ලයිෆ් ජැකට් නොදා බෝට්ටු පැදපු එකට දඩේ ගිහින් ගෙවපු ඕස්ට්‍රේලියානු අගමැතිවරයා. (PHOTO)

ඕස්ට්‍රේලියානු අගමැති මැල්කම් ටර්න්බුල් පසුගියදා සිය නිවස ආසන්නයේ සිඩ්නි නුවර ජලාශයකදී ජීවිතාරක්ෂක ජැකට් නොපැළඳ බෝට්ටුවක් පදවායාමේ වරදට එරට නාවුක අධිකාරිය වෙත ඩොලර් 250 ක දඩයක් ගෙවා තිබේ.

ඔහු බෝට්ටුවේ ගමන් කරමින් සිටින අයුරු දුටු පුද්ගලයෙකු ඡායාරූපයක් ලබාගෙන තිබුණ අතර එය පසුදින The Australian පුවත්පතේ පළව තිබුණි. මෙම සිද්ධිය පුවත්පතේ වාර්තාකර තිබුනේ ඔහු ජීවිතාරක්ෂක ජැකට්ටු පළඳා නොතිබීම වැරදි පූර්වාදර්ශයක් බවද සඳහන් කරමිනි.

මේ පුවත දුටු අගමැතිවරයා එදිනම තමන් කළ වරද ගැන සමාව ඉල්ලමින් සිය නිල ෆේස් බුක් පිටුවේ සටහනක් පළ කර තිබුණ අතර ඔහු විසින්ම නාවුක අධිකාරිය වෙත ඇමතුමක් ලබාගෙන තමන් කළ වරදට අදාළ දඩය ගෙවන්නට සූදානම් බව දන්වා ඇත.

ඉතා කෙටි දුරක් පදවා යායුතු බෝට්ටුවක් වූ බැවින් ජැකට්ටුව පැළඳීම තමා අමතක කර දැමූ බවත් එය තාක්ෂණික වශයෙන් නීතිය නිවැරදි වුවත් එවෙලේ ප්‍රායෝගික පහසුව සැලකූ බවත් දන්වා තිබෙන අගමැතිවරයා කෙසේ වෙතත් තමා කළේ වරදක් බැවින් එයට නියමිත දඩය ගෙවීමට තමා බැඳුණ බව දන්වා තිබුණි.

එය අගමැතිවරයාගේ ෆේස්බුක් පිටුවේ සඳහන් කල තිබුනේ මෙලෙසින්,

Water safety is all important especially at this time of year and as I discovered today we all need to be very alert to rules about wearing life jackets. Yesterday I was moving an inflatable dinghy from a jetty into the beach – only about 20 metres and always very close to the shore.

I wasn’t wearing a life jacket, but as NSW Maritime explained to me today when I called them, because I was in the dinghy alone, even for that very short distance the NSW regulations required me to wear one. The rules can often seem very technical, but they are there to keep us safe and we should all comply with them. So lesson learned; I will make sure I always wear a life jacket in my dinghy regardless of how close I am to the shore, just as I always do on my kayak.

Facebook Comments

more recommended stories

%d bloggers like this: