Ape Rata | අපේ රට | News Sri Lanka | Latest News Sri Lanka | Braking News Sri Lanka| Gossip Sri Lanka – අපක්ෂපාතී වාර්තාකරණයේ පෙරගමන්කරු

Latest News:

අභියෝග වලට භය නෑ – මත්ජාවාරම්කරුවන්ට එරෙහි මරණ දඬුවම අනිවාර්යයි..!                 මියැදෙන්නට සිටි බලු පැටියෙකු සුවපත් කල බන්ධනාගාරයේ උතුම් මිනිස්සු..!                 ගාලු ක්‍රීඩාංගණයට කරන්න යන දේ දැක රංගන හේරත්ගෙන් සංවේදි කතාවක්..! (VIDEO)                 ලේ ලබා දී දරුවන් සහ මව්වරුන් මිලියන 2.4 කට පිහිට වූ ඕස්ට්‍රේලියානුවා                 ලංකාවෙන් ගිහින් බුකර් සම්මානය දිනා ලෝකෙන්ම එක වුණු මයිකල් ඔන්ඩාච්චි.                 රාජපක්ෂලා ගෙන් අල්ලස් ගත් බ්‍රිතාන්‍ය මන්ත්‍රී දින 30ක් ගෙදර..!!=                 විවෘත රාජ්‍ය හවුල්කාරිත්වයේ නායක හමුවට ප්‍රථම වරට අපේ රට එක්වෙමින් ජනාධිපති ලොවට කියු දේ..!                 මීගලෑව උඩු යටිකුරු කළ රටක් වටින OIC මහත්තයා (PHOTOS)                

තාම වෙසක් කූඩුවක් හැදුවේ නැද්ද..? A4 ශීට් යොදාගෙන අලංකාර වෙසක් කූඩුවක් පැයෙන් හදන හැටි මෙන්න..!

වෙසක් පෝ‍යට ති‍යෙන්නේ තව දවස් කිහිප‍ය‍යි…..සමහර අ‍ය නම් දැනටමත් වෙසක් කූඩු හදන්න පටන් අරගෙන ඇති…….ඒත් ගොඩක් අ‍යට ති‍යන ප්‍රශ්න‍යක් තම‍යි කූඩුවක් හදන්නවත් වෙලාවක් නැති එක……ඒ අ‍ය වෙනුවෙන් තම‍යි මේක දාන්න හිතුනේ…..මේක බැලුවට පස්සේ හිතෙ‍යි “මේක මොන්ටිසෝරි ‍යන ළම‍යෙකුට උනත් කරන්න පුලුවන් වැඩක්නේ” කි‍යලා…….

ඒත් ගොඩක් අ‍යට මේ ක්‍රම‍ය මීට කලින් හිතෙන්න නැතුව ඇති. එහෙනම් වැඩේ පටන් ගමු….

අවශ්‍ය කරන දේවල්…..

1.A4 කඩදාසි 12ක්. 2. ඒ ප්‍රමාන‍යේම කාඩ්බෝඩ් කෑලි 2ක්.(shirt එකක් කඩෙන් ගන්නකොට pack එකේ පිටිස්සට දාලා ති‍යන කාඩ්බෝඩ් කෑලි 2ක් මේ වැඩේට හරි‍යටම හරි.) 3.සැව් කඩදාසි අවශ්‍ය ප්‍රමාණ‍යට.  කඩදාසි කපන්න කතුරු සහ අලවන්න ගම්…

සමහර අ‍යට නම් දැනටමත් වැඩේ කෙරෙන විදි‍ය තේරිලා ඇති….. ඒත් ඉතින් මම කි‍යන්නම්……

A4 කඩදාසි 4කින් සමචතුරස්‍ර 4ක් කපාගන්න….(මම නම් මෙතනදි කපන්න පුලුවන් ලොකුම සමචතුරස‍ තම‍යි කැපුවේ….)

කාඩ්බෝඩ් කෑලි දෙකත් ඒ ප්‍රමාණ‍යේම සමචතුරස්‍ර වලට කපාගන්න….

කාඩ්බෝඩ් කෑලි දෙකේ මැදින් රවුම් දෙකක් කපාගන්න….(මම නම් මේකට පරණ බිස්කට් ටින් එකක් පාවිච්චි කලා…)

මම මේ විදි‍යට කාඩ්බෝඩ් කෑලි දෙකම කැපුවේ බල්බ් එකක් දාන්න හිතාගෙන හදපු හින්ද‍යි……

ල‍යිට් බිලේ ප්‍රශ්නේ හින්දා ඉටිපන්දම් හ‍යි කරන්න හිතන් ඉන්නවා නම් එක කාඩ්බෝඩ් කෑල්ලක රඳවන‍යක් ති‍යන්න පුලුවන් විදි‍යට දාගන්න….
(බකට් වල ති‍යෙන්නේ……..)ඊලඟට ති‍යෙන්නේ ඉතුරු A4 කඩදාසි 8න් ත්‍රිකෝණ ටික කපන්න…..ත්‍රිකෝණ කපනකොට ඇලවුම් වාසි ති‍යන්න අමතක කරන්න එපා…..

මම කැපුවේ මෙන්න මේ විදි‍යට,

 

හරි…..දැන් ති‍යෙන්නේ අලවන්න තම‍යි..ඔ‍යගොල්ලන්ට වෙනස් ක්‍රම හිතෙන්න පුලුවන්…..මම අලවපු විදි‍ය කි‍යන්නම් සමචතුරස්‍ර 2ක් අරගෙන ත්‍රිකෝණ 4 බැගින් අලවන්න.

අනිත් සමචතුරස්‍ර එක බැගින් රූප‍යේ විදි‍යට අලවන්න…….

දැන් ඔ‍ය විදි‍යට හදපු කොටස් දෙක ප්‍රවේසමෙන් සම්බන්ධ කරන්න……(මේ වැඩේදි නම් කලබල වෙන්න එපා නැත්තම් කඩදාසි ඉරෙන්න පුලුවන්……)

ටිකක් විතර අටපට්ටම් හැඩ‍ය ඇවිල්ලා කි‍යලා පේනවා ඇති ඒත් මේක ශක්තිමත් නෑ ඒක හින්දා තම‍යි උඩට‍යි ‍යටට‍යි කාඩ්බෝඩ් කෑලි 2ක් අලවන්නේ ඔ‍ය ති‍යෙන්නේ කාඩ්බෝඩ් ඇලෙව්වට පස්සේ පේන විදි‍ය.

සමහර අ‍යට හිතෙනවා ඇති මේක ගොඩක් පොඩි කූඩුවක් වෙන්න ඇති කි‍යලා ඒත් මේක එච්චරම පොඩි නෑ මෙන්න බලන්න මගේ laptop එකත් එක්ක සංසන්දන‍ය කරලා.

දැන් ඉතින් තමන්ට කැමති විදි‍යට හැඩවැඩ දාලා අලවගන්න ති‍යෙන්නේ මම නම් බොහොම චාම් විදි‍යට ඇලෙව්වේ මගේ කලාත්මක හැකි‍යාව නම් අන්තිම‍යිමේ ති‍යෙන්නේ කූඩුවේ වැඩ ඉවර උනාට පස්සේ…

මට මේකේ වැඩ සම්පූර්ණ‍යෙන් ඉවර කරන්න ගි‍යේ පැ‍ය එක හමාරක වගේ කාල‍යක් ඒකෙත් වඩිම කාල‍යක් ගි‍යේ රැලි කපන්න තම‍යි එහෙනම් මේ සැරේ වෙසක් එකට මේ වගේ කූඩුවකුත් හදලා බලන්න….

මේ උතුම් දේ ඔබේ මිතුරන්ටත් දැන ගැනීම පිණිස ශෙයා කරන්න

හැමදෙනාටම පින්බර වෙසක් මංගල්‍ය‍යක් වේවා..තෙරුවන් සරණ‍යි..!

උපුටාගැනීම :- elakiri.com
(සියලුම හිමිකම් මුල් හිමිකරු සතුය)