ගණිකාවෝ 45,000යි ,සමලිංගිකයෝ ලක්ෂ 25යි – මෙන්න මහින්ද,වෙල්ගම රිදෙන්න දුන්න කතාව.(VIDEO)

දිවයින පුරා ගණිකා වෘත්තියේ යෙදෙන කාන්තාවන් 45,000ක් සිටින බවත්, ඔවුන් දිනකට පිරිමින් ලක්ෂ තුනකට පමණ සේවය සපයන බවත්, කුරැණෑගල රෝහලේ ලිංගාශ්‍රිත රෝග හා ඒඩ්ස් මර්දන ඒකකයේ විශේෂඥ වෛද්‍ය එච්.ඒ.සී.ඩබ්ලිව්. හතුරුසිංහ මහතා කියයි.

ඒඩ්ස් දිනයට සමගාමීව කුරුණෑගල තරුණ බෞද්ධ සංගම් ශාලාවේ පැවැති උත්සවයකදී ඒ මහතා මේ බව අනාවරණය කළේය.සමලිංගික සේවනයේ යෙදෙන පිරිස මේවන විට ලක්ෂ 25 ක් පමණ වෙතැයි ද ඔහු එහිදී කීය.

දැනට හඳුනාගත් HIV ආසාධිතයන් 2,600ක් පමණ ඇතැයිද, මේවන විට වයස අවුරුදු 15ත් 24ත් අතර පිරිස ද ලිංගාශ්‍රිත රෝගවලට ගොදුරුව සිටින වැඩිපිරිස අතර සිටින බවද ඔහු සඳහන් කළේය.

මේ අතර පසුගිය සතියේ බදුල්ලේ පැවති රැස්වීමකදී හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සහ කුමාර වෙල්ගම කියා සිටියේ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ දේශපාලන පක්ෂයක් ලෙස සමලිංගික අයිතිවාසිකම් සහ විවාහය නීතිගත කිරීමට විරුද්ධ නමුත්, සමලිංගික සේවනයට ඔවුන්ගේ විරුද්ධත්වයක් නොමැති බව හැඟවූ අතර ඒ වෙනුවෙන් යෝජනා කර සිටියේ සමලිංගික සේවනය රහසේ ගෙවල් තුළ සිදුකර ගත යුතුව ඇති බවය.

එමෙන්ම වෙල්ගම ඇමතිවරයාගේ බහු භාර්ය සම්බන්ධතා උත්කර්ෂයට නංවමින් තම පාක්ෂිකයින් ඉදිරියේ එය හුවා දැක්වීමට පසුබට නොවීම තුළින් හිටපු ජනාධිපතිවරයා බහු භාර්යා සේවනය එළිපිට සිදුකිරීමේ කිසිදු වරදක් නොමැති බව හැගවෙන ප්‍රකාශයක් මෙම කතාවේදී සිදුකර තිබේ.

වීඩියෝව පහතින් නරඹන්න,

Facebook Comments

more recommended stories

%d bloggers like this: