මහින්දගේ මහා පරිමාණ දූශණ සෙවීමට මෛත්‍රී, රනිල් ගහන ගේම මෙන්න..!

රනිල්ගේ මේ ප්‍රකාශයේ අරුත කුමක්ද?

බැඳුම්කර විශේෂඥ විද්වතුන්ට අසු නොවූ කිසියම් රහසිගත තුරුම්පුවක් සඟවාගෙන මෛත්‍රීත් රනිලුත් ක්‍රියා කරනවාද?

පර්පෙචුවල් එකේ බිලියන 12ක් මහ බැංකුව රඳවාගෙන තියනව කියල රාජිත කියනවා.

රනිල් කියන්නේ ඒ ගැනද?

මේ අටවා ඇත්තේ උගුලක් නම් ඒ උගුල ඇටවීමේ පරමාර්ථයන් මොනවාද?

2008 සිට පසුගිය රජය කරන ලද ඍජු බැඳුම්කර නිකුත් කිරීම් වංචා සෙවීමද? යහපාලන රජයේ දූෂකයන් සෙවීමද?

නැත්නම් එක ගලෙන් කුරුල්ලන් කිහිප දෙනෙකුමදඩයම් කරගන්නා උපක්‍රමයක්ද?

රනිල්ට කියවන්නට නොදුන් ප්‍රකාශයේ අවසානයේදී ඔහු මෙසේ කියන්නේය.

” නැතිවෙලයි කියන බිලියන 11 ශ්‍රී ලංකා මහ බැංකුවේ තියෙනවා. නැති වෙලා නැහැ. ඒක කියන්න දෙන්නෙ නැතිව මේ කෑගැහුවෙ. එහෙම නැත්නම්, ඒ සල්ලි නැතිවෙලා කියලා, එළියට ගිහින් දේශපාලනය කරන්න බැහැ. ඒක නිසයි විපක්ෂය මේ කෑගැහුවේ”

බිලියන එකොළහක් ඇමට දී….
පසුගිය රජය බිලියන් දහස් ගණනින් කළ  අනුමැතියෙන් තොර ඍජු නිකුත් කිරීම්මේ විමර්ශනයෙන් සොයා ගන්නට යන සැබෑ සොරකම විය නොහැකිද?

මහින්දගේ රජය විසින් 2008 සිට කළ බැඳුම්කර ගැන සෙවීම පළිගැනීමක් ලෙස නම් කළ හැකිද?

රනිල්ට කියවන්නට නොදුන් ප්‍රකාශයේ ඔහු මෙසේ කියන්නේය.

“ශ්‍රී ලංකා ඉතිහාසයේ මෙවැනි විමර්ශන ක්‍රියාවලියක් සාධාරණව, අපක්ෂපාතීව හා කඩිනමින් සිදුකළ ප්‍රථම අවස්ථාව මෙයයි. මෙය ඉතා සංකීර්ණ විමර්ශන ක්‍රියාවලියක්. 2015 ජනවාරි 08 වැනි දින අප පිහිටුවූ යහපාලන රජයේ විශේෂ ජයග්‍රහණයක්. අවුරුදු 10කට පසුව රටේ මූල්‍ය පාලනය හා අධීක්ෂණය ආපසු පාර්ලිමේන්තුව වෙත ලබාදීමට අපට හැකිවුණා. පසුගිය කාලයේ මෙම ගනුදෙනු කිසිවක් පිළිබඳව පාර්ලිමේන්තුව දැන සිටියේ නැහැ. අවම වශයෙන් අමාත්‍යවරු හෝ වගකිවයුතු නිලධාරීන් දැන සිටියේත් නැහැ. නමුත් අපි එම තත්ත්වය වෙනස් කොට තිබෙනවා.

එසේම 2008 වසරේ සිට 2014 වසර දක්වා භාණ්ඩාගාර බැඳුම්කර නිකුතුවලදී සිදුව ඇති අවභාවිතයන් පිළිබඳව විමර්ශනය කළ යුතු බව ජනාධිපති කොමිෂන් සභා වාර්තාවේ සඳහන් කර ඇති බව ගරු ජනාධිපතිතුමා ප්‍රකාශ කළා. එම අවභාවිතයන් පිළිබඳව කඩිනමින් සෙවීමටද අදාළ අංශවලට මා උපදෙස් ලබාදී අවසන්. එම සියලුම වංචා සොයා බලා වැරැදිකරුවන්ට දඬුවම් දීමට අප කටයුතු කරනවා.

2008 සිට 2014 වසර දක්වා කාලය තුළ බහුතරයක් බැඳුම්කර නිකුත් කිරීම් සිදුකොට තිබෙන්නේ පුද්ගලික සෘජු නිකුත් කිරීම්. මෙහි කිසිම විනිවිදභාවයක් තිබිලා නැහැ. මේ කාලය තුළ රුපියල් බිලියන පන්දහස් එකසිය හතළිස් හතක (රු. 5,147,751,210,000) බැඳුම්කර නිකුත් කර තිබෙන අතර ඉන් රුපියල් බිලියන හාරදහස් හත්සිය දෙකක (රු. 4,702,232,210,000) ක බැඳුම්කර නිකුත් කර තිබෙන්නේ පෞද්ගලික සෘජු නිකුත් කිරීමේ ක්‍රමය යටතේයි. එනම් මෙම කාලය තුළ මුළු බැඳුම්කර නිකුතුවලින් සියයට 90කට වඩා වැඩි ප්‍රතිශතයක් නිකුත් කර තිබෙන්නේ පෞද්ගලික සෘජු බැඳුම්කර නිකුතු ක්‍රමය යටතේයි. මේ කිසිවකට මුදල් මණ්ඩලයේ අනුමැතියක් ලැබී නැහැ.
එම කාලය තුළ ශ්‍රී ලංකා මහ බැංකුව භාරව සිටි මුදල් අමාත්‍යතුමා ඒ සම්බන්ධව පාර්ලිමේන්තුවට ප්‍රකාශයක් සිදු කළ යුතුයි. මහජන නියෝජිතයන් වන අපත් මේ රටේ ජනතාවත් මෙම අබිරහස් පිළිබඳව දැනුවත් විය යුතුයි. ”

– Lahiru Senanayake

Facebook Comments

more recommended stories

%d bloggers like this: