බයිසිකල් මන්ත්‍රිවරුන්ට ගේට්ටු ඇරියේ නෑ කියලා හිටපු ජනාධිපති වලියක් දාගත්තු හැටි..! (VIDEO)

ඇතිවී තිබෙන පෙට්‍රල් අර්බුදයට විරෝධය පා හිටපු ජනාධිපති, පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ මහතා ප්‍රමුඛ ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන් පිරිසක් අද (09) දිනයේ පාර්ලිමේන්තු සැසි වාරය සඳහා සහභාගී වීම සඳහා පාර්ලිමේන්තු ගේට්ටුවේ සිට පරිශ්‍රය දක්වා ෆුට් සයිකල් වලින් පැමිණියා.

එමෙන්ම ඒ සඳහා එක්වූ දිනේෂ් ගුණවර්ධන මන්ත්‍රීවරයා ගොන් කරත්තයක් භාවිතා කලේය.

පාර්ලිමේන්තු ප්‍රවේශ ගේට්ටුව අසලට පැමිණි පසු හිටපු ජනාධිපති, පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ මහතා සහ අනෙකුත් මන්ත්‍රිවරුන්ගේ ආධාරකරුවන් විශාල ප්‍රමාණයක් සිටි බැවින් ඔවුනට යෑමට ඉඩ දිය නොහැකි බවට උසස් පොලිස් නිලධාරියෙක්පැවසීමත් සමග එම ස්ථානය උණුසුම් ස්වභාවයක් ගනු ලැබීය.

කෙසේ වෙතත් මහින්දානන්ද අලුත්ගමගේ මන්ත්‍රිවරයා පැමිණ තත්වය සමනය කල පසු මන්ත්‍රීවරුන්ට පමණක් එම ස්ථානයේ සිට පාර්ලිමේන්තුවට යෑම සඳහා අවස්ථාව හිමි විය.

පෙට්‍රල් නැති නිසා ඔවුන් මෙලෙස පැමිණි බව ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන් පැවසුවද ඔවුන් පිටුපසින් පරිවාර රථ විශාල ප්‍රමාණයක් පැමිණීම විශේෂත්වයක් වන බවයි පසුව පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් නලින් බණ්ඩාර මන්ත්‍රීවරයා සඳහන් කරනු ලැබුවේ.

එහිදී එම ස්ථානයේ ඇතිවූ උණුසුම්කාරී තත්වයේ වීඩියෝව පහතින්,

Facebook Comments

more recommended stories

%d bloggers like this: