Ape Rata | අපේ රට | News Sri Lanka | Latest News Sri Lanka | Braking News Sri Lanka| Gossip Sri Lanka – අපක්ෂපාතී වාර්තාකරණයේ පෙරගමන්කරු

Latest News:

අභියෝග වලට භය නෑ – මත්ජාවාරම්කරුවන්ට එරෙහි මරණ දඬුවම අනිවාර්යයි..!                 මියැදෙන්නට සිටි බලු පැටියෙකු සුවපත් කල බන්ධනාගාරයේ උතුම් මිනිස්සු..!                 ගාලු ක්‍රීඩාංගණයට කරන්න යන දේ දැක රංගන හේරත්ගෙන් සංවේදි කතාවක්..! (VIDEO)                 ලේ ලබා දී දරුවන් සහ මව්වරුන් මිලියන 2.4 කට පිහිට වූ ඕස්ට්‍රේලියානුවා                 ලංකාවෙන් ගිහින් බුකර් සම්මානය දිනා ලෝකෙන්ම එක වුණු මයිකල් ඔන්ඩාච්චි.                 රාජපක්ෂලා ගෙන් අල්ලස් ගත් බ්‍රිතාන්‍ය මන්ත්‍රී දින 30ක් ගෙදර..!!=                 විවෘත රාජ්‍ය හවුල්කාරිත්වයේ නායක හමුවට ප්‍රථම වරට අපේ රට එක්වෙමින් ජනාධිපති ලොවට කියු දේ..!                 මීගලෑව උඩු යටිකුරු කළ රටක් වටින OIC මහත්තයා (PHOTOS)                

කොටින්ගේ අඩි 35 ක භූගත බංකරයක් කිලිනොච්චියෙන් හමුවෙයි..! (Photo)

කිලිනොච්චිය අරසන්කේනි ප්‍රදේශයේදී එල්.ටී.ටී.ඊ. සංවිධානය විසින් යුද සමයේදී භාවිතයට ගත් අඩි 35ක පමණ ගැඹුරින් යුත් භූගත බංකරයක් ආරක්ෂක අංශ විසින් සොයාගෙන ඇත.

අරසන්කේනි ප්‍රදේශයේ යුද සමයේ සිට නැවත පදිංචි වීමක් නොවූ ඉඩමක මුල් අයිතිකරුවෙකු පැමිණ ඉඩම පරික්ෂා කිරීමේදී අදාල භූගත බංකරය දැක ලගම පිහිටි යුද හමුදා කඳවුර වෙතට දැනුම් දී ඇති අතර පසුව යුද හමුදා සෙබලුන් පිරිසක් විසින් අදාල ස්ථානයට පැමිණ බංකරය පරික්ෂා කොට ඇත.

යුද සමයේදී ආරක්ෂක අංශ ප්‍රහාරයන්ගේන බේරීම සඳහා කොටි සාමාජිකයින් විසින් මෙම බංකරය අඩි 35 ක් තරම් වූ ගැඹුරකට කපා බංකරය උඩ කොටස ඝන කොන්ක්‍රීට් තට්ටුවකින් වසා තිබේ.

යුද සමයේදී කොටි නායක වේලුපිල්ලේ ප්‍රභාකරන්ද සැගවී සිටියේ මුලතිව් පුදුකුඩිඉරිප්පු ප්‍රදේශයේ පිහිටි මෙවැනි වූ බංකරකය.

මෙම බංකරය තිබූ ස්ථානයේ යුද සමයේදී කොටි කඳවුරක්ද තිබූ බවටද සැක පල වන බවටද භූගත බංකරය ඉදිරියේදී විනාශ කර දැමීමට පියවර ගන්නා බවටද යුද හමුදා නිලධාරීන් වැඩි දුරටත් කියා සිටියහ.

– වන්නි රොමේෂ් මධුෂංඛ