයුතු සිදු කිරීමට අවශ්‍ය කරන ජාලය ගොඩ නගමින් පවතිනවා.

මේ අතරට තම සංවිධානයේ විවිධ පුද්ගලයන් විවිධ තැන්වල  පැල කරමින් (Plant) කරමින් ඒ අවශ්‍ය කටයුතු සිදු කිරීමටයි කිලී මාරාජා සූක්ෂම වී තිබෙන්නේ.

ඒ අතරට යූඇන්පීයේ එස් එම් මරික්කාර්, බුද්ධික පතිරණ, හර්ෂ ද සිල්වා වැන්නවුන් දමන විට, මහින්ද පාර්ශවයට ජේ ශ්‍රී රංගා, සුසාර දිනාල් වැනි අය රිංගවා තිබෙනවා.මේ වනවිට නාමල් රාජපක්ෂගේ අති ජාත මිත්‍රයෙක් බවට ජේ ශ්‍රී රංගා පත්ව තිබෙන්නේ කිලීගේ ක්‍රියාදාමය ටක්කෙටම ක්‍රියාත්මකවීම හේතුවෙන්. ජනාධිපතිගේ පාර්ශවයේ සම්පූර්ණයෙන්ම පාහේ බලය අත් පත් කරගෙන සිටින කිලීගේ මේ සියලුම දේවල් ජනාධිපතිවරයාට හා අගමැතිවරයාටද බුද්ධි අංශ වාර්තාවක් මේ මෑතකදී ලැබී තිබෙන බවත් සඳහන්.

කෙසෙල් ඇවරිය.

එමෙන්ම බොහෝ දෙනෙක් නොන්දන්න කරුණු රාශියක් තිබේ..එය නම් මේ වනවිට කෙසෙල් ඇවරිය ළකුණින් පිරිසක් මැතිවරණයට ඉදිරිපත්ව ඇත. එය සම්පූර්ණයෙන්ම පාහේ කිලීගේ ව්‍යාපෘතියකි. මෛත්‍රී ගුණරත්නගේ නායකත්වයෙන් එය ක්‍රියාත්මක වීම පෙනුනද එහි යට ඉන්නේ මහරාජා සංවිධානයයි. අනෙක් කරුණ නම් දූෂණ විරෝධි සංවිධානයට මුදල් පොම්ප කරන්නේද කිලීමහරාජා වීම විශේෂත්වයක්.

පොර්ට් සිටි ව්‍යාපෘතිය.

ඔබට මෙහිදී මහරාජාගේ භාවිතාව පිළිබඳව කිනම්දැයි යන්න සිතා බැලීමට හොඳ උදාහරණයක් ඇත.
ඒ මහජනතාවගේ දැඩි ලෙස විරෝධය එල්ල වූ කොළඹ පොර්ට් සිටි ව්‍යාපෘතියයි. මේ ජනතා විරෝධය ආණ්ඩු විරෝධයක් බවට පත් වූ අතර එහි මාධ්‍ය මෙහෙයුම තමන්ගේ අතට ගත් මේ කිලීලා අවසානයේ ඩොලර් මිලියන ගානක ඩීල් එකකින් ජනතා සටන පාවා දෙමින් පෝර්ට් සිටි ව්‍යාපෘතිය සුද්ධ කිරීමට පටන් ගනු ලැබීය.

ඉන්පසු ගඩොලක් ලංකාව වටා ගෙනයමින් එය ජනාධිපතිවරයාවත් ඇඳා ගනිමින් මහා විජුම්බරයක් ක්‍රියාත්මක කරමිඟෝල් ෆේස් පිරියේදී ගඩොල් සෙල්ලමක් ක්‍රියාත්මක කර අවසානයේදී පෝර්ට් සිටියේ සල්ලි මල්ලට කෑදර වී ජනතා විරෝධය ඩිල් එකකට පෙන්වා ඩොලර් කුට්ටියක් ඩැහැ ගත්තේය.

සුද්ධ කිරීම.

මේ වනවිට එක්සත් ජාතික පක්ෂය සහ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විසින් මේ සියලු තත්වයන් අධ්‍යනය කරමින් ය්හපාලන ආණ්ඩුවක් කරගෙන යෑම පිණිස බිස්නස්කාරයන්ගේ ගැට වලට අසු නොවී රාජ්‍ය පාලනය ගෙන යෑම පිණිස රජයේ ප්‍රබල ඇමතිවරුන් අතර රහස් සාකච්ඡා වට ගණනාවක්ම අවත්වා ඇති බවත් වාර්තා වෙනවා.

එමන්ම මේ සඳහා ප්‍රථමයෙන්ම විවිධ ඩීල් හරහා ආණ්ඩුවේ ඇති මෙම ඉත්තන් සුද්ධ කිරීමට දෙපාර්ශවයම එකඟ වී තිබෙනවා. මෙය කණ වැකුනු කිලීගේ නියෝග අනුවයි දැන් දැන් තම ඉත්තන් මාර්ගයෙන් තම පැවැත්ම සාදා ගැනීමට උත්සහ ගනිමින් සිටින්නේ.

මරික්කාර්ගේ මිසයිලය.

ඒ අනුව මෑතකදී ජනාධිපති මෛත්‍රී විසින් පවසන ලද ප්‍රකාශයක් මුල් කර ගනිමින් මේ වන විට සම්මුති ආණ්ඩුවේම සිටින පිරිසක් ජනපතිට එරෙහිව දේශපාලන වේදිකාවල මඩ ප්‍රහාර දියත් කරමින් සිටී. ඒ ජනපති විසින් පසුගියදා පික්පොකට් හොරු ගැන ජනපතිතුමන් කල අපුරු කතාවත් සමගය. එනම්, මුදල් පසුම්බිය සොරාගෙන දුවන ගමන් හොරා විසින්ම අන්න හොරෙක්, අන්න හොරෙක් යැයි කෑ ගසනවා මෙන්ම පාර්ලිමේන්තුවේ දෙපිරිසක් විසින් එකිනෙකාට හොරායැයි චෝදනා කරගත්ත ද සැබෑ සොරුන් කවුදැයි මේ රටේ ජනතාව දන්නා බව පැවසීමය.

මේ ප්‍රකාශයත් සමගම මරික්කාර් විසින් කිලීගේ නියෝග පිට ජනාධිපතිවරයාට එරෙහිව මිසයිලයක් ඇරියේය. අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට විරුද්ධව සිරස ආයතනයට තොරතුරු සපයන බවට එජාපයේ ඇතුලෙන්ම තමන්ට එල්ල්ල වී ඇති චෝදනා වලින් සුද්ධ වීමට ඔහු මෙලෙසින් ක්‍රියාත්මක වෙමින් සිටින බවයි වාර්තා වන්නේ.

එපමණක් නොව මරික්කාර් මහතා පාර්ලිමේන්තුව තුලද අනාගත් අවස්ථා එමටය. පාර්ලිමේන්තුවේදී නිතිය ගැන කතා කරන්න ගොස් ෆයිසර් මුස්තාපාගෙන් හොඳහැටි අහගත්තේය.

මේ එහි වීඩියෝව,

 

Facebook Comments

more recommended stories

%d bloggers like this: