කූඹියෝ ටෙලි නාට්‍යයේ ටයිටස් අයියා සිංගප්පුරුවේදී හදිසියේ රෝගාතුර වේ..!

මේ දින වල ඉතා ජනප්‍රිය ටෙලි නාට්‍යක් වන “කූඹියෝ” ටෙලිනාටයේ ඔස්ටින් අයියා නැමැති චරිතය රග දක්වන ප්‍රවීන රංගණ ශිල්පී ටයිටස් ඇන්තනී මහතා හදිසියේ දැඩිලෙස රෝගාතුර වී සිංගප්පුරුවේ රෝහලක දැඩි සත්කාර ඒකකයට ඇතුලත් කර ඇත.

අලුත් හොරෙක් ඕනෑ නම් වේදිකා නටය රග දැක්වීමට සින්ගප්පුරුවට ගොස් නැවත ශ්‍රී ලංකාවට පැමිනෙන අතරතුර සිංගප්පුරු ගුවන්තොටුපලේ ඒ මහතා හදිසියේ රෝගාතුර වූ බව ඔහුගේ පුත් කවිදු ඇන්තනී අප හට පැවසීය.

ටයිටස් ඇන්තනී මහතා ප්‍රවීන රංගන ශීල්පී ජැක්සන් ඇන්තනී මහතාගේ සහෝදරයෙකු වන අතර මේ වන විට ජැක්සන් ඇන්තනී මහතාද සිංගප්පුරුවේ ටයිටස් ඇන්තනී මහතා ප්‍රතිකාර ලබන රෝහල වෙත ගොස් ඇත.

Facebook Comments

more recommended stories

%d bloggers like this: