මෛත්‍රී බුදුන්ගේ පහලවීම කවදාද..? හරියටම දැනගන්න කියවන්න. (PHOTO)

ලෝක විනාශය සම්බන්දයෙන් ලොව පුරා විවිධ අදහස් පවතිනවා. බුදු දහමට අනුව ලෝක විනාදයක් සිදුවන්නේ මේ මහා කල්පයේ පහලවන මෛත්‍රී බුදු හිමියන්ද පිරිණිවන් පෑමෙන් පසු දීර්ග කාලයක් ගතවීමෙන් පසුවයි. මේ බුදු දහමට අනුව ඊලග ලෝක විනාශය සහ ඒ සම්බන්දයෙන් බුදු හිමියන් දෙසූ කරුණුයි.

අප ජීවත් වන මෙම කල්පය මහා බද්‍ර කල්පය නමින්ද බුදු දහමේ දක්වා ඇත. එය බුදුවරුන් පස් නමක් පහලවන කල්පයක් මේ දක්වා කකුසද, කෝනාගම, කාශ්‍යප සහ ගෞතම යන බුදුන් වහන්සේලා මෙම කල්පය තුල පහලවී ඇත.

බෞද්ධ සාහිත්‍යයට අනුව බුදු රදුන් පිරිණිවන් පා දීර්ඝ කාලයක් ඇවැමෙන් අධර්මිශ්ඨ මිනිසාගේ ආයු කාලය වසර දහයක් දක්වා අඩු වෙනවා. පසුව දෙවියන්ගේ බලපෑම නිසා මිනිසා ධාර්මිශ්ඨ වීමට පටන් ගන්නවා.

නැවත ක්‍රමයෙන් මිනිසාගේ ආයුශ වැඩි වීමට පටන් ගන්නා අතර ආයුශ වසර අසූ දහස දක්වා වැඩි වූ කල මෛත්‍රී බුදු රදුන් පහළ වන බව පැවසෙනවා. කල්පය යනු කාලය මනිනා ඉතා විශාල ඒකකයක්. එය පිළිබද යම් අදහසක් අපිට ගත හැකියි මේ උදාහරණය තුලින්.

කල්පයක් යනු යොදුනක් දිග යොදුනක් පළල යොදුනක් උස කොටුවක් අබ ඇට වලින් පුරවා වසරකට එක් අබ ඇටය බැගින් ඉවත් කළ ගතහොත් එය හිස් වීමට යන කාලය දල වශයෙන් කල්පයකට සමාන කල හැකියි.මෛත්‍රී බුදුන් පහල වී වසර අසූ දහසක් දම් දෙසා පරිණිර්වාණයට පත් වනවා. එම ධර්මය විනාශ වීමෙන් පසු මිනිසා යලිත් අධාර්මික වන බවත් එය මෙම බද්‍ර කල්පයේ අවසන් හෝරා කිහිපය බව පැවසෙනවා.

සෑම කල්පයක් අවසානයේදීම මහා ගින්නෙන් ලෝක විනාශය සිදු වෙනවා.

ලෝකය විනාශ වෙන්නෙ කොහොමද..? – බුදු ඇසින් දකිමු..!

සියළු ආගම් වල ලෝකය පටන් ගත්ත ආකාරය සහ අවසන් වන ආකාරය ගැන සදහන් පවතිනවනේ. ඒ අතරින් සමහර ආගම් මැවුම්වාදය මුල් කරගත්තත් අපගේ ශේෂ්ඨ ගෞතම බදුරදුන්නම් මැව්ම් වාදය බැහැර කරමින් දේශනා කරේ පරිනාම වාදයට සමාන කරුණු කාරණා කිහිපයක්. හැබැයි අද අපි කථා කරන්නේ ආරම්භය ගැන නෙමෙයි. බුද්ධ දර්ශණය තුල කොහොමද අවසානය දැක්වෙන්නේ කියල.
හරියටම කිවුවොත් ලෝක විනාශය වෙන ආකාරය.

බුදු රදුන් දෙසු පරිදි ලෝකයේ විනාශයට හේතුව සූර්‍යන් හත් දෙනෙකුගේ බලපෑම. දැනට අපි දන්න විද්‍යාව අනුවනම් මේ අවට සුර්‍යන් හත් දෙනෙකු නැහැ. ඒත් එහෙම කියල බුදුන් දෙසු දෙය බැහැර කරන්නනම් කාටවත් බෑ. ඒ මොකද පවතින සූර්‍යා ක්‍රමයෙන් ප්‍රසාරණය වෙන බව අපි දැනටම දන්න කාරණාවක්. මේ සුර්‍යා රක්ත අවස්ථාවට පැමැණෙන විට ඇත්තටම සූර්‍යන් හතක් පෑයුවා වගේ තියේවි. බුදු රදුන් උපමාවකින් දැක්වුයේ මෙය විය හැකියි.

ඉතින් අපි බලමු මේ අවස්ථාව එළඹුන කල්හි ලොව නැසෙන ආකාරය.

පොළව වියලීම නිසා සියළු ශාක මිය යනව ඒ හේතුවෙන් ආහාර නොමැතිව සත්වයන් ක්‍රමයෙන් මේ ලොවින් තුරන් වනව.

දෙවන සූර්‍යා ගේ ආගමනයත් සමග සියළු ජල පහරවල් සිදී යනව.
තුන්වන සුර්‍යා පැමිණීමත් සමගම නයිල් වැනි අති විශාල ගංගා පවා දිය පොදක් නොමැති සේ සිදී යනව.
හතරවන සූර්‍යා පැමිණි පසු අතිවිශාල ජලාශ පවා සිදී යනු ලබනව.
පස්වන සූර්‍යා කෙතරම් ප්‍රභලද යත් එහි රශ්මියට මහා සාගරය පවා සිදී යනු ලබනව.
හයවන සූර්‍යා ගේ ආගමනයත් සමග පෘතුවිය ගිනි කබොල්ලක් බවට පත් වෙනව. කිසිදු ආකාරයක ජීවියෙකුට මෙහි ජීවත් විය නොහැකියි. ගිනි කදු පුපුරා හැලෙමින් එකම ලෝදිය හැලියක් බවට පෘතුවිය පත් වෙනව.
හත්වන සුර්‍යා පැමිණෙන විට ලෝකය එකම ගිනි බෝලයක් පමණයි. තව තවත් උශ්ණත්වය වැඩිවීම නිසා අවසානයේ අපගේ ලෝකය පුපුරා විනාශ වෙනව.

ඉතින් අප තවත් නම් කුමක් රැස් කරන්නද? නොපමාව කුසල් දම් රැස් කරණු විනා.

“සබ්බ දානං ධම්ම දානං ජිනං… ධර්ම දානය සියළු දානයන්ට වඩා උසස්. නොදන්න අයට දැනගන්න ශෙයා කරන්න.

Facebook Comments

more recommended stories

%d bloggers like this: