රටේ ජනතාව රොද බදින්නේ පිරිසිදු දේශපාලන ගමනක් වෙනුවෙන් – ජනාධිපති

මෙවර පළාත් පාලන මැතිවරණයට එක්සත් ජනතා නිදහස් සන්ධානය යටතේ තරග වදින අපේක්ෂකයන්ගේ ජය තහවුරු කෙරෙන ජනහමු මාලාවේ මඩකලපුව දිස්ත්‍රික් සහ කන්තලේ ජනහමුව ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් ඊයේ පැවැත්විනි.

ජාති, ආගම් බේදයකින් තොරව මඩකලපුව දිස්ත්‍රික්කයේ අතිවිශාල ජනතාවක් මෙම ජනහමුවට එක්ව සිටී අතර, අතිබහුතර වූ ද්‍රවිඩ ජනතාවකගෙන් ක්‍රීඩාංගණය පිරි ඉතිරි ගොස් තිබුණි.

ත්‍රිකුණාමල දිස්ත්‍රික් ජන හමුවක් අද(21) පස්වරුවේ කන්තලේ, භාතියගම ක්‍රීඩාංගණයේදී අතිවිශාල ජනකායකගේ සහභාගිත්වයෙන් පැවැත්විණි.

ක්‍රීඩාංගණ දෙකටම රැස්ව සිටී ජනතාවගෙන් මෙහිදී ජනාධිපතිතුමාට හිමිවූයේ උණුසුම් ප්‍රතිචාරයකි.

ටී.එම්.වී.පී පක්ෂයේ හිටපු භාණ්ඩාගාරික එරාවුර්පත්තු ප්‍රාදේශීය සභාවේ හිටපු උප සභාපති තම්බිනායගම් කලේන්ද්‍රන් මහතා මෙහිදී ජනාධිපතිතුමාට සහය පළකරමින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට එක්විය.

 

රටේ ජනතාව රොද බදින්නේ පිරිසිදු දේශපාලන ගමනක් වෙනුවෙන්..!

 

මෙවර මැතිවරණ ව්‍යාපාරය තුළ වේගයෙන් ඉදිරියට පැමිණ තිබෙන පක්ෂය ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂය ප‍්‍රමුඛ එක්සත් ජනතා නිදහස් සන්ධානය බව දේශපාලනයෙන් තොර සමීක්ෂණ වාර්තා පෙන්වා දෙන බව ජනාධිපතිතුමා පවසයි.

ඒ පිළිබද විමර්ශන සිදුකළ උගතුන් සහ බුද්ධිමතුන් ද මේ බව පෙන්වා දී තිබෙන බව සදහන් කළ ජනාධිපතිතුමා රටේ ජනතාව මේ රොද බදින්නේ පිරිසිදු දේශපාලන ගමනක් වෙනුවෙන් බව ද කියා සිටියේය. ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා මේ බව පෙන්වා දුන්නේ කන්තලේ ප‍්‍රදේශයේ පැවති ජන හමුවක් අමතමිනි.
ජනතාවගේ දේපළ ආරක්ෂාකර ගැනීමට, රාජ්‍ය භාණ්ඩාගාරය රැක ගැනීමට මෙන්ම සංවර්ධනයට මුවාවීටෙන්ඩර්වලින් ගසා කෑ යුගය නිමා කිරීමට නම් මෙවර පැවැත්වෙන පළාත් පාලන මැතිවරණයෙන් ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂය ප‍්‍රමුඛ එක්සත් ජනතා නිදහස් සන්ධානය ජයග‍්‍රහණය කරවියයුතු බව ද ජනාධිපතිතුමා මෙහිදී කියා සිටියේය.

ජනතා මුදල් කොල්ලකෑ සහ සංවර්ධනයට මුවා වී ජනතා මුදල් ගසාකැ දේශපාලන සංස්කෘතිය තුළ අද වෙනත් කිසිදු පක්ෂයක නායකයෙකුට දේශපාලන වේදිකාවට පැමිණ තම පිරිසිදු බව සහ ජනතාවාදී බව ප‍්‍රකාශ කළ නොහැකි බව පැවසූ ජනාධිපතිතුමා වංචාවෙන් දූෂණයෙන් හා හොරුන්ගෙන් තොර පොඩි මිනිසුන්ගේ පක්ෂයක් වන ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂය ශක්තිමත් කරමින් ජනතාවාදී ගමනක ඇරඹුම තමා මේ වන විටත් සනිටුහන්කර තිබෙන බව ද කියා සිටියේය.

වංචාවෙන්, අක‍්‍රමිකතාවයෙන් යුත් දූෂිත දේශපාලන ක‍්‍රමය අවසන් කිරීමට නම් මෙම පෙබරවාරි 10 වනදා පැවැත්වෙන මැතිවරණයේදී බුලත් කොළයට ඡුන්දය ලබාදී ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂයේ ගමන ශක්තිමත් කරමින් නව ගමනකට සූදානම් විය යුතු බව ද පැවසූ ජනාධිපතිතුමා ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂය හැර වෙනත් පක්ෂකයට ඡුන්දය භාවිතා කිරීමට යම් පුද්ගලයෙක් කටයුතු කරන්නේ නම් ඒ දූෂණයට වංචාවට, අක‍්‍රමිකතාවයට මෙන්ම පවුල්වාදයට සහය දෙමින් රටේ නිදහස සහ ප‍්‍රජාතන්ත‍්‍රවාදය අහිමි කිරීමට කටයුතු කිරීමක් බව ද කියා සිටියේය.
තමා බලයට කෑදර හෝ සදාකාලිකව ජනාධිපති ධූරයේ රැදී සිටීමට පැමිණි අයෙක් නොවන බව ද මෙහිදී පැවසු ජනාධිපතිතුමා 1978 ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව සම්මතකරගත් දා සිට බලයට පත්වූ සෑම ජනාධිපතිවරයෙක්ම ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ යම් සංශෝධනයක් සිදුකළා නම් හෝ නව පනතක් සම්පාදනය කරගත්තා නම් ඒ තම ජනාධිපති ධූරයේ බලතල ශක්තිමත් කර ගැනීම ස`දහා පමණක් බවත්, එසේ ශක්තිමත් කළ බලතළ තමා කිසිදු පැකිළිමකින් තොරව ජනතාව වෙනුවෙන් පාර්ලිමේන්තුවට පවරාදුන් අයුරුත් සිහිපත් කළේය. බෝඩි ලෑලිවලට සීමාවී තිබූ කොමිෂන් සභා ජනතාවාදී කළේ තමා විසින් බව ද ජනාධිපතිතුමා මෙහිදී කියා සිටියේය.

අලූත් ගමනකට සූදානම්වීම නුහුරු නුපුරුදු වුවද මෙවර පළාත් පාලන මැතිවරණය තුළින් ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂය ශක්තිමත් කර 2020 මැතිවරණයේදී පාර්ලිමේන්තුව ශක්තිමත් කරමින් ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂ ආණ්ඩුවක් බිහිකිරීම ස`දහා රට වෙනුවෙන් සියලූදෙනා පෙළගැසිය යුතු බව ද ජනාධිපතිතුමා ප‍්‍රකාශ කළේය. එමෙන්ම මෙවර මැතිවරණය තුළ කාන්තා නියෝජනය ඉහළ දමා ඇත්තේ මාතෘත්වය මුල්කරගත් කාන්තා නියෝජනය ඉදිරියේදී ජාතික දේශපාලනය තුළ ඉහළ නැංවීම ස`දහා බව ද ජනාධිපතිතුමා කියා සිටියේය.

ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂය ප‍්‍රමුඛ එක්සත් ජනතා නිදහස් සන්ධානය විසින් මෙවර පළාත් පාලන මැතිවරණය වෙනුවෙන් ජනාධිපතිතුමාගේ ප‍්‍රධානත්වයෙන් දිවයින පුරා සංවිධානය කර තිබෙන ජන හමු මාලාවේ ති‍්‍රකුණාමල දිස්ති‍්‍රක් ජන හමුව කන්තලේ භාතියගම කි‍්‍රඩාංගණයේදී මෙලෙස අතිවිශාල ජනතාවකගේ සහභාගිත්වයෙන් පැවැත්විණි.

ති‍්‍රකුණාමල දිස්ති‍්‍රක්කයේ කඩවත්ගම ප‍්‍රාදේශීය සභාවට පොදුජන පෙරමුණෙන් තරග වදින අපේක්ෂක සුමිත් අමරසිංහ මහතා සහ ගෝමරන්කඩවල ප‍්‍රාදේශීය සභාවට තරගවදින අපේක්ෂක උපුල් කුමාර මහතා පිරිසිදු දේශපාලන ව්‍යාපාරයක් වෙනුවෙන් ජනාධිපතිතුමාගේ වැඩපිළිවෙළට සහය පළ කරමින් ජනාධිපතිතුමා හා එක්වීමද විශේෂත්වයක් විය.

 

Facebook Comments

more recommended stories

%d bloggers like this: