“මොන පක්ෂයේද මට අදාල නෑ. වැරදි කලොත් කාටත් දඬුවම එකයි..! – ජනාධිපති මෛතී‍්‍ර (VIDEO)

මිහින් එයාර් සහ ශී‍්‍ර ලංකන් ගුවන් සේවයේ සිදුවූ වංචා දූෂණ පිළිබද සෙවීමේ නව ජනාධිපති කොම්සම ලබන සතියේ පත්කරන බව ජනාධිපතිතුමා පවසයි. ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා මේ බව ප‍්‍රකාශ කළේ අද (13) පස්වරුවේ දඹුල්ල ගම්උදා කී‍්‍රඩාංගණයේ පැවති ජන හමුවක් අමතමිනි.

පසුගිය රජය සිදුකළායැයි පවසන සංවර්ධනයේ කලු – සුදු බව ඉදිරියේදී තවදුරටත් රටේ ජනතාවට අනාවරණය වනු ඇති බව මෙහිදී සදහන් කළ ජනාධිපතිතුමා කුමන අභියෝග හමුවේ වුවද දූෂිත දේශපාලනය වෙනස් කර රට හැදීමේ අභියෝගය ජය ගන්නා බව අවධාරණය කළේය.

ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ 18 වැනි සංශෝධනය ගෙනවිත් සිය ජීවිත කාලය පුරා ධූරයේ රැදී සිටීමට ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව වෙනස් කළ ප‍්‍රතිපත්තිය 19 වන ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනය හරහා අහෝසි කර දැමුවේ තමන් බව ද ජනාධිපතිතුමා මෙහිදී සදහන් කළේය. බලයට පැමිණි ලෝකයේ කිසිදු රාජ්‍ය නායකයෙකු සිදු නොකළ අන්දමින් විධායක ජනාධිපති ධූරයේ අසීමිත බලතල පාර්ලිමේන්තුවට පවරා දීමට කටයුතු කළ එකම නායකයා වන්නේ තමන් බව ද ජනාධිපතිතුමා කියා සිටියේය.

පොලිස්පති, නීතිපති මෙන්ම ශ්‍රේෂ්ඨාධිකරණයේ සියලූ විනිසුරුවරුන් සහ ස්වාධීන කොමිෂන් සභා පත් කිරීම ද එදා ජනාධිපතිවරයා විසින් සිදු කළ අතර එය වෙනස්කර පාර්ලිමේන්තුවේ ව්‍යවස්ථා සභාවක් වෙත එම වගකීම පවරා දුන්නේ ද තමන් බව පැවසු ජනාධිපතිතුමා පසුගිය සමයේ අරලියගහ මන්දිරයේ පණිවිඩ අනුව අධිකරණවලින් නියෝග ලබාදුන් අන්දම ද මේ රටේ ජනතාවට අමතක නොවනු ඇති බව කියා සිටියේය.

වතුර ඉල්ලා හැඬූ රතුපස්වල අහිංසක ජනතාවට යුධ හමුදාව දමා වෙඩි තැබු ක‍්‍රමයද වෙනස් කළේ තමා බව පැවසු ජනාධිපතිතුමා අද රණවිරු දඩයමක් ගැන ආණ්ඩුවට චෝදනා කරන අය එදා යුද්ධය කළ නායකයා වූ ජනරාල් සරත් ෆොන්සේකා සිරගත කළ අයුරු ද සිහිපත් කළේය. හෘද සාක්ෂියට අනුව ඔවුන් කථා කරන්නේනම් නිදහස සහ ප‍්‍රජාතන්ත‍්‍රවාදය අගයන බණ්ඩාරනායක දර්ශනය හෝ ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂයේ ප‍්‍රතිපත්තිය එදාද ඔවුන් තුළ නොතිබූ අතර වංචා දූෂණ සහ අක‍්‍රමිකතා සිදුකරමින් මහජන මුදල් ගසා කෑවේද පක්ෂයේ ප‍්‍රතිපත්ති මෙන්ම ගෞරවය ද බිද දමමින් බව ජනාධිපතිතුමා සදහන් කළේය.

අද සත්‍ය තත්ත්වය මේ රටේ ජනතාව අබෝධ කර ගනිමින් සිටින අතර මෙම පෙබරවාරී 10 වනදා පැවැත්වෙන පළාත් පාලන මැතිවරණයෙන් ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂය වැඩිම ජනතා බලවේගය ඇති පක්ෂය බවට පත්වනු ඇති බවද අවධාරණය කළේය.

එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් මෙවර පළාත් සභා මැතිවරණයට ඉදිරිපත්ව සිටින අපේක්ෂකයින්ගේ ජය තහවුරු කිරීම සදහා ජනාධිපතිතුමාගේ ප‍්‍රධානත්වයෙන් දිස්ති‍්‍රක් මට්ටමින් පැවැත්වෙන ජනහමු මාලාවේ මාතලේ දිස්ති‍්‍රක් පළමු ජන හමුව මෙලෙස අතිවිශාල ජනතාවකගේ සහභාගිත්වයෙන් පැවැත්විනි. මෙහිදී ජනතාවගෙන් ජනාධිපතිතුමාට හිමිවූයේ උණුසුම් ප‍්‍රතිචාරයකි.

ප‍්‍රදේශයේ කෘෂිකර්ම කටයුතු සංවර්ධනය කිරීම වෙනුවෙන් මෙන්ම ගොවි ජනතාවගේ ආර්ථිකය නගා සිටුවීම වෙනුවෙන් රජය ගෙනයන වැඩපිළිවෙළ පිළිබදවද අදහස් දැක්වූ ජනාධිපතිතුමා කියා සිටියේ දඹුුල්ල ආර්ථික මධ්‍යස්ථානය භෞතික වශයෙන් සංවර්ධනය කිරීම වෙන්ම එහි පරිපාලනය නිසි කළමනාකරණයකට යටත් කරමින් එහි පවතින වංචා දූෂණ නතර කර ආර්ථික මධ්‍යස්ථානයේ නිසි ප‍්‍රතිලාභ සියලූදෙනාට ලබාදීමට ඉදිරියේදී පියවර ගන්නා බවයි.

 

Facebook Comments

more recommended stories

%d bloggers like this: