ලංකාවේ පිරිමි සමලිංගිකයින් වැඩිවෙයි – රජයෙන් නොමිලේ කොන්ඩම්..! (VIDEO)

ශ්‍රී ලංකාවේ හඳුනාගත් සමලිංගික පිරිමින් මේ වන විට හත්දාස් පන්සියයක් පමණ සිටින බව වාර්තා වනවා.

ජාතික ලිංගාශ්‍රිත රෝග හා ඒඩ්ස් මර්දන ව්‍යාපාරයේ අධ්‍යක්ෂ වෛද්‍ය සිසිර ලියනගේ මහතා මේ බව හෙළි කළා.

එනමුත් නිෂ්චිතව හඳුණා නොගත් සමලිංගික පිරිමින් ගණන ඊට වඩා වැඩි බවයි ඔහු වැඩිදුරටත් පවසන්නේ.

එමෙන්ම අන්තර්ජාලය සහ සමාජ ජාල මගින් දැන හඳුණාගෙන ලිංගික සම්බන්ධතා ඇතිකරගන්නා පුද්ගලයින් විශාල ප්‍රමාණයක් සිටින බවත් එවැන්නන්ගේ සංඛ්‍යාව නිෂ්චිතව සොයාගැනීමට මේවන විටත් නොහැකි වී තිබෙන බව ද වෛද්‍ය ලියනගේ මහතා පවසනවා.

සමලිංගිකයින් ශ්‍රී ලාංකීය සමාජය තුළ ප්‍රතික්ෂේප වන නිසා ඔවුන් වෛද්‍ය පරීක්ෂණ සඳහා යොමු නොවන බැවින් එම පුද්ගලයින් අතර ඒඩ්ස් වැනි රෝග පවතියි දැයි හඳුණාගැනීම දුෂ්කර වී ඇති බව ද ඔහු පැහැදිලි කළා.

කෙසේ වෙතත් සැක සහිත පුද්ගලයන් ලක්ෂ 12කගේ පමණ රුධිර සාම්පල පරික්ෂා කළ බවත් ඒ අතරින් ඒඩ්ස් ආසාදිතයින් 280 දෙනෙකු පමණ වාර්තාවූ බවයි ඒ මහතා වැඩිදුරටත් ප්‍රකාශ කරන්නේ.

එලෙස වාර්තාවූ ඒඩ්ස් ආසාදිතයින් අතරින් කාන්තාවන්, පුරුෂයන් හා ළමා රෝගීන් සිටි බවත් ඉන් වැඩි පිරිසක් සමලිංගික පිරිමින් බවයි වෛද්‍යවරයා පෙන්වා දී ඇත්තේ.

කොන්ඩම් භාවිත නොකර අනාරක්ෂිතව ලිංගික ක්‍රියාවලියේ යෙදීම සමාජ රෝග පැතිරීමට ප්‍රධාන හේතුවක් බවත් මීට අමතරව සිපිලිස්, ගොනෝරියා, රෝගීන්ද හමුවූ බවත් වෛද්‍ය සිසිර ලියනගේ මහතා පෙන්වාදුන්නා.

සමලිංගික පිරිමින් හරහා ලිංගාශ්‍රිත රෝග මර්ධනය සඳහා කොන්ඩම් බෙදාදීම වැනි විශේෂ වැඩකටයුතු රැසක් මේ වනවිටත් රටතුල ක්‍රියාත්මක බව පැවසූ ඒ මහතා ඒඩ්ස් සහ විවිධ සමාජ රෝග වැළඳුණු රෝගීන්ගේ වැඩිම පිරිසක් කොළඹ, ගම්පහ, ගාල්ල, කළුතර, කුරුණෑගල යන දිස්ත්‍රික්කවලින් වාර්තාවූ බව ද ප්‍රකාශ කළා.

Facebook Comments

more recommended stories

%d bloggers like this: