පිරිසිදු දේශපාලන සංස්කෘතියක් සඳහා යන ගමනේ මගේ කඩුවට කව්රු කැපෙයිද දන්නෑ..! (VIDEO)

පිරිසිදු දේශපාලන සංස්කෘතියක් ගොඩනැගීමට යන ගමනේදී පක්ෂ, පාට, වර්ණ හෝ කිසිදු ඥාති සබදතාවයක් නොසළකන බව ජනපති පවසයි.

එක්සත් ජනතා නිදහස් සන්ධානය සමග මෙවර මැතිවරණය සදහා සන්ධානගතව සිටින දේශපාලන පක්ෂ 31ක නායකයින්ගේ සහ නියෝජිතයින්ගේ සහභාගිත්වයෙන් ,නිදහසේ සම්මුතිය, ප්‍රකාශයට පත් කිරීම ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් අද (28) පෙරවරුවේ කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී සිදුවිය.

වංචාවෙන් සහ දූෂණයෙන් තොර පිරිසිදු පාලනයක් සදහා වන ,නිදහසේ සම්මුතිය, මහා සංඝරත්නය ඇතුළු අන්‍යාගමික පූජකවරුන් වෙත පිළිගැන්වීම ජනාධිපතිතුමා අතින් සිදු කෙරිණි.
මෙහිදී අදහස් දැක්වූ ජනාධිපතිතුමා ප්‍රරකාශ කළේ ජාතියේ අනාගතය වෙනුවෙන් පිරිසිදු සහ නිර්මල දේශපාලන සංස්කෘතියක් ගොඩනැගීමට යන ගමනේදී පක්ෂ, පාට, වර්ණ හෝ කිසිදු ඥාති සබදතාවයක් නොසළකන බවයි.

රටට, ජනතාවට ආදරය කරන දූෂණයට, වංචාවට හා නාස්තියට කිසිසේත් හිස නොනමන, අවංක, ඝෘජු දේශපාලන නවකයින් පිරිසක් බිහි කිරීම මෙවර පළාත් පාලන මැතිවරණය තුළින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අපේක්ෂා කරන බව සදහන් කළ ජනාධිපතිතුමා අවංක, පිරිසිදු සහ ජනතාවාදී දේශපාලන ව්‍යාපාරයක් සදහා සුදුසු පුද්ගලයින් තෝරා ගනිමින් අනාගතයේ දී යහපත් ආණ්ඩුවක් ගොඩනැගීම සදහා වන ප්‍රවේශය මෙම මැතිවරණය තුළින් සනිටුහන් කළයුතු බව ද කියා සිටියේය.

දේශපාලනය කරන කිසිදු පුද්ගලයෙකුට පුද්ගලික න්‍යාය පත්‍රයක් තිබිය නොහැකි අතර, ඒ සෑම කෙනෙකුටම තිබිය යුත්තේ රටේ, ජාතියේ සහ ජනතාවගේ අනාගතය වෙනුවෙන් වූ පොදු න්‍යාය පත්‍රයක් බව ද ජනාධිපතිතුමා සදහන් කළේය.

මෙවර පළාත් පාලන මැතිවරණය කොට්ඨාශ ක්‍රමයට පැවැත්වීමට හැකීවීම විශාල ජයග්‍රහණයක් බවත්, යහපත් දේශපාලන සංස්කෘතියක් සදහා ප්‍රවේශය ඒ තුළින් සිදුවන බවත් සදහන් කළ ජනාධිපතිතුමා, පසුගිය වසර දෙකේ ආණ්ඩුව තුළත්, විපක්ෂය තුළන් ඒ වෙනුවෙන් විශාල සටනක් කිරීමට සිදුවූ ආකාරය ද සිහිපත් කළේය.

එක්සත් ජනතා නිදහස් සන්ධානය විසින් ප්‍රකාශයට පත් කරන නිදහසේ සම්මුතිය රටේත්, ජාතියේත් මෙන්ම අද සිටින සහ හෙට උපදින දරු පරපුරේ අනාගතය වෙනුවෙන් වූ සම්මුතියක් බව සදහන් කළ ජනාධිපතිතුමා එම සම්මුතිය තුළ යහපත් අනාගත දේශපාලන දැක්මත් සහ පිරිසිදු දේශපාලන ව්‍යාපාරයකට අවශ්‍ය පිරිසක් රට තුළ ගොඩනැගෙනු ඇති බවද සදහන් කළේය.
එමෙන්ම විනයෙන්, හික්මීමෙන් හා මැතිවරණ නීතිරිතීවලට අනුකූලව ප්‍රචණ්ඩත්වයෙන් තොර ආදර්ශමත් මැතිවරණ ව්‍යාපාරයක් සදහා සියලූදෙනාගේ කැපවීම ද මෙහිදී අවධාරණ කළ ජනාධිතිතුමා යහපත් පළාත් පාලන ආයතනයක් වෙනුවෙන් ජනතාවට ලබාදෙන පණිවිඩය එය බවද සදහන් කළේය.

නිදහසේ සම්මුතිය පිළිබද ප්‍රතිඥාව ඉදිරිපත් කිරීම එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහලේකම් අමාත්‍ය මහින්ද අමරවීර මහතා විසින් සිදුකළ අතර සියලූදෙනා එක්ව නිදහසේ සම්මුති ප්‍රතිඥාව සහ දිවුරුම්දීම සිදු කළහ.

අමරපුර මහා නිකායේ උත්තරීතර මහානායක අතිපූජ්‍ය කොටුගොඩ ධම්මාවාස මහානායක හිමිපාණන් වහන්සේ ප්‍රමුඛ මහා සංඝරත්නය ද, අන්‍යාගමික පූජකවරුන් ද, එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහලේකම් අමාත්‍ය මහින්ද අමරවීර, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උප සභාපති නිමල් සිරිපාල ද සිල්වා, අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත යන මහත්වරුන් ඇතු`ථ පක්ෂයේ ජ්‍යෙෂ්ඨයින් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

Facebook Comments

more recommended stories

%d bloggers like this: