තරඟ තහනමක් තියෙනවද..? ඇත්තම කතාව ලූෂන් හෙලි කරයි..!!

තමන්ට කිසිඳු දේශිය තරඟ  තහනමක් පනවා නොමැති බවත්, තහනම් උත්තේජක පරීක්ෂණ සිදු නොකරන විදෙස් තරඟාවලි වෙනුවෙන් පමණක් ඉදිරිපත් වන බව කාය වර්ධන ක්‍රීඩක ලූෂන් පුෂ්පරාජ් පවසනවා.මේ නිසා ශ්‍රී ලංකා තහණම් උත්තේජක මර්දන නියෝජිතායතනයේ පරීක්ෂණ සඳහා තමන් සහභාගී වීමට අවශ්‍යතාවයක් නොමැති බවද ඔහු සඳහන් කරනවා.

මෙතෙක් ශ්‍රී ලංකා කාය වර්ධන ක්‍රීඩකයෙකු ඇමරිකාවේ ලද ඉහලම පිළිගැනීම වූ ‘‘මිස්ටර් ඇට්ලස්‘‘ තරඟාවලියේ සිවුවැනි ස්ථානය දිනා ගැනීම සහ සම්මානයට පාත්‍රවීම පිළිබඳව මාධ්‍ය දැනුවත් කිරීමේ හමුවකදී මේ පිළිබඳ ඔහු පවසා තිබුනා.

එසේම ලූෂන් පුෂ්පරාජ්ට ඉදිරියේදී විදෙස් තරඟාවලි 05 ක් සඳහා ආරාධනා ලැබී ඇති අතර තමන් ඒ සඳහා සහභාගී වන්නේ ජාත්‍යන්තර කායවර්ධන සංගමයේ WBPF යටතේ බවත් ඔහු කියා සිටියා.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ලූෂන් මෙලෙසද ප්‍රකාශ කලා.

කායවර්ධන සංගමයෙන්  මට කිසිම තහනමක් නෑ. ඒ ගැන කායවර්ධන සංගමයේ සභාපතිවරයා සහභාගී වූ රූපවාහිනී වැඩසටහනකදීත් පැහැදිලිව සඳහන් කරලා තිබුනා. ඒ වගේම ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර මහතාත් මට මෙම තරඟාවලිය සඳහා ගොඩක් සහයෝගයක් දැක්වුවා. ඔහු අනිවාර්යෙන්ම මගේ ජයග්‍රහනය පිළිගන්නවා. මෙම තරඟාවලිය ජාත්‍යන්තරය තුල තිබෙන ලොකුම සහ නිල වශයෙන් තියෙන තරඟාවලියක්. ඉතිං මම නියෝජනය කලේ මගේ රට. මගේ ජාතික ධජය යටතේ. මට කිසිම තහණමක් අද වෙනකොට ක්‍රීඩාව සම්බන්ධයෙන් ඇතිවෙලා නෑ. මට අදවන තුරු ලංකාව හෝ ජාත්‍යන්තර තුල ක්‍රීඩා කිරීමට තහනමක් නැහැ. මට කිසිම තහනමක් ගැන අදවෙනකන් මුකුත් දැනගන්න ලැබිලත් නැහැ.

මම ක්‍රීඩා අමාත්‍යංශයටත් ගියා.  එහිදී ක්‍රීඩා ඇමතිතුමා මට සුභාශිංසනත් එකතු කලා. මම ඇමරිකාවට යන්න ඉස්සෙල්ලත් ඇමතිතුමා එක්ක කතා කරලයි ගියේ.ලංකාවේ තරඟ තහනමක් නැත්තම් ශ්‍රී ලාංකීය ක්‍රීඩකයෙක් විදියට ශ්‍රී ලංකා ධජය යටතේ ක්‍රීඩා කරන්න පුළුවන්.

ශ්‍රී ලංකා තහණම් උත්තේජක මර්ධන නියෝජිතායතනය කැඳවූ  තහණම් උත්තේජක පරීක්ෂණය මම මග හැරියේ නෑ.කායවර්ධන සංගමයෙන් අපිට දෙයක් වෙන්නෙ නැත්තම් , ක්‍රීඩකයන්ට දෙයක් වෙන්නෙ නැත්තම් ඇයි අපි සංගමයකින් යන්නෙ. පහුගිය අවුරුදු 04 ගත්තහම සංගමයෙන් එක ක්‍රීඩකයෙක්වත් පිටරට තරඟවලට යවලා නැහැ.ගිහින් තියෙන්නෙ මමයි ධනුෂ්කයි විතරයි.අපි කොතනද ඉන්නෙ කියන එක අහන්න ඕන සංගමයෙන්.අපේ දක්ෂතා පහත් කරගෙන මෙතන තියාගෙන ඉන්නවද.? නැත්තම් ලෝකෙටම පෙන්නනවද කියලා අපි සිතා බැලිය යුුතුයි. මගේ තියෙන්නෙ සංගමයට විරුද්ධව යන ගමනක් නෙමෙයි. තහනම් උත්තේජක පරීක්ෂණ සිදු කරන සහ නොකරන තරඟාවලි වර්ග දෙකක් තියෙනවා. මම යන්නෙ තහනම් උත්තේජක පරීක්ෂා නොකරන තරඟාවලි වලට. ඒ නිසා මට තහණම් උත්තේජක මර්ධන නියෝජිතායනයට යන්න අවශ්‍යතාවයක් නෑ.

Facebook Comments

more recommended stories

%d bloggers like this: