Ape Rata | අපේ රට | News Sri Lanka | Latest News Sri Lanka | Braking News Sri Lanka| Gossip Sri Lanka – අපක්ෂපාතී වාර්තාකරණයේ පෙරගමන්කරු

Latest News:

ආණ්ඩුව නොවිසුරුවා යහපාලනය දිගටම..!

මෙවර පලත් පාලන මැතිවරණයෙන් පසු ඇති වි තිබෙන දේශපාලන අර්බුදකාරී තත්වය තුළත් යහපාලන ආණ්ඩුව ඉදිරියට ගෙන යාම සදහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ මුලික එකගතාව පළවී තිබේ.

ඒ ඊයේ (13) රාත්‍රී පැවැති සාකච්ඡාවක ප්‍රතිථලයක් ලෙසිනි. මෙම යහපාලන රජයේ ඉදිරියටත් පවත්වාගෙන යාමට නම් රනිල් වික්‍රමසිංහ මහතා අගමැති පදවියෙන් ඉවත් කළ යුතු බවට එක්සත් ජනතා නිදහස් සන්ධානයේ, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඇතැම් මැති ඇමැති වරුන්ගෙන් සහ එජාප පසුපෙළ මන්ත්‍රී වරුන්ගෙන් ජනාධිපතිවරයා වෙත යොමු වූ ඉල්ලීමට සාර්ථක ප්‍රතිචාර ලැබී නොමැති බව පැවසේ.

මෙහදී ජනාධිපතිවරයාගේ සහ අග්‍රාමාත්‍යවරයාගේ ස්ථාවරය වී ඇත්තේ මෙවර පලාත් පාලන මැතිවරණයෙන් ශ්‍රී ලංකා පොදුජනපෙරමුණ ප්‍රකාශිත ඡන්ද සංඛ්‍යාවෙන් වැඩි ප්‍රමාණයක් ලබා නොගැනීම මත ඔවුන් විසින් කරන ලබන රජය විසුරුවා හැරිය යුතුය යන ඉල්ලීම පවා මූලික ප්‍රජාතන්ත්‍රීය සිද්ධාන්ත වලට පටහැනි බවය.

එමෙන්ම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව වත්මන් රජය පවත්වාගෙන යාමේ පුර්ණ හැකියාවක් පවතින බැවින් තව දුරටත් යහ පාලන ආණ්ඩුව ඉදිරියට ගෙන යා යුතු බව ජනාධිපතිවරයාගේත් අගමැතිවරයාගේත් පොදු මතය වී ඇති අතර එසේ යහපාලන අණ්ඩුව ඉදිරියට ගෙන යාමට හැකියාව පිළිබඳ සළකා බැලීමට අද (14) එක්සත් ජාතික පක්ෂ, එක්සත් ජනතා නිදහස් සන්ධානය සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ජ්‍යෙෂ්ඨයන්ගෙන් සැදුම් ලත් විශේෂ කමිටුවක් ද පත් කිරීමට නියමිතය.

 

lakbima