ජනපති සොයුරා රිමාන්ඩ් – මියගිය දේහයන්ට ජනපතිගෙන් අවසන් ගෞරව..!

පොළොන්නරුව හිඟුරක්ගොඩ මාර්ගයේ ඇතුමල්පිටියේදී පසුගිය 09 වනදා රාත්‍රියේ සිදුවූ රිය අනතුරින් මිය ගිය ඒ.ජේ.එම්. ජයරත්න සහ ඒ.ජේ.එම්. බුද්ධදාස යන අයගේ දේහයන් සඳහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඊයේ (10) පස්වරුවේ අවසන් ගෞරව දැක්වීය.
දේහයන්ට අවසන් ගෞරව දැක්වූ ජනාධිපතිවරයා පවුලේ සාමාජිකයින් වෙත සිය සාතිශය සංවේගය පළ කරමින් ඔවුන්ගේ තොරතුරු විමසීය.

එමෙන්ම ඔවුන්ගේ පවුල්වල ඉදිරි කටයුතු සඳහා මෙන්ම දරුවන්ගේ අධ්‍යාපන කටයුතු සඳහා ලබාදිය හැකි සෑම සහයක්ම ලබාදීමට කටයුතු කරන බව ද ජනාධිපතිවරයා මෙහිදී සඳහන් කළේය.

පොලොන්නරුව ඇතුමල්පිටිය ප්‍රදේශයේ 09 වනදා අලුයම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ සොහොයුරෙකු වන ලාල් සිරිසේන මහතා ගමන් ගත් වාහනයේ ගැටීමෙන් යතුරුපැදියේ ගමන් ගත් එකම පවුලේ දෙදෙනෙකු මියගොස් තිබිණි.

මෙම අනතුරෙන් පසු ලාල් සිරිසේන මහතා පොලොන්නරුව පොලීසියට බාරවීමෙන් අනතුරුව අත්අඩංගුවට ගෙන මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.

පොලොන්නරුවේ ඇතුමල්පිටිය ප්‍රදේශයේදී ලාල් සිරිසේන පැදවූ ජීප් රියට පෙරේදා (09) පාන්දර යට වී යතුරු පැදි කරුවන් දෙදෙනෙකු මිය ගොස් තිබිණ. මිය ගොස් ඇත්තේ ඒ.ජේ.එම්. ජයරත්න (48) සහ ඒ.ජේ.එම්. බුද්ධදාස (58) යන එකම පවුලේ සොයුරන් දෙදෙනෙකි. බුද්ධදාස නමැත්තාගේ වකුගඩු රෝගයට ප්‍රතිකාර ලබා ගැනීම සඳහා රෝහලට රැගෙන ගොස් එන අතර තුරදී මෙම අනතුර සිදුව තිබිණ. එක් අයෙකු එතැනම මිය ගිය අතර අනෙක් අය රෝහලට ඇතුලත් කිරීමෙන් පසුව මිය ගොස් තිබේ.

අනතුරින් පසුව ලෑන්ඩ් කෘෘෂර් වර්ගයේ ජීප් රිය පැදවූ ලාල් සිරිසේන සවස පොලිසියට බාර වී තිබේ. ඉන්පසුව පොලොන්නරුව පොලිසියේ නිලධාරියෙකු පොලිසියේ ඉහල නිලධාරියෙකු හරහා ජනාධිපති ආරක්ෂක අංශයේ ප්‍රධානී ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති වික්‍රමසිංහ හරහා ජනාධිපතිවරයා අමතා සිද්ධිය ගැන සැල කර ඇත. එහිදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසා ඇත්තේ “වෙන මිනිස්සු අනතුරු කරාමත් ඒ මිනිස්සුන්ගේ නෑදෑ වෙන ලොකු ලොක්කන්ගෙන් අහලද නීතිය ක්‍රියාත්මක කරන්නේ..? මොනවාද මගෙන් අහන්නේ..? සාමාන්‍ය මිනිස්සුන්ට කරන නීතියම තරාතිරම නොබලා නීතිය ක්‍රියාත්මක කරන්න” කියා සැරෙන් පිළිතුරු ලබාදී තිබේ.. 

more recommended stories