Ape Rata | අපේ රට | News Sri Lanka | Latest News Sri Lanka | Braking News Sri Lanka| Gossip Sri Lanka – අපක්ෂපාතී වාර්තාකරණයේ පෙරගමන්කරු

Latest News:

කිරිවෙහෙර විහාරාධිපතිට වෙඩිතබා පලාගිය රථය සොයා ගනියි – සැකකරුවන් සොයා පුළුල් පරීක්ෂණ..!

කිරිවෙහෙර විහාරාධිපතිට වෙඩිතබා පලාගිය රථය සොයා ගනියි-සැකකරුවන් සොයා පුළුල් පරීක්ෂණ..!

කිරිවෙහෙර විහාරාධිපති පූජ්‍ය කොබවක ධම්මින්ද හිමියන් සහ තවත් හිමිනමකට වෙඩි ප්‍රහාරයක් එල්ල කර පළා ගිය රථය මේ වන විට සොයා ගෙන ඇති බව පොලීසිය පවසයි.

එය UP CAG 8531 දරණ හොණ්ඩා වෙසෙල් වර්ගයේ ජීප් රථයක් බව ද පොලීසිය සඳහන් කරයි.

තුවාල ලැබූ විහාරාධිපති හිමියන් හා අනෙක් හිමිනම මේ වන විට රෝහල් ගත කර ඇත.

ඊයේ(12) රාත්‍රී 11 ට පමණ මෝටර් රථයකින් පැමිණි තිදෙනෙකු වෙඩි ප්‍රහාරය එල්ල කර ඇති බව පොලීසිය පවසයි.

විහාරාධිපති හිමියන්ගේ උදරය ප්‍රදේශයට වෙඩි ‍ප්‍රහාරය එල්ල වී ඇති අතර මේ වන විට හම්බන්තොට රෝහලේ දැඩි සත්කාර ඒකක‍යේ වැඩිදුර ප්‍රතිකාර ලබන බව ද වාර්තා වෙයි.

මේ වන විට සැකකරුවන් සම්බන්ධයෙන් සාර්ථක තොරතුරු කිහිපයක් ලැබී ඇති අතර එය ඔස්සේ තංගල්ල කොට්ඨාස බාර පොලිස් අධිකාරීගේ අධීක්ෂණය යටතේ කතරගම පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරන බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශ පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පවසයි.