“ඡන්ද ප්‍රතිපලයෙන් ආණ්ඩුව තවත් ශක්තිමත් වෙලා..! – රාජිත

යහපාලන ආණ්ඩුවට 2015 ජනවාරි 08 ජනපතිවරණයේ දී ලැබුණු ජනවරම පළාත් පාලන මැතිවරණයේදී තවත් ශක්තිමත් වී තිබෙන බව සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය, රජයේ සම කැබිනට් මාධ්‍ය ප්‍රකාශක දොස්තර රාජිත සේනාරත්න මහතා පවසයි.

එබැවින් අගමැතිවරයා වෙනස් කිරීමේ හෝ ආණ්ඩුව ඉල්ලා අස්වීමේ කිසිදු අවශ්‍යතාවක් මතු වී නොමැති බව ද සෞඛ්‍ය අමාත්‍යවරයා පවසයි.

ප්‍රකාශිත ඡන්ද ප්‍රතිඵලවලට අනුව ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණට ලැබී තිබෙන්නේ ප්‍රකාශිත ඡන්ද සංඛ්‍යාවෙන් 45% කට ආසන්න ඡන්ද ප්‍රතිශතයක් බව පවසන අමාත්‍යවරයා එය ජනවාරි 08 මැතිවරණයේ දී හිටපු ජනාධිපතිවරයා ලබා ගත් ඡන්ද ප්‍රතිශතයට වඩා අඩු ඡන්ද ප්‍රතිශතයක් බව ද සඳහන් කරයි.

එම ප්‍රතිඵලය අනුව ශ්‍රී ලංකාවේ බහුතර ඡන්දදායකයන් සිය ඡන්දය භාවිත කර තිබෙන්නේ පොහොට්ටුව ලකුණෙන් තරග කළ පොදු ජන පෙරමුණට එරෙහිව බව සෙඛ්‍ය අමාත්‍යවරයා පෙන්වා දෙයි.

”ආණ්ඩුවේ අඩු පාඩු නිවැරදි කරගෙන ඉදිරියට යාමට ඔවුන් දෙදෙනාම කැමැත්ත පළ කළා”

වැඩිදුරටත් අදහස් දැක් වූ සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය, රජයේ සම කැබිනට් මාධ්‍ය ප්‍රකාශක දොස්තර රාජිත සේනාරත්න මහතා :

“ප්‍රතිඵලය පිළිබඳව මා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා  සහ අගමැති රනිල් වික්‍රමසිංහ මහතා සමග සාකච්ඡා කළා. ආණ්ඩුවේ අඩු පාඩු නිවැරදි කරගෙන ඉදිරියට යාමට ඔවුන් දෙදෙනාම කැමැත්ත පළ කළා.

පළාත් පාලන මැතිවරණය ජයගෙන අග්‍රාමාත්‍යවරයා වීමට හෝ මහ මැතිවරණයක් පැවැත්වීමට හිටපු ජනාධිපතිවරයා සිහිනයක සිටිය ද එය ඉටු වන්නේ නැහැ.

හිටපු ජනාධිපතිවරයාට අග්‍රාමාත්‍ය ධූරය ලබාදීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හෝ එක්සත් ජාතික පක්ෂය මෙතෙක් යෝජනා කර නැහැ.

2015 වසරේ වත්මන් රජයට ජනවරම ලබාදී ඇත්තේ දුෂණය සහ වංචාව පිටුදැකීමටයි. එය අඛණ්ඩව ඉදිරියට සිදු කිරීමට යහපාලන රජයේ නායකයින් එකගත්වයට පැමිණ තිබෙනවා.

ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරයෙකු වන වන ඩලස් අලහප්පෙරුම මහතා අද (11) දින මාධ්‍යයට ප්‍රකාශ කර තිබෙනවා. බේරුවල ආසනයේ පරාජයත් සමග මම සොයාගැනීමට නොහැකි බව. නමුත් මම කියන්න කැමැතියි ඩලස් අලහප්පෙරුම මන්ත්‍රීවරයා මෙන් මම ඇමරිකාවට පැනලා ගියේ නැහැ. නිවසේ සිටිනවා.

ජනවරමට අනුව අපේක්ෂාවන් ඉටු කිරීමේ සටනේ තවදුරටත් රැදී සිටිනවා. එමෙන්ම  2020 න් පසු ජනාධිපතිවරයා යළි පත් කිරීමට ද කටයුතු කරනවා.”

 ජනවාරි 8 ජනමතයේ වෙනසක් නෑ – “මහින්දට 44.69% යි – එදා බලවේග 55.35% යි

පළාත් පාලන ආයතන පිහිටුවීමේ දී එක්සත් ජාතික පක්ෂය සහ මෛත්‍රීපාල සිරිසේන නායකත්වය දුන් ශ්‍රීලනිප සහ එජනිස කණ්ඩායම් එක්ව සභා පිහිටුවීමටත් 2020 දක්වා සම්මුති ආණ්ඩුව දිගටම පවත්වාගෙන යාමටත් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ අගමැති රනිල් වික්‍රමසිංහ මහතා අතර තීරණාත්මක සාකච්ඡාවකින් පසු අද තීරණය කර තිබේ.

අවසාන නිල ඡන්ද ප්‍රතිඵල නිකුත් වීමෙන් පසු නායක දෙපොල සාකච්ඡා පවත්වා ඇති අතර එහිදී මෙම තීන්දු වලට පැමිණ තිබේ. නායක දෙපොල ආණ්ඩුවේ රැඩිකල් වෙනසක් ඇති කිරීමට ද තීන්දු කර ඇත. එම රැඩිකල් වෙනසට කැබිනට් ධූර කිහිපයක වෙනස් කම් ද ජනාධිපතිවරයාගේ සහ අගමැති කාර්ය මණ්ඩලයේ සිටින කුමන්ත්‍රණ කරුවන් ඉවත් කිරීමට ද තීන්දු කර තිබේ.

මෙම මැතිවරණ ප්‍රතිඵලයේ අවසන් නිල ප්‍රතිශතයන් අනුව 2015 ජනවාරි 8 ජනමතයෙන් පහලට වැටීමක් නොමැති බව සාකච්ඡා කෙරී ඇත. ඒ අනුව මහින්ද රාජපක්ෂගේ පොහොට්ටුව 44.69% ක් ලබා ගනිද්දී එදා හංසයා සමග එක්ව සිටි බලවේගයන්ගේ අද එකතුව 55.35% ක් බව පෙනී යන බැවින් එජාපය සහ මෛත්‍රීගේ කණ්ඩායම් එක්ව සභා පිහිටුවීමට තීරණය කරන ලදී.

පළාත් පාලන ආයතන 340 න් 239 ක් පොහොට්ටුව ජය ගෙන තිබූ අතර ආයතන 42 ක් එක්සත් ජාතික පක්ෂයද, උතුරේ සහ නැගෙනහිර ආයතන 38 ක් ටීඑන්ඒ පක්ෂයද, 07 ක් මෛත්‍රීපාල සිරිසේනගේ ශ්‍රීලනිප සහ එජනිසය ද ජය ගෙන තිබේ.

සිරිසේන-වික්‍රමසිංහ සාකච්ඡා අනුව එක්ව සභා පිහිටුවන්නේ නම් ආයතන 340 න් ආයතන 100 කට අධික සංඛ්‍යාවක බලය ලබා ගත හැකි වනු ඇත්තේ එජාපයට සහ ශ්‍රිලනිප-එජනිස සංධානයන්ට ය.

අගමැති සමග සාකච්ඡාවෙන් පසු ජනාධිපතිවරයා එජාප පාර්ලිමේන්තු කණ්ඩායම සමගද ශ්‍රීලනිප පාර්ලිමේන්තු කණ්ඩායම සමගද වෙන වෙනම සාකච්ඡා පැවැත්වීය. ඒ සම්බන්ධව වෙන වෙනම වාර්තා ගෙන එනු ඇත.

Facebook Comments

more recommended stories

%d bloggers like this: