“කුසල් මෙන්ඩිස්ට වතුර එකක් ගහපල්ලා..”හතුරුසිංහගේ පුහුණුවේදී කුසල්ට වෙච්ච වැඩේ මෙන්න..! (PHOTOS)

පසුගිය වසර කිහිපයේදී පහතටම වැටුණු ලංකාවේ ක්‍රිකට් ගොඩනගන අලුත්ම බලාපොරොත්තුව තමයි චන්දික හතුරුසිංහ.කාලයක් බංගලාදේශ කන්ඩායමේ පුහුණුකරු වෙලා හිටපු කාලේ බංගලාදේශ කණ්ඩායමේ සිදුවූ විශාල වෙනස මේකට හේතු වුණා.ඒ නිසා බොහෝ අය හතුරුසිංහ ගැන බලාපොරොත්තුවෙන් ඉන්නවා.

පහුගිය මාසේ වැඩ භාරගත්ත ඔහු කීවේ ශ්‍රී ලංකා කන්ඩායමට මීට වඩා බොහෝ දියුණු වෙන්න පුලුවන් කියලා.ලොකේ හොඳම පිතිකරුවන් අතරට යන්න පුලුවන් ක්‍රීඩකයෝ පවා අපිට ඉන්නවා කියලයි ඔහු කීවේ.නමුත් පහුගිය කාලෙම අසාර්ථක වුණු නිසා අපේ ක්‍රීඩකයන්ගේ මානසික මට්ටම මුලින්ම හදන්න ඕන කියලත් ඔහු කිව්වා.මේ සඳහා ඔහු නමක් යෝජනා කළා.ඒ තමයි Phil Jauncey.

ඕස්ට්‍රේලියානු ජාතිකයෙකු වන Phil Jauncey මනෝවිද්‍යාව සහ උපදේශනය සම්බන්ධයෙන් ආචාර්ය උපාධියක් සහිත ක්වීන්ස්ලන්ඩ් විශ්වවිද්‍යාලයේ ආචාර්යවරයෙක්. ‘Understanding Ourselves and Others’, ‘Management Education’, සහ‘The Power of Positive Doing’ වැනි කෘතීන් රචනා කර ඇති ජෝන්සි දැනට ඔස්ට්‍රේලියානු බේස්බෝල් කණ්ඩායමේ නිල මනෝ උපදේශකවරයා ලෙසද කටයුතු කරනවා.

ඔහු ලංකාවේ ක්‍රීඩයන්ට අද (04) ක්‍රිකට් ආයතනයේදී වැඩමුළුවක් කළා.තරඟයකදී මානසික මට්ටම පාලනය කරගන්නේ කොහොමද, ධනාත්මකව තරඟයකට අවතීරණ වෙන්නේ කොහොමද කියලා ඔහු අපේ ක්‍රීඩකයන්ට කියලා දීලා තියනවා.කොහොම වුණත් මේ වෙලාවේ කුසල් මෙන්ඩිස් නිදාගෙන ඉන්නේ කියලත් සමහරු කියන්න පටන් අරන්.

පුහුණුකරු හතුරුසිංහත් මේ අස්ථාවට සහභාගී වෙලා තිබුණා.ඉදිරියේදීත් මේ වගේ වැඩමුළු පවත්වනවා කියලයි ආරංචි වෙන්නේ.

Facebook Comments

more recommended stories

%d bloggers like this: