ජනාධිපති සහ අගමැති අතර ගැටුම් ඇති කිරීමේ සැලසුමක් මාට්ටු..!

බැඳුම්කර ගනු දෙනුවට අදාළව කරුණු විමර්ශනය කළ ජනාධිපති විශේෂ විමර්ශන කොමිසමේ වාර්තාව පදනම් කර ගෙන ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ අගමැති රනිල් වික්‍රමසිංහ යන මහත්වරුන් අතර මත ගැටුම් අති කිරීමේ සැලසුම්සහගත වැඩපිළිවෙළක් පිළිබඳව සියලු තොරතුරු හෙළිදරව් වී තිබෙනවා.

ජනාධිපතිවරයා සහ අගමැතිවරයා අතර මෙම මත ගැටුම් අති කිරීමේ වැඩ පිළිවෙළ පිළිබඳ සියලු සාකච්ඡා සිදු කර ඇත්තේ කොළඹ හිල්ටන් හෝටලයේ දී වන අතර ඒ වෙනුවෙන් බර පැන දැරීම ඇතුළු සියලු පහසුකම් සපයා ඇත්තේ හිල්ටන් හෝටලයේ සහ එක්සත් ප්‍රවෘත්ති පත්‍ර සමාගමේ පුද්ගලයෙක් විසිනි.

මේ සාකච්ඡා සඳහා නීතිපති දෙපාර්තමේන්තුවේ අතිරේක සොලිසිටර් ජනරාල්වරයකු, ප්‍රබල නිලධාරියකු සහ ඇමතිවරයකු සහභාගී වී තිබෙන බවත් සඳහන්.

බැඳුම්කර ගනුදෙනුවට අදාළව කරුණු විමර්ශනය කළ ජනාධිපති විශේෂ විමර්ශන කොමිසමේ වාර්තාව එළිදැක්වීමට පෙර සිටම සතියට දින කිහිපයක් කොළඹ හිල්ටන් හෝටලයේ දී සවස් වරුවේ හමු වී ඇති මේ කණ්ඩායම අදාළ වාර්තාව එළිදැක්වූවාට පසුව ක්‍රියා කළ යුතු ආකාරයත්, එම වාර්තාව සම්බන්ධයෙන් කරුණු පිළිබඳව සාකච්ඡා කර ඇත්තේ ඉස්තරම් වර්ගයේ මිල අධික විදේශීය මත් පැන් ද තොලගාමින් බව හෙළි වී තිබේ.

මේ සිද්ධිය පිළිබඳ සියලු තොරතුරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට සහ අගමැති රනිල් වික්‍රමසිංහ මහතා වෙත මේ වන විටත් වාර්තා වී තිබෙන අතර පළාත් පාලන මැතිවරණය අවසන් වූ වහාම මේ පිළිබඳව කඩිනම් ක්‍රියාමාර්ගයක් ප්‍රබල ඇමතිවරයෙකුගේ මැදිහත් වීමේන් ජනධිපති සහ අගමැතිවරයා ගනු ඇතැයිද වාර්තා වෙනවා.

Facebook Comments

more recommended stories

%d bloggers like this: